🍁 27 Chapter 🍁

178 51 5
                                    

I could no longer be with you without you.. So I hurried.

.........................................................................

Park jimin pov,

" Congratulations නූනා"

අපි ගෙට ඇතුල් වෙනවත් එක්කම ඉස්සරහට ආව හේසු නූනාව බදාගත්ත මන් හරිම සතුටෙන් එයාට විශ් කරා"

" ස්තූතියි මගේ ජිමිනී"

" Congratulations හියුන්"

" Thanks ජිමිනි"

අපි දෙන්නම ඇතුලට යනකොට නූනාව තුරුලු කර ගත්ත මම එයත් එක්කම ඇතුලට ගියා..
නූනාව ජුන් හියුන් අතින් අල්ලන් එයා ගාවින් වාඩි කරවා ගන්නකොට මන් මගේ කුකී ගාවින් වාඩි උනා.

" නූනා ඔන්න ඔයා දැන් වැඩිය මහන්සි වෙන්න එපා... නේද හියුන්....."

මං ජුන් හියුන් දිහා බලන ගමන් කීවම එයත් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.....

"අයිගෝ ජිමිනී තාම මාස දෙකක්වත් නෑ.....මට අමාරුවක් නෑ......"

"පේනවා නේද ජිමින් මේ කෙල්ල හරිම මුරණ්ඩුයි. මන් මෙ වෙනකන් කී පාරක් නම් කීවද මන්දා. එත් මට කියන්නෙත් ඔය ටික...."

නම්ජුන් හියුන් නූනා දිහා බලන ගමන් බොරුවට තරහා මූණක් හදන් කිව්වාම නූනාත් මූණ දෙක කරගත්තා....
මහන්සි නැති එක ඇත්ත ඒත් පලවෙනි මාස තුනේ පරිස්සම් වෙන එක හොදයිනෙ.

" හේසූ අහන්න... ජිමින් කියන එක ඇත්ත.... අද ඉදන් ඔයා මහන්සි වෙන්න එපා....අපි දැනට වැඩට කෙනෙක් ගමු....."

නම්ජුන් හියුන් ආදරෙන් කිව්වම නූනා ඒක පිළිගන්න ඔලුව වැනුව.. එයාලා ගොඩක් ආදරණීයයි..
ඒ එක්කම මං බැලුවෙ මගෙ කුකීගෙ සද්දයක් නැත්තෙ මොකද කියලා....

එයා හිටියෙ හියුන් දිහායි නූනයි දිහා තවමත් නිහඩවම බලාගෙන....
එයාගෙ මූනෙ එවෙලෙ තිබුන හැගීම...? මට තේරුම් ගන්න බැරි උනා. හැබැයි එයා හිටියෙ ඒ දෙන්න දිහා ලෝබකමකින් බලාන.

මන් හියුන් දිහායි නූනා දිහා බැලුවා. මටත් ඔනි උනා එ වගෙ මගෙ කුකීට තුරුලු වෙලා ඉන්න..

" ජිමිනී... ඉතින් අපිට පුලුවන් කවද්ද ඔයාල දෙන්නගෙ බබෙක් දකින්න ? ඔන්න අපෙ බබාට සෙල්ලම් කරන්න නන්ගියෙක් හරි මල්ලියෙක් හරි හිටියාට වැඩි වෙන්නෙ නැ"

Waves Of Life ( Jikook )Where stories live. Discover now