“ඒත් මං කොහොමද ඔයාව මැරි කරන්නෙ!!"
“අහන්න යූන්... කොහොමද කියන එක මට වැදගත් නෑ... කොහොමහරි මාව මැරි කරන්න...
එහෙම නොවුනොත් මම දරුවව ඇබෝට් කරනවා..."ඒවතාවෙනම් ඒක ඉල්ලීමකට වඩා තර්ජනයක් වුනා...
“බේබී අහන්න...ඒක ටිකක් අමාරුයි...ටිකක් නෙවෙයි හොඳටම අමාරුයි...ඔයා දන්නවනෙ...
ප්ලීස් මට ටික කාලයක් දෙන්න...මං-මං ඔයාව මැරි කරනවා..."යුන්ගි බය උනා..එයාට කොහොමටවත් බෑ එයාගෙ දරුවව නැති කරගන්න!!ඒ වගේම එයා එක්ක අවුරුදු ගානක් එකට ඉඳපු එයාගෙ වයිෆ් ජීවූව!!ඒ වගේම යේජිව!!!
යුන්ගි ජිවූට ආදරේ කලේ නැහැ!!ඒ මැරේජ් එක කොහෙත්ම එයාලගෙ උවමනාවට සිද්ධ උනු දෙයක් නෙවෙයි...යුන්ගිගෙ සහ ජීවූගෙ පවුලෙ අයගෙ වුවමනාවට සිද්ධ උනු දෙයක්...ඒත් එයාලගෙ මැරේජ් එකෙන් පස්සෙ කාලයක් යද්දි යුන්ගි හිතා ගත්තා ජිවූට එයාගෙ ජීවිතේට එන්න ඉඩ දෙන්න...
එයාලා දෙන්නා අතරේ තිබුනෙ ආදරයක්ම කියලා කියන්නත් බෑ...ඒක...එකිනෙකාගැන ඇති වුන අනුකම්පාව,ආදරය වගේ හැඟිම් වෙන්නත් පුළුවන්...සහ කල් යද්දි එයාලගෙ එක් එක් අවශ්‍යතා සපුරා ගන්නත් එයාලා දෙන්නා යොමු වුනා...
යුන්ගිගෙ හිතේ ජීවූ ගැන එහෙම හැඟීමක් නොතිබුනත් ජීවූගෙ හිතේ යුන්ගි ගැන තිබුණ හැඟීම මොකද්ද කියලනම් මටත් පැහැදිලි නැහැ!!
ඒත්,යුන්ගිට යේජි ගැන තිබුණෙ වෙනස්ම විදියේ හැඟීමක්...කවදාවත් වෙන කිසිම කෙනෙක් ගැන ඇති නොවුන විදිහෙ හැඟීම්...ආදරය,රාගය මේ හැම දෙයක්ම මිශ්‍ර උනු හැඟීමක්...
“මම යනවා.."
යේජි ආපහු නැඟිටලා යන්න ගියේ යුන්ගිව තනි කරලා දාලා...
තවත් පැය කාලක් පමණ හන් ගඟ ළඟ හිටපු යුන්ගි නැඟිටලා පාර දිහාවට ගියේ ගෙදර යන්න ටැක්සියක් ගන්න අරමුණෙන්...
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
‘වන් වේ' කියන්නෙ සෝල් වල තිබුණු උසස්ම පැලැන්තියෙ අය නිතර එන යන ක්ලබ් එකක්...යුන්ගි බාර් කවුන්ටර් එක ලඟට වෙලා බීමක් තොල ගාන ගමන් හිටියා...මේ තමයි මීට මාසයකට ඉහතදී එයාලා දෙන්නා හම්බ උන ක්ලබ් එක... දැන් ඇති වෙලා තියෙන හැම දේකටම මූලාරම්භය උනු තැන...යුන්ගිට ඕනා පුලුවන් ඉක්මනටම යේජිව එයා ලඟට ගන්න...එයාට මේ වෙලාවෙ ඕන කරන එකම දෙය ඒක...ඒත් ජීවූ...එයා ලේසියෙන්ම යුන්ගිට ඩිවෝස් එක දෙයිද!?
හතලිස් තුන කියන්නෙ ඒ තරම් වයසක් නොවුනත් දැන් එයා සැහැල්ලුවෙන් ගත කරන්න ඕන වයසක්...මේ දේවල් ගැන ඕනාවට වඩා හිතලා ඒ මනුස්සයාට නැති ලෙඩක් හැඳුනොත් එහෙම!!!
පියවි සිහිය බාගෙට ගිලිහිලා තිබුන යුන්ගි දැක්කෙ එදා දැක්කා වගේම අදත් ඩාන්සින් ෆ්ලෝර් එකේ ඉන්න යේජිව!!!
වට්!?යේජි...!!මොන නැහැදිච්ච කමක්ද මේ...
යුන්ගිට යක්ෂයා ආවේස උනා...ඇයි මෙයා මේතරම් කෙයාලස් විදියට හැසිරෙන්නෙ...ප්‍රෙග්නට් වෙලා ඉන්දැද්දිවත් පාඩුවෙ ඉන්නෙ නැති හැටියක්!!
යුන්ගි අතේ තිබුණු ග්ලාස් එක සද්දෙන් කවුන්ටර් එක උඩින් තියලා යේජි ලඟට ගිහින් යේජිගෙ අතෙන් ඇඳගෙන එලියට ආවා...
කෙලින්ම පාකින්ට් ලොට් එකට ගිය යුන්ගි යේජිට අතුල් පාරක් ගැහුවෙ යේජි වුන දේ ප්‍රොසෙස් කරගන්න අතරතුරේදි...
‘එයා මට ඇත්තටම ගැහුවද?'යේජිගෙ ඇස් දෙකේ කදුළු පිරුනා...එයා කම්මුලත් අල්ලාගෙන පස්සෙන් පස්සට ගියා...
යේජිගෙ ඇස්වල කදුළු දකිද්දි යුන්ගි පියවි සිහියට ආවා...
“බේබි....ප්ලීස්...සොරි...ප්ලීස් ඩෝන්ට් ක්‍රයි...ඒක මම හිතලා නෙවෙයි එහෙම කරේ...ඔයා ඔහොම කෙයාලස් විදියට වැඩ කරද්දි මට තරහා ගියා... ප්ලීස්..."
යුන්ගි හොඳටම බය වෙලා...හදිස්සියේ ඇති වුනු ආවේගයට එහෙම කරත් එයා දැන් ඒ ගැන පසුතැවෙනවා...
ඒත් යේජිට කිසි දෙයක් අහන්න ඕන උනේ නෑ...එයා කෙලින්ම දුවගෙන ගියේ එයාගෙ කාර් එකට...
යුන්ගිත් යේජිගෙ පස්සෙන්ම ගියත් එයා යනකොටත් යේජි ඩෝ එක ලොක් කරගෙන තිබුණා...යුන්ගි කොයිතරම් ග්ලාස් එකට ගහන ගමන් කතා කරත් යේජි ඒ කිසිම දෙයක් නොදැක්ක ගානට කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න ගියා...
Ghost_Bby🐾