Chapter 23

636 150 22
                                    

'එදා' ජන්කුක්ව හම්බුනේ කවුද කියන එක ප්‍රශ්නයක් විදිහටම තව ටිකක් ඉස්සරහට තිබුන දෙන්!
**ජන්කුක් ප්‍රෙග්නන්ට් උනේ කවද්ද??
-ඒකට උත්තරයක් ඔනෙම නෑ කියලා හිතනවා. ටේයොන් නැතුව හිටපු සති දෙක ඇතුළත ඒක දැනගත්තා කියලා හිතාගන්න!

එච්චරයි නේ???

___________

සම්පූර්ණයෙන් හද පායලා කිසින කෘතිම එළියක් තිබුනේ නැති ජන්කුක්ගේ කාමරේ හද එළියෙන් විතරක්ම එළිය වෙලා තිබ්බා. ජන්කුක් ටේයොන්ගෙ අත් අතරට මැදි වෙලා ටේයොන්ගේ රස කෙළවරක් පෙන්න නොතිබුන දුඹුරු මී පැනි පාට තොල් වල හරි රසක් හොයාගන්න ලොකු උත්සාහයක හිටියා.

එන්න එන්න ඒ තද පැණි රසට බලෙන් ඇබ්බැහි වෙනවා.. නැත්නම් ටේයොන් ඒ පැනි රසෙන් ජන්කුක්ව අතරමං කරලා දාන්න හදන්නේ... ටේයොන් ජන්කුක්ගේ ඉන පිරිමදින රටාව, ඒ ස්පර්ශය සෑහෙන්න වෙනස් වෙලා කියලා ජන්කුක්ගේ ඇගට දැනුනා.

කොහොම උනත් ජන්කුක්ගේ ශරීරය,හිත,මොළය දෙකම ජන්කුක්ට විරුද්ධව වැඩ කරන්න අරගෙන.. ඒ හැමදේම දැන් ටේයොන්ට යටයි! අද ඉදන් මේ මොහොතේ ඉදන් ජන්කුක් ටේයොන් මෙච්චර කල් ඉල්ලපු විදිහටම හැසිරෙයි..

හැබැයි~ හිතනවද තවදුරටත් ඒ ටේයොන්මයි මේ කියලා? අපිට බෑ මිනිස්සුන්ගේ අභ්‍යන්තරය මෙහෙමයි කියලාම කියන්න!

'ප්ලීස් ජන්කුක්! මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා...'

'ඉගෙනගෙන ජොබ් එකක් කරන උගත් කෙනෙක් නේද තමුන්! තාම 18වත් වෙලා නැති පොඩි ළමයෙක් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නේ?'

'මොළයක් කියලා නාමයක් තියෙනවා නම් ඔය ළමයව නැති කරලා දාන්න ජන්කුක්!'

'මතක තියාගන්න තාම අනාගතය නිශ්චිත නැති ළමයෙක් නිසා ඔයාගේ ඔය බඩේ ඉන්න නොදරුවගේ ජීවිතේ නාස්ති කරන්න එපා. ඔයා හොදින් ඉන්නත් ටේයොන් හොදින් ඉන්නත් ඕන නම් මන් කියන දේ කරන්න ජන්කුක්!'

'ජන්කුක්....

හ්‍යුන්!!!'
ටේයොන් ජන්කුක්ගේ තොල් වලින් මෑත් වෙලා සෑහෙන්න වෙලාවක් තිස්සේ ජන්කුක්ට කතා කරා උනත් ජන්කුක්ගේ ඔලුවේ තිබ්බේ වෙනම දෙයක්.. මොනා උනත් කලින් හම්බුන කෙනා කියපු දේවල් ගැන ජන්කුක්ට නොහිතා ඉන්න බෑ..

You'll also like

          

'ආහ් අහ්.. කියන්න...'
ජන්කුක් එකපාරට ගැස්සිලා ගිහින් ටේයොන් දිහා බැලුවා. ටේයොන් හිනාවෙලා ජන්කුක්ගේ කම්මුල දෙපැත්තෙන් අත තියලා නළලට තොල් තියලා ගොඩක් වෙලාවක් ඉදලා ඈත් වෙලා ජන්කුක්ගේ කම්මුල් හෙමින් පිරිමැද්දා...

'මගෙන් අහන්නෙ නැද්ද හ්‍යුන් මම මෙච්චර කල් කොහෙද හිටියේ මොනවද උනේ කියලා...'
ටේයොන් ඇහුවම ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා.

'අපිට අතීතයෙන් වැඩක් නෑනේ ටේ...'
ජන්කුක් කිව්වම ටේයොන් ටිකක් හයියෙන් හිනාවෙලා ජන්කුක්ව එයාගේ තව ලගට ඇදලා අරගෙන තුරුළ් කරගත්තා.

'එහෙම හිතන ඔයාද හ්‍යුන් වැඩකට නැති ෆියුචර් එකක් වෙනුවෙන් මට ලං වෙන්නේ නැත්තේ ම්ම්ම්?'
ටේයොන් ඇහුවම ජන්කුක් ඇස් තද කරලා පියාගත්තා.

ජන්කුක්ට ඔනේ උනා කියන්න නෑ එහෙම නෑ මන් ඔයාට ගොඩක් ආදරේයි ටේයොන්! අන්තිමට ඔයා මගේ හිත දිනාගත්තා.. අපි අපේ ජීවිතේ හදාගමු.. හොදම දේ ටේයොන් ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ කියලා කියන්න!

ඒත්, ආදරේ... පවුල... වගකීම්.. අප්පා කෙනෙක්... මේ හතරෙන් තුනක් තනියම කරට ගන්න තරම් ටේයොන් තාම මේ ලෝකෙට හරියටම ඇවිත් නෑ කියන දේ ජන්කුක්ගේ හිතට ගොඩක් වදදුන්නා. සමහරවිට තව අවුරුදු 3කින් 4කින් ටේයොන්ගේ ආකල්ප අනිත් පැත්තම හැරෙන්න පුළුවන්!

ඒත් ආදරේ වෙනුවෙන් ටේයොන් සුදුසුද නැද්ද කියන එක ජන්කුක් දන්නවා. definitely he deserve it! ආයේ කතා දෙකක් නෑ... ඒත් නොතේරෙන වළාවකින් ජන්කුක්ව තාමත් වහගෙන! ජන්කුක්ටත් තේරෙන්නේ නෑ ඇයි ඒ දෙන්නට ආදරේ කරන්න බැරි එකට ඉන්න ඉඩදෙන්න හිතෙන්නේ නැත්තේ කියලා!!!!

reality; විශ්වයෙන් දෙන පණිවිඩ ඇත්ත කියලා පිළිගන්න සමහරවිට තව කල් යන්න ඔනේ ඇති.....

'ඔයා හොදින් හිටියා නම් ඒ ඇති...'
ජන්කුක් කිව්වම ටේයොන් ජන්කුක්ව එයාගේ පපුවෙන් ඈත් කරලා ඒ මූනට එඹුනා.

'ඇයි ඔයාගේ ඇස් මෙච්චර මලානික වෙලා ම්ම්? කෙට්ටුවෙලාද මහත්වෙලාද කියලාවත් හිතාගන්න බැරි තරම් ඔයාගේ මොකක්ද වෙනසක් තේරෙනවා මට..'
ටේයොන් කිව්වම ජන්කුක් අපහසුවෙන් හිනාවෙලා ටේයොන්ගේ පපුවෙන් තොල් තියලා නලළ ඒ පපුවට හේත්තු කරා...

BOYFRIEND HYUNG | V.k | discontinued Where stories live. Discover now