සුපුරුදු විදියටම එලාම් සද්දෙට අවදි වුන මම
ඇස් පොඩි කර කරම බැලුවේ මගේ එහා පැත්තේ නිදන් උන්න මල්ලි දිහාමේ යකා මුළු බ්ලැන්කට් එකම ඔතාගෙන
ඒකනේ යකෝ මට රැ මැද හීතලා දැනුනේ
නිදන් ඉන්න හැටි පස්ස පැත්තත් උස්සගෙන
දෙන්න හිතයි පු#ට පයින් එකක් විසික් වෙලා බිමට වැටෙන්නහිතින් දේව්ට බැන බැනම මම පුරුදු කෝෆි එක හදාගෙන බැල්කනියට ආවා..
තාමත් අහසෙ තරු පායලා
මිනිස්සු කියනවා රැ අහස පුදුමාකාර තරන් ලස්සනයිලු තරු පිරුනු අහස දිහා බලන් ඉද්දි හරියට භාවනාවක් වගේලු
තරු දිලිසෙනවලු...මට පින නැ ඒ ලස්සන දකින්න
මටත් ආසයි ඒ මිනිස්සු කියන දිලිසෙන තරු දිහා බලන්න කවදක හරි පුලුවන් වෙයිද?නැ මම දන්නැ මා ලගවත් ඒ ප්රශ්නෙට උත්තර
නැඅවසාන කෝෆි උගුරත් ගිලගත්තු මම ගරාදි වැටට හේත්තු වෙලා ඇස් පියා ගත්තා පපුව පුරා ලොකු හුස්මක් ගත්තා
නොලැබෙන දේ ගැන හිත හිත මට දුක් විදින්න බැ.....මට තාම මතකයි තාත්තා කියපු කතාවක්
"පුතා ඔයාට නොලැබුන දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා ලැබිලා තියෙන පුංචි දෙයින් වුනත් සතුටු වෙන්න පුරුදු වෙන්න මොකද ඔයාට ඒ ලැබිලා තියෙන දේ නොලැබුන අයත් ඕන තරම් මේ ලොකේ ඉන්නවා"
තාත්තා හරි
ඉතින් අදටත් මම එයාගේ ඒ වචන පිළිගන්නවාවොෂ් එකක් දාගෙන ඇවිත් පුරුදු විදියට black full suits එකක් ඇද ගත්තා
මගේම ප්රතිබිම්බය දිහා කණ්නාඩියෙන් බලා උන්න මම මගේ රුපේ දිහාම බලලා හිනා වුනා
ඇත්ත කොල්ලා හැන්ඩියා
ඒත් අනිත් අය කියනවා වගේම මගේ පෙනුම ඕනවටත් වඩා සීතල පාටයිඇත්ත එහෙම නොවි කොහොමද පොඩි කාලේ ඉදලම හැදුන වැඩුන පරිසරය නිසාම මම හැගීම් දැනීම් නොදෙනෙන තරමට රළු කෙනෙක් වෙලා වගේ
ලෑස්ති වෙලා ඉවර වුන මම මගෙ මලයා දිහාවට හැරුනා
එව්ව් නිදන් ඉන්න කැත විතරක්
ඇත්තට මේකව මේ විදියට දැක්කොත්නම් ඔය පස්සෙන් එනවා කියන එක කෙල්ලෙක්වත්
මූ දිහා හැරිලවත් බලන එකක් නැ
තනිකරම මලපෙරේතයා වගේතවත් ඒකා දිහා බලන් උන්නොත් සසරම කලකිරෙනවා ස්ථිරයි
ඉතින් මම චිට් එකක් තියලා පහලට එන්න ආවාබේස්මන්ට් එකෙ පාර්කින් එකට ඇවිත් මගේ black princess ලගට ආවා විතරයි ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආවා
මේකා නැගිටලා..
දේව්ගෙන් මැසේජ් එකක්📩 මම අද උදේ එනවා මට ජොබ් එකක් ඕන
හා දැන් යැයි යැයි ගාන්න එපා සුදුසුකම් වලට හරියන එකක් දෙනවා ඉතින්යකු මූ ජොබ් ඉල්ලන ඉල්ලිල්ල
වරෙන්කෝ සුදුසු කමට දෙන්න මම ජොබ් එක හිතේ ඇති මා එක්ක නටන්නඅම්මපා මුගේ රැස් බස්සන්න තේ හදවන්න දැම්මනම් හරි..
ඇති වෙනකන්ම දේව්ට බැන බැනම ඇකඩමි එකට ආපු මම මගේ කැබින් එකට යන්න කලින් මතක් වුන දෙයක් නිසා කෙලින්ම ආවේ ආර්ට් ක්ලබ් එකට
"කෝ මේ ටානියා.."
මම ආර්ට් ක්ලබ් එක පුරාම ඇස් කරකව කව ටානියව හෙව්වා
ආ අර ඉන්නේ තව කෙල්ලෙක් එක්ක
ලිද ලගසංගමේ දාගෙන"ටානියා"
මම ඉන්න තැනින් අඩියක්වත් ටානියා ලගට නොතියා කතා කරද්දි මගෙ කටහඩ ඇහුනා විතරයි මෙන්න දත් තිස්දෙකම පෙන්න හිනාවිගෙන මගෙ ලගට එනවා.. යකු එහෙම පැද්දිල්ලක් ඔහොම නළව නළව එනකොට හෙට වෙයි
"ඉක්මනට එන්න"
මම ආයෙත් කතා කරද්දි පැද්දිල්ල නවත්තලා අඩියට දෙකට මා ලගට දුවගෙන ආවා
"ගුඩ් මෝනින් සර්"
"ම්න්.. ටානියා මම ආවේ වැඩක් භාර දෙන්න"
"මොකද්ද සර් කියන්න ඕන වැඩක් කරලා දෙන්නම්"
"මම ඊයේ පෙන්නපු චිත්ර ටික මතකද?"
"ආ.. ආ අර කළු සුදු චිත්ර ටික නේද සර්"
"ම්න් අන්න හරි.. හොදට මතක තියාගන්න ඒ චිත්රවල අයිති කාරයා ආපු ගමන් මට කතා කරන්න තේරුනාද"