"අයා...අයා.."
හවස තුනට විතර සුදු මැණික සපත්තුවකුත් අතෙන් එල්ලන් ඇවිත් මෝක්ශ ට මොනාද කිය කිය පෙන්නද්දී මෝක්ශ සුදු මැණිකව ඔඩොක්කුවෙන් වාඩි කරගෙන සපත්තුව දාලා දුන්නා.
"සුදු මැණික අයියට මොනාද ගේන්නේ.."
"ආ..යා.."
"මොනාද ඉතින් ගේන්නේ.."
"බූම්.."
"ආ අයියට එද්දි බූම් එකක් ඇරන් එන්න..උම්ම්ම්ම්මාහ්හ්හ්හ්."
"උම්ම්ම්ම්ම්"
මෝක්ශ සුදු මැණිකගෙ කම්මුලට ලොකු හාදුවක් දෙද්දී සුදු මැණික උම්ම්ම්ම් කියලා මෝක්ශගෙ කම්මුලට තොල් දෙක තද කරගෙන හිටියා.
"මේ මෙතීශ අයියට මොනාද ගේන්නෙ සුදු මැණික."
"බූම්ම්."
"ආ මෙතීශ අයියටත් ගිහින් උම්මා එකක් දෙන්න."
"උම්ම්ම්ම්ම්ම්"
මෝක්ශ මටත් උම්මා එකක් දෙන්න කියද්දී පොඩි එකා පීප් පීප් ගාන සපත්තු දෙකත් දාගෙන මගෙ ළඟට ඇවිත් මටත් මෝක්ශට කලින් දුන්නා වගේම එකක් දුන්නම මාත් සුදු මැණිකගෙ කම්මුලටයි,බඩටයි නහය තද කරලා හාදුවක් දුන්නා.අම්මෝ සුවඳ පොඩි එකාගෙ.
"පුතා දෙන්නම පරිස්සමට ඉන්න ඕනි.රවුම් ගහන්න එහෙම යන්නෑ කොහෙවත්.බත් උයලා තියෙන්නෙ රෑටත් එක්කම.උදේට අක්කා කෑම එකක් ගෙනත් දෙයි.ඉක්මනට එන්න බලන්නම්කො."
මෝක්ශගෙ අම්මා මගෙ ඔලුවයි,මෝක්ශගෙ ඔලුවයි අත ගගා එහෙම කියලා නැන්දයි මාමයි එක්ක කාර් එකට නැඟලා ගියා.
දැන් නිකන් මුලු ගෙදරම මීයට පිම්බා වගේ.මෙච්චර වෙලා වචන හද හද ගේ දෙවනත් වෙන්න කෑ ගැහුව සුදු මැණිකත් ගියාම කියාගන්න බැරි පාලුවක් දැනුනා.
YOU ARE READING
SOULMATE(Completed)
Fanfictionඅයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)