"මොනවද ජිමින් කල්පනා කරන්නේ?"
"ප්ෆ්ෆ්ට්."
ජිමින් එයාගෙ ඔලුව හිමීට බිත්තියට ගහගත්තා. විනාඩියකට කට වහන්නෙ නැති කෙනෙක් ලොකු වෙලාවක ඉඳලා එකම ඉරියව්වෙන් කල්පනා කරන බව දැක්කම පුදුම වෙන එක අසාධාරණද?
"මම හොඳම කොටසෙ හිටියෙ."
ජිමින්ගේ කඳුළු පිරෙන්න දඟලන ඇස් වලට විහිළුවක් නොකර ඉන්න යූන්ගිට බැරි උනා. එයා හිනා නොවෙන එක වෙනම දෙයක් උනත් වෙලාවේ හැටියට යූන්ගි කට කොනට හිනාවක් ගත්තා.
"කඳුළු පිරෙන තරමට වින්දනයක් ලැබුනද?"
"අහ්- මොකක්!"
ජිමින් රතු වෙලා ගියෙ යූන්ගිට මෙහෙම දේවලුත් පුළුවන් එක ගැන පුදුම වෙන අතරෙයි. ලොකු සද්දයක් පිට කරමින් යූන්ගි හිනා වෙනකොට ජිමිනුත් හිනා උනා. නමුත් ඊළඟ තත්පරේ යූන්ගි හිනා වෙන එක නතර කරපු විදිය ජිමින්ට හිතාගන්නත් බැරි මට්ටමකයි තිබුනෙ.
"මෙහෙන් නිදහස් වෙනකොට ලව් එක පවුල් කන ගමන් ඉඳීවි කියලා නේද කල්පනා කලේ?"
"කොහොමද හරියටම කියන්නේ?"
යූන්ගි ඔලුව දෙපැත්තට වැනුවේ ජිමින්ට වඩා එයා මහ ගොඩක් පරිණත බව ජිමින්ට තේරුම් කරවලා.
"මමත් ආපු කාලේ ඔහොම හිතුවා දරුවෝ. ඒත් අපි කවදා කියලා එළියට යන්නද?"
"ඔයාට ආදරේ-
-කරන්න කෙනෙක් හිටියේ නෑ!"
ජිමින්ගේ වාක්‍ය නවත්තලා හරිම විදියට සම්පූර්ණ කරපු යූන්ගි දෙල් වෙලා තිබුන මූණට එබුනෙ ඇසුත් ලොකු කරගෙන.
"විහිළුවක් කලේ? ඔයා හිතපු දේ මම අනුමාන කලා විතරයි."
♡♡
+ ප්‍රීවියස් චැප්ටර් එකෙත් විහිළු කලේ ප්‍රෙන්ස්. හිකි හිකි.
YOU ARE READING
ᴍᴏɴᴛᴇʀᴏ • ᴍɪɴɢᴜᴋ [ᴏɴɢᴏɪɴɢ]
FanfictionI caught it bad yesterday... You hit me with a call to your place!