Kwan : ඒහ්? උඹ අඬන්නෙ මොකටද?? ඇයි බං??
Beomgyu : ඔම්මා? ඔම්මා හ්‍යුන්ව එලවගත්තා ! අප්පා? අප්පා?? අප්පගෙ කැමැත්තට ඔම්මා විරුද්ධ වුණා.මින්ග්‍යු කියන්නෙ මගේ හ්‍යුන්.ඒත් ඔම්මටයි අප්පටයි ළමයෙක් ලැබුනෙ නැති හින්දා එයාලා හ්‍යුන්ව ළමා නිවාසෙකින් තමයි හදාගන්න අරගෙන තිබුනෙ..ඒත් එයා ඇවිත් අවුරුදු පහකට විතර පස්සෙ මම ඔම්මගෙ බඩට ආවා.මේ සේරටම වැරදි මම.මං නිසා ඔම්මා හ්‍යුන්ට වෙනස්කම් කළා.අප්පත් ටික කාලයක් යද්දි ඔම්මගෙ විදියට වෙනස් වුනා.මං කැමති වුනේ නෑ ඒ ආදරේට.මගේ හ්‍යුන් අඬවලා මට ඒ අයගෙන් ආදරේ ඕනි වුනේ නෑ..
බොම්ග්‍යු කතාව කියන් යද්දි එයාට ඉකි ගහන එක නවත්තගන්න බැරි වුණා.ඒ වගේ වෙලාවට හැමෝටම ඕනි වෙන්නෙ තමන්ට හයියක්.
ඒ වෙලාවෙ එක කොනක වූසිත් වූසිට වම් පැත්තෙන් ක්වනුත් ක්වන්ට වම් පැත්තෙන් බොම්ග්‍යුත් එයාට වම් පැත්තෙන් හෝෂිත් හිටගෙන ලේක් එක දිහා බලන් හිටියෙ වචන ගිලෙන තරමට ඒ කතාව සංවේදී නිසා.
සේරටම කලින් හෝෂි බොම්ග්‍යුගෙ කරට අත දාන් බොම්ග්‍යුට හයියක් වෙන්න අමතක කළේ නෑ.
Woozi : බොම්ග්‍යු? මල්ලි?? උඹ දිගටම ඕක කරනවනම් කතාව මෙතනින් නතර කරහන්.අපිට බෑ උඹ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉන්නවා දකින්න.ඔහොම අඬලා උඹට මොකක් හරි වුනොත්??
වූසි එහෙම කීවෙ බොම්ග්‍යු ළඟට ඇවිත් බොම්ග්‍යුගෙ කඳුලු පිහින ගමන්.
Kwan : මල්ලි??
Beomgyu : නෑ.. මං සේරම කියන්නම්.. එතකොට මට වයස අවුරුදු දහයයි.මට පුංචි කාලෙ ඉඳන්ම තේරුනා ඔම්මා හ්‍යුන්ට කරපු වෙනස්කම් ගැන.ඔම්මා මට මං ඉල්ලන ඕනිම දෙයක් ගෙනත් දුන්නට හ්‍යුන්ට එහෙම නෑ.ටික දවසක් යද්දි හ්‍යුන් ඔම්මගෙ සර්වන්ට් කෙනෙක් වුනා.මම රූම් එකේ නිදාගනිද්දි හ්‍යුන් සීතලේ ස්ටෝ රූම් එකේ හිටියා.ඔම්මට නින්ද ගියාම මම මගේ බෙඩ්ෂීට් එක අරන් හ්‍යුන් ළඟට යනවා.ඔම්මා ඇහැරෙන්න කලින් හ්‍යුන් මට ඇහැරවපුවම මම ආයෙම ඔම්මා ළඟට එන්නෙ එයාට අහු වෙයි කියලා බයෙන්.දවසක් හ්‍යුන් අතින් ඔම්මගෙ ෆිශ් ටෑන්ක් එකක් වැටිලා සාලෙ මැද්දෙ වතුරයි වීදුරු කටුයි ඒකෙ හිටපු මාලුවොයි හැමතැනම විසි වෙලා තිබුනෙ.මම සද්දෙ නිසා එතනට දුවගෙන ආව පාර අර වීදුරු කටු ගොඩේම මම ලිස්සලා වැටුනා.මං ඇස් අරිද්දි මම හිටියෙ හොස්පිට්ල් එකේ..හැමතැනම ප්ලාස්ටර්ස් අලවලා.සතියකින් විතර ආයෙ ගෙදර ගියාම හ්‍යුන් එහෙ හිටියෙ නෑ.ඔම්මා අප්පා දෙන්නම මට කීවෙ නෑ එයා ගැන.මම හැමදාම එයාව ඉල්ලලා ඇඬුවා.ඒත් ඒ හැමවෙලේකම ඔම්මා අප්පා දෙන්නම මාව රැවැට්ටුවා.ඒක මගේ වැරැද්ද.හ්‍යුන් එදා ඔම්මගෙ ෆිශ් ටෑන්ක් එක අතට ගත්තෙ මගෙ අතින් ඒකට වැටුනු මාබල් එකක් ආපහු මට අරන් දෙන්න.මොකද එයා දන්නවා ඔම්මා ඒක දැක්කනම් මට හොඳටම බැනුම් අහන්න වෙනවා කියලා.මට ඕනි වුනේ ඔම්මට ඇත්ත කියලා හ්‍යුන්ව බේරගන්න විතරයි.ඒත් මම පරක්කු වැඩියි.හ්‍යුන් යන්න ගිහින් ඉවරයි.එයා මට තියලා ගිහින් තිබුනෙ එකම එක දෙයයි.ඒ හ්‍යුන්ගෙ අතින්ම ලියපු ලියුමක්.මං මෙහෙට ආවෙ එයාව හොයාගෙන.දවසක එයා හොඳට ඉගෙන ලොක්කෙක් වුනාම මට එයාව බලන්න එන්න කියලයි එයා මට කියලා තිබුනෙ.මං මහ මෝඩයෙක් ! මගෙ හ්‍යුන්..?? මම එයාව නැති කරගත්තා ! මාව මරලා දාන්න ක්වන් හ්‍යුන් !! මාව මරලා දාන්න !!
YOU ARE READING
Survived by 24 Hours | Mystery | SVT 🍃
Romance"කාගෙද මේ පුස්තකේ ! ගිහින් දාහන් මේක අර ගිනි ගොඩට !" "ෂ්... කටවහන් හිටහන් ගොන් උලමා ! මේක කාගෙ හරි ඩයරි එකක් !" "අනුන්ගෙ ඩයරි කියවලා මට පළපුරුද්දක් නෑ සගෝ !" "අනේ මගෙ කට !!?" අහම්බෙන් හරි ඔයා දන්න,ඒත් දැන් ඔයා ළඟ නැති,ඔයාට මග ඇරුනු කෙනෙක්ගෙ දින පොතක...