🎼 Chp 3️⃣8️⃣ 🎼

1.1K 223 53
                                    

..

..

..

JV Pvt ...........

මං මේ ලෝකේ යන්න තවත් අකමැති තැනක්...

ඒ වගේම අවුරුදු ගානකින් නොගිය තැනක්...

යන්න ඕනකමක්වත් නැති උනු තැනක්...

ආයෙමත් යන්න වෙයි කියලා නොහිතපු තැනක්...

ඒ........ත්......

නොහිතපු විදිහට හුගක් දේවල් වෙනස් උනාම................

අරමුණ හිතෙන් පිට පැනලා කොහේද දුවන්න ගත්තම........

ලන් වෙන්න හිතන්නවත් හොද නැති කෙනෙක්ට ආදරයක් ඇති වුනාම..

අමතක කරන්න හැදුවත් මතක අමතක නොවුනම.........

අකමැත්තෙන් උනත් නොකරන්න ඕන දේවල් කරන්න වෙනවා...

රාමුවක් ඇතුලේ හිර වෙන්න හැදුවත් නිකන්ම පිට පනින්න වෙනවා....

සමහර වෙලාවට ආස කරන හුගක් දේවල් අහිමි වෙනවා....

නොහිතන කැපකිරීම් කාටත් හොරා කරන්න වෙනවා.



ඒකමයි මං බැදීම්වලට මේ තරම් අකමැති.......

ඒත් ජීවිතෙන්.අයින් කරන්න අමාරුත් ඒ බැදීම්මයි....

වැඩිපුරම ලෙයට වඩා හදවතත් එක්ක බැදුනු හැගීම් පිරුණු බැඳීම්...





..ආපහු ගෙදර එනවා....




ලොකු වීදුරු මේසෙට අත් තියලා.බර වෙලා එයා කියද්දි මට දැනුනෙම මං හිර ගෙයක්.ඇතුලේ.ඉන්නවා වගේ.හැගීමක්..වාඩි උනු.පුටුවෙ සීතල ඇග පුරාම පැතිරිලා ගිහින් තිබුනේ පොලොව පලාගෙන හරි මෙතනින් නැති වෙලා යන්න ඕන වගේ සිතුවිල්ලක් හිත යට ඉතුරු කරලා....ඒත් දැන් පරක්කු වැඩී.



..ආයෙම...?..

..ඔව් ආයෙම.....ඔය ලගින ගුබ්බෑයමෙන් අයින් වෙලා ගෙදර එනවා.....ජීවිත කාලෙම නිකම් ඉදලත් සැපට ජීවත් වෙන්න පුලුවන් තරමේ සල්ලි කන්දරාවක් තියන එක එකාගෙන් පද අහන්න තුට්ටු දෙකේ රස්සා කරනවා.....




එයා මූනත් අමුතු කරන් නොබැන බනිද්දි මං අත් දෙක බැදන් සන්සුන්ව හිටියා....අවුරුදු හතකට කලින් අත් ඇරපු.තැනක්....මගෙ තැනක් නෙවේ...ඉතින් ඕනකම තිබ්බත් මට ඕන විදිහට කෑ ගහන්න බනින්න බෑ.....අවුරුදු විසි පහක් වෙනකම් ඉගෙන ගත්තෙ මේ වගේ ලොකු තැන්වලට ඇවිත් පිට මිනිස්සු ඉස්සරහා හැගීම් පාලනය කරගන්න දන්නෙ නැතුව ගොඩේ උන් වගේ කෑ ගහන්න නෙවේනේ....මොන විකාරෙ නැටුවත් මං දන්නවා පිට තැනක හැසිරෙන හැටි....මගෙ උනත් වෙන එකෙක්ගෙ උනත්.........


🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now