(03) The Dragon King

192 33 50
                                    

මෙසිඩෝනාව කියන්නේ හැමඅතින්ම සාර්ථකත්වයට ළඟා වුන රාජ්‍යයක්. ඒකට හේතුව වුනේ එහෙ ජීවත් වන පිරිසට තිබුන බුද්ධිමත්බව වගේම ශක්තිමත්බව. පරාම්පරිකව පැවතගෙන මකරැන්ගෙන් සමන්විත රාජ්‍යයක් වුන මෙසිඩෝනාව පාලනය කලේ ඩ්‍රැගෝ කිම් වංශය. මේ වංශයේ පාලකයන්ගෙ තිබුන සුවිශාල බුද්ධිය වගේම ශක්තිමත් ස්වාධීන බව නිසා මෙසිඩෝනාව හැමඅතින්ම දියුණුව කරාම ළඟා වුනා.

මෙසිඩෝනාවේ නව පාලකයාට ඕන කලේ පාලන බලය එයා අතට අරගෙන හැම මකර වංශයකටම ඒ සාර්ථකත්වය අත්කර දෙන්න. ඉතින් එයා එයාගේ අදහස්වලට අනුව අනික් හැම වංශයකටම එකට එකතු වෙන්න ආරාධනා කලා. මෙසිඩෝනාවේ නව පාලකතුමා ගැන තිබුන පැහැදීම නිසා එක් මකර වංශයක් ඇරෙන්න හැම වංශයක්ම ඒ අදහසට එකඟ වුනේ ඩ්‍රගන් පරම්පරාවට එක් පාලකයෙක්.. ඩ්‍රැගන් කින්ග් කෙනෙක්ව තෝරගෙනයි.

මෙසිඩෝනාවේ පාලකයා උන කිම් නම්ජුන් ඩ්‍රැගන් කින්ග් විදියට ලේසියෙන්ම තේරිපත් වුනේ කිරැළ හිමි කුමාරයක් පටන් කාලයේ ඉදන්ම එයාට තිබුන අසාමාන්‍ය දැනුම සහ නොයෙක් දක්ෂතාවයන් වගේම මකර පරම්පරාවට දශක ගණනාවකට පස්සේ පහළ වුන එකම බ්ලැක් ඩ්‍රැගන් කිම් නම්ජුන් වුන නිසයි.

බ්ලක් ඩ්‍රැගන් කෙනෙක් කියන්නේ අනෙක් සියලුම මකර විශේෂවලින් බලවත්ම.. ශක්තිමත්ම වගේම දරැණුම විශේෂයක්. ඉතින් ඩ්‍රැගන් කින්ග් විදියට තේරිපත් වෙන්න හොදම සුදුස්සා උනේ කිම් නම්ජුන්.

" අපි... ගැවේනියා වලට ඇටැක් කරනවා.. ඊළඟ සිකුරාදා වෙද්දි හැම යුනිට් එකකම ෆෝසස් රෙඩි වෙලා තියන්න ඕනේ.. ගැවේනියාවල කින්ග්ට මගේ මැසේජ් එක දැන්ම යවන්න... !!! "

" මයි ලෝඩ්..... ඒත් මේක කරන්නම ඕනෙද...? "

නම්ජුන් ලෑස්ති වුනේ එයා ළඟ තිබුන අන්තිම ඔප්ශන් එකට යන්නයි. තමන්ට පක්ෂපාති නොවුන එකම මකර වංශය වුන වැන්ග්වරැ පාලනය කරන ගැවේනියාවට එරෙහිව යුද්ධ කරන්න එයා සුදානම් උනා. විශාල වට මේසයේ ප්‍රධාන අසුනේ සුවපහසු විදියට අසුන් ගෙන හිටපු නම්ජුන් එයාගෙන් ප්‍රශ්න කරපු ප්‍රධාන ආරක්ෂක මින් යුන්ගි දිහාවට පා කලේ දරැණු බැල්මක්.

          

" මම ලේ වැගිරීමක් වළවක්වන්න කරන්න පුලුවන් හැමදේම කලා.... අනික.. අපි ඇටැක් කරන්නේ.. ප්ලෑන් එකකට...!! "

නම්ජුන් පැහැදිලි කරාට පස්සේ වට මේසයේ උන් සියලුම මකර වංශිකයින් ඊට එකඟව නිහඬ වුනා.

" ඩ්‍රැගෝ...මින් වගේම පාක් ක්ලෑන් එක ගැවේනියාවල ලෙෆ්ට් සයිඩ් එක කවර් කරන්න... රයිට් සයිඩ් එකට... ජොන්.. වගේම ජන්ග් ක්ලෑන්.. එක.. එන්ටර් වෙන්න ඕන ඊට පස්සේ... දෙපැත්තෙන්ම වෙන වෙනම හිර වෙද්දි.. එයාලට ආමාරැයි... කිම් ක්ලෑන් එක ගැවේනියාවල මේන් එන්ට්‍රන්ස් එකෙන් මාත් එක්ක.. යන්න ඕන...!! ඉතුරැ ක්ලෑන්ස් ඔක්කොම.. ගැවේනියා වටේට ඉන්න ඕනේ..! "

" ම්මම.. එතකොට... මම ඔයාලට පර්මිශන් දෙනකල්.. කාටවත්ම ඩ්‍රැගන් කෙනෙක් විදියට චේන්ජ් වෙන්න බැහැ... වී හෑව් ටු ඩු අ පියෝ.. ෆයිට්..!! "

නම්ජුන් එයාගේ සැලැස්ම විස්තර කරද්දි හැමෝම එයාට සාවධානව හිටියා. මේ ෆයිට් එක නම්ජුන්ට පහසුවෙන්ම දිනන්න පුලුවන් බව සියලු දෙනාම දැනගෙන හිටියා. ගැවේනියාව සම්පුර්ණයෙන් ගිනිබත් කරන්න නම්ජුන්ට හැකියාව තිබුනත් එයාට ඕන කලේ හානිය අවම වෙන විදියට මේක ඉවරයක් කරන්න. ඒ නිසාම එයා හරිම සුක්ෂම විදියට ගැවේනියාව යටත් කරගන්න තීරණය කලා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සටනට දවස් ගත වුනේ හරිම ඉක්මනින්. කාලය ගත වෙත්ම ගැවේනියාවලට නම්ජුන් ඇතුලු මෙසිඩෝනියානු සෙනාවලට මුහුණ දෙන්න බැරි තැනට හරිම ඉක්මනින් පත්වුනා. නම්ජුන්ගේ රතු දියමන්ති පාටට හුරැ ඇස් දිහා බලාගෙන හිටපු ගැවේනියා රජු එයාගේ යටත්වීම පිළිගත්තේ තවදුරටත් සටන් කරන එක පළක් නැති දෙයක් කියලා තේරැන නිසයි.

ගැවේනියාවරැ යටත්වීම බාරගත්තද එය පිළිනොගෙන ප්‍රචණ්ඩ වන සියලු දෙනා පාලනය කරගැනීමට මෙසිඩෝනියානු සෙම්පතිවරැන්ට සිදුවුනා. අසු පිට නැගි හුන් නම්ජුන් ඔවුන් වෙත එල්ල කලේ දරැණු බැල්මකි. ඔහුගේ ඒ රක්ත මානික්‍යය ඇස්වල බැල්ම දරාගත නොහැකි වුවන් තැතිගැන්මෙන් නිහඬ වන්නට වුනා.

 ඔහුගේ ඒ රක්ත මානික්‍යය ඇස්වල බැල්ම දරාගත නොහැකි වුවන් තැතිගැන්මෙන් නිහඬ වන්නට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
RAP MONZ FABLES || SHORT STORIES || KNJWhere stories live. Discover now