🍂 06 Chapter 🍂

1.1K 230 23
                                    

" අපිට ඕනි විදිහට ඉන්න බැරි නම් පලයන් යන්න දෑහට නොපෙනී.."

" මින් මත්තට උබ අපේ දරුවෙක් නෙමෙයි. උඹ හින්දා දැනටමත් ගම පුරාම අපිට හැදිලා තියන කතා ඇති. තවත් ලැජ්ජා කරන්නෙ නැතුව පලයන් යන්න මේ ගෙදරින්... "

"අ- අප්පච්චි .., අම්මා...."

" ආයෙ උබේ කටින් මට අප්පච්චි කීවොත් බලාගෙනයි. පලයන් දෑහැට නොපෙනී අසහනකාරයා .."

ජීවිතේ කිසිම දවසක අහන්න ලැබෙන්නෙ නැති වෙයි කියලා හිතුන වචන ටිකක් මගේම ගෙදරින් මට ඇහෙනකොට එදා ඒ වෙලාවෙ මන් හිටියෙ ගෙදර මිදුලේ බිම වැටිලා. එදා මන් මම වෙනුවෙන් කතා කරනකොට අප්පච්චිගෙන් මට ලැබුනෙ මගෙ ජීවිතේටම අමතක නොවෙන අතුල් පාරක්. කැලැලක් ඉතුරු වුනු හිත පාරන මතකයක්..



අඩවන් කරලා ඇරලා තිබුන ග්ලාස් එකෙන් වැටෙන හිරිකඩ හරිම වේගයෙන් මගේ ෂර්ට් එකේ අත තෙමාගෙන යන්න යනකොට මන් මගේ ඔලුව ඒකටම හේත්තු කර ගත්තා... තව පැය පහක් විතර  තියනවා....

ජනේලෙ උඩින් වැටෙන ටිකක් ලොකු වැහි වතුර බින්දු ටික මන් ඉදගෙන හිටපු ෂීට් එකේ කොනට වැටෙනකොට මට මතක් උනේ ඒ දවස..

දහරානිපාත වැස්සෙ එදා මගේම පවුලේ අය මහ රෑ මාව ගෙදරින් එලියට දානකොට මන් දැනගෙන හිටියෙ නැ කරන්න ඔනි දෙයක්.. ඇක්සිඩන්ට් එකෙන් සුව නොවුන තුවාල බිම වැටෙනකොට ආයෙමත් පෑරුනාත් ඒ දිහාවත් බලන්න කෙනෙක් මන් ලග හිටියෙ නැ. මාව අන්තෙටම වැටෙනකොට මට සහයක් වෙන්න කෙනෙක් හිටියෙ නැ.

පේන මානෙකවත් ඉන්න එපායි කියලා අප්පච්චිම මගේ ඇගට විසි කරපු රුපියල් පන්දාහයි ඇදිවතයි හැරුනුකොට මට ඉතුරු උනේ මගේ බිදුනු ආත්මේ විතරයි .. යන්නෙ කොහෙද ඉන්නෙ කොහෙද කියලා කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙනකොට වේදනා දෙන මුළු ඇගම දාරාගෙන මන් හීන් සැරේ මගේ ගෙදරින් එන්න ආවා. මන් දන්නවා එයාලා ඒ දේවල් කීවෙ ඇත්තටමයි කියන්න. එයාලා මාව පිලිකුලෙන් බලන විදිහ ඒ ගෙවුනු දවස් කීපයේ මන් නොදැක්කා නෙමෙයි .. ඒ උනාත්...

මන් බලාපොරොත්තු උනා මුළු ලෝකෙම නැත්තන් මගේ අම්මා , අප්පච්චි මගේ පැත්තේ ඉදීවි කියලා. ඒත් අනිත් හැමෝටම කලින් එයාලා මාව අතෑරලා දැම්මා..  මට හිතා ගන්න බැ අදටත් ඇයි එයාලට එකම එක පාරක් මට ඇහුම්කන් දෙන්න බැරි උනේ කියලා. එච්චර ආදරේ කරපු මාව එයාලා කොහොමද ඒ වගෙ දෙයක් නිසා එක පාරටම ඇතෑරියෙ..?

DewNadh ( Complete )Where stories live. Discover now