🍁 65 Chapter 🍁

Start from the beginning
                                    

"මම ඩ්‍රයිව් කරන්නම්.. පස්සට නගින්න.."

මම ජිමින්ව අරගෙනම පස්සෙහා ශීට් එකට නගිනකොටත් හියුන්  ඩ්‍රයිවින් ශීට් එකට නැගලා එයාට පුලුවන් උපරිම වේගෙන් හොස්පිටල් එකට වාහනෙ අරන් ගියා...

" ජිමිනා.. මැණික.. නැගිටින්නකො..මේ ඔයා මාව බය කරනවනෙ..මෙ බලන්නකො ඔයාගෙ කුකී බය වෙලා...ම්ම්.. අපෙ ජීහුත් බය වෙලා හොදටම අඩනවා. ජීහුගෙ පපා ඇයි මේ අප්පා එක්ක තරහ වෙලා..?"

" මැණික නැගිටින්නකෝ.. මාව ආයෙම තනි කරන්න නම් එපා. මම බයයි ජිමිනී.. ප්ලීස් නැගිටින්න.. ඒක පුන්චි දෙයක්. මෙච්චර මාව බය කරන්න එපා. ප්ලීස්"

ජිමින්ව තුරුලු කර ගත්ත මම එ මූනට හාදු ගොඩක් දුන්නෙ එන්න එන්න එයාගෙ හුස්ම වැටෙන වේගෙ අඩු වෙනවා කියලා එයාගෙන් දැනුන නිසා.. මම බය උනා එයා මාව දාලා යයි කියලා... එයා ආයෙම මගෙන් ඈතට යයි කියන බය මාව වෙලා ගන්නකොට මේ ගෙවෙන තප්පරෙ මම ජීවිතේ වැඩියෙන්ම බය උන තප්පර ගාන වෙලා ඉවරයි..

" ජන්කුක්  ජිමින්ව අරගෙන එන්න.. "

හොස්පිටල් එක ඇතුලෙන් කාර් එක නවත්තනකොට හියුන්ගෙ කටහඩත් එක්ක මම ජිමින්ව ඉක්මනට උස්සල අරගෙන ඇතුලට දිව්වා. වටෙ වෙන කිසිම දෙයක් ගැන ගානක් මට නොවෙනකොට ජිමින්ව දාගෙන යන ට්‍රොලිය පස්සෙන් මමත් පිස්සෙක් වගෙ දුවගෙන ගියෙ කකුලෙන් එන අමාරුවවත් ගානකටවත් නොගෙනයි.

" හියුන් එ-එයාට මුකුත් වෙන්නෙ නැති වෙයි නෙද? ජිමින් .. මගෙ මැණික එයාට අයෙම එහෙම උනෙ මගෙ වැරැද්දෙන් හියුන් ..මමයි හෙතුව..."

" කලබල වෙන්න එපා ජන්කුක් .. ජිමින්  හොදින් . ඔයා මෙතනින් ඉදගන්න ඔනි.. බලන්න ඔයාගෙ කකුල ඉදිමිලා.."

"  ජන්කුක් ...ඉද ගන්න.."

" එප...ඔනි නැ හියුන් ..අනෙ ජිමින්ට රිදෙන්න ඇති.. එයා ආව ගමන් ආයෙම හැමදාම වගේ මම නිසා විදන්න වෙලා..."

" ජන්කුක් ජිමින්ව වැටුනෙ කොහොමද ? මොකක්ද උනේ?"

" ඒ ඔක්කොම අරගෙ වැඩ හියුන්. ඇයි එයා ආයෙම ආවෙ?"

" ජන්කුකා..එ බන්... ජිමින්ට කොහොමද දැන්?"

ජිම්න්ව එක්කන් ඇවිදින් පැයක් කිට්ටු වෙන්න එනකොට තාමත් icu එකේ ඉන්න මගේ මැණික ගැන විස්තරයක් මට දැනගන්න විදිහක් නැතුව ගියා. හැමදේම ආයෙම නැති වෙයි කියන හැගීම උඩට එනකොට මම හියුන්ගෙන් පුන පුනා ඇහුවෙ ජිමින් න් හොදින් ඇති නෙද කියන ප්‍රශ්නෙ.. මට ඔනි උනෙ වචනෙන් හරි සැනසෙන්න. එත් අදත් මගෙ සැනසීම නැති වෙලා තිබුනා ආයෙම... එත් එක්කම එතනට කලබලෙන් ආව ටේහියුන්  මගෙන් ජිමින් ගැන අහනකොට මට එයාට දෙන්න උත්තරයක් නැතුව ගියා.

Waves Of Life ( Jikook )Where stories live. Discover now