2

94 18 6
                                    

කිම් පවුලේ නම්ජුන්, සොක්ජින්, තේහ්‍යොන්ග් කියන්නේ කාලෙකට කලින් ලොකු බැදීමක් තිබ්බ සහෝදරයෝ තුන් දෙනෙක්. හැම වෙලේම ගහක් යටට වෙලා පොතක් අතේ තියන් හිටපු, එහෙම නැත්තන් බොන්සායි පැලයකට ආදර වදන් මුමුණපු නම්ජුන් කිම් පවුලේ වැඩිමලා උනා. ඊට අවුරුදු දෙකක් බාල කිම් සොක්ජින් පොත් කියෙව්වත් නම්ජුන් තරම්ම පොත් කියෙව්වේ නෑ. සමාජශීලී චරිතයක් උන කිම් සොක්ජින් පාසලේ බොහෝ සංගම් වල සාභාපති වගේම පාසකේ ප්‍රධාන ශිෂ්‍යත් උනා. කිම් තේහ්‍යොන්ග් හැමවෙලේම කැමරාවක් අතේ තියාගෙන එහාට මෙහාට දුවපු, ඒ වගේම හිතෙන හිතෙන තැන් වල ඇවිදින්න ගිය අමුතු චරිතයක් උනා.

සහෝදරයෝ තුන් දෙනාගෙන් එකිනෙකට වෙනස්  ගතිගුණ එයාලට පිහිටලා තිබ්බා. නම්ජුන් හොදට ඉගෙන ගත්ත කෙනෙක් උනත් එයා සමාජ ශීලී චරිතයක් උනේ නෑ. එයා කියන වචනයක් ගානේ හරිම දාර්ශනික තේරුම් තියන ඒව වෙනකොට සොක්ජින් හොදට ඉගෙන ගත්ත චරිතයක් උනා වගේම පාසලේ ජනප්‍රිය චරිතයක් උනා. පාසලේ දක්ෂතම ශීශ්‍යා වගේම ජනප්‍රියම ශිශ්‍යා තේහ්‍යොන්ග්ගේ සහෝදරයෝ දෙන්නා නිසා තේහ්‍යොන්ග්ට නොඅඩුව ප්‍රසිද්ධිය හම්බුනත් තේහ්‍යොන්ග්ගේ ඡායාරූප වලට වගේම අසාමාන්‍ය කඩවසම් රූපයට වෙනම ජනප්‍රියත්වයක් හැදිලා තිබ්බා.

අවුරුදු ගාණකට කලින් මේ සහෝදරයො තුන් දෙනා එකිනෙකාට ආදරෙන් හිටියා. නම්ජුන් ආදරේ පෙන්නුවේ නැතත් එයාගේ සහෝදරයො දෙන්නා වෙනුවෙන් හැම වෙලේම හිටියා. සහෝදරයෝ සම්බන්ධ ඕනෙම දේකදි නම්ජුන් ලග උත්තරයක් තිබ්බ නිසා සහෝදරයෝ දෙන්නම ප්‍රශ්නයක් උන වෙලාවට නම්ජුන් ළගට දුවගෙන ගියා. ඒත් නම්ජුන් ඒ ආදරේ පෙන්නන්න දැනගෙන හිටියේ නෑ.

සොක්ජින් තේහ්‍යොන්ග් අතර තිබ්බ සම්බන්ධය නම්ජුන් එක්ක තිබ්බ සම්බන්ධයට වඩා ගොඩක් වෙනස් උනා. පුංචී තේහ්‍යොන්ග්ගෙන් ඉදන් තරුණ තේහ්‍යෝන්ග් වෙනකන්ම එයා හැමවෙලේම සොක්ජින් පස්සෙන් ගිය සහෝදරයා උනා. ඒවගේම පුංචි තේහ්‍යොන්ග් සොක්ජින් එක්ක ඕනේම දෙයක් බෙදාගෙන හිටියේ එයත් එක්ක ලග සම්බන්දයක් ගොඩ නගාගන්න ගමන්. මේ දෙවනි හා තුන්වෙනි සහෝදරයන්ගේ සම්බන්දය මුලු ලෝකෙම ඉරිසියා කරන තරම් ආදරණීය සම්බන්ධයක් උනා.

Hiraeth  •  TaekookWhere stories live. Discover now