16

2.7K 162 2
                                    

දෙහදක්

💕 16 කොටස 💕

ස්ටාෆ් එකේ කට්ටියම මීටින් එකට ආවේ මාධව කතා කරන්න යන දේ ගැන දැනගෙන.චාන්‍යා විතරයි වෙන්න යන්නෙ මොකක්ද කියලා නොදැන උන්නේ.

"ඔයාලා දන්නවනේ...ජනවාරි විසි අට කියල කියන්නේ අපේ කම්පැනි එකට ගොඩක් වටින දවසක් කියලා.එදාට අපේ සූර්ය එකට අවුරුදු හතර සම්පූර්න වෙනවා..."

මාධවගෙ කතාවට කට්ටියම අත්පුඩියක් ගැහුවේ සතුටටමයි.

"මෙදා පාරත් මං හිතන් ඉන්නවා දුශ්කර පැත්තක් තෝරගෙන එහෙ ලමයින්ට පොත් ලබලා දෙන්න.දැනටමත් මං ඒකට වැඩ ටික කරන් යන්නේ...ඒකට වෙනදා වගේම මං අරගෙන යන්නේ ඔයාලවම තමා..."

එහෙම කියලා මාධව චාන්‍යා දිහා බැලුවා.

"මෙදා පාර චාන්‍යා මිසුත් අපිට එකතු වෙයි..."

මාධව හිනා වෙලා කිව්වට චාන්‍යාට නම් ඒකට කැමැත්තක් තිබ්බෙ නෑ.කට්ටිය ඉස්සරහ ඒක ප්‍රතික්ශේප කරගන්න ක්‍රමයක් නැතිව ඇය බොරු හිනාවක් පෙන්නුවා.

"අන්න ඒක නම් මරු...මං එනවා සර් අනිවාර්‍යෙන්"

දසුන් මැද්දට පැනලා කියද්දි කට්ටියම හිනා උනා.ඒත් කේශව ඔහුට රැව්වා කියලා කවුරුත් දැක්කෙ නෑ.ඒ කතාවට චාන්‍යාත් හිනා වෙද්දි කේශව ඇයටත් මහ රකුසු බැල්මක් දැම්මා.

"හැබැයි...මෙදා පාර මට මේකට එන්න බැරි වෙයි...මොකද ෆැක්ටරියට ඕන කරන මැශින්ස් වගයක් ගන්න මං බොහෝ විට ඒ දවස් වල කොලබට ගිහින් ඉදීවී.එහෙම උනොත් කේශව සර් තමා සේරම බලාගන්නේ...."

අන්න ඒකට නම් ගොඩක්ම සතුටු උනේ කෙල්ලො ටික.කේශව කොච්චර සැර උනත් කෙල්ලො ටික හිත යටින් කැමති කේශවට.මීටින් එක ඉවර වෙලා කට්ටිය විසිරෙද්දි චාන්‍යා පොඩ්ඩක් කල් මැරුවා මාධව එක්ක කතා කරන්න ඕන නිසා.

"මාධව අයියේ..."

කන්ෆර්න්ස් රූම් එකෙන් එලියට යන්න හැදුව මාධව චාන්‍යාගෙ හඩට නතර උනා.

"ඇයි නංගී??"

"මාත් ඕකට අනිවාර්‍යෙන් එන්න ඕනද?"

චාන්‍යා බයෙන් වගේ කියද්දි මාධවට හිතුනා චාන්‍යා පව් කියලා.ඒත් ඇය හැංගිලා වගේ ඉන්න හදන එකට ඔහු එච්චර කැමති උනේ නෑ.

දෙහදක් - HeartstringsWhere stories live. Discover now