12 කොටස
අසිනියි මායි ප්‍රමෝශන් එකෙන් පස්සේ ටිකක් ඈත් උනා කිව්වොත් හරි. මට පුලුවන් හැමතිස්සෙම මම අසිනි ළඟ ඉන්න ට්‍රයි කලා. ඒත් එයාගේ ඔෆිස් ටයිම් මගේ ඔෆිස් ටයිම් එක්ක අපිට හම්බෙන්න තියෙන චාන්ස් අඩු උනා. මමත් අලුතින් ආව ප්‍රජෙක්ට් දෙක තුනක වැඩ කල නිසා සමහර දවස් වල බෝඩිමට යද්දි දොලහා එක වෙලා. අසිනිට බලන් ඉදලාම නින්ද ගිහින්. මේකට අපි අතරේ රණ්ඩු නොගියාම නෙවේ. ඒත් පහුවෙනිදා වෙද්දි අපි සෙට්ල් උනා. දවසක් මට අසිනිගෙ අම්මා කෝල් කලා.
"හලෝ අම්මා "
"පුතා.. මට පුතා ටිකක් හම්බෙන්න ඕන. "
"ඇයි අම්මා හදිස්සියක් ද??"
"ම්ම් නැ පුතා බිසිද??"
"නෑ.. අම්මා කියටද එන්න ඕන."
"මම පුතාට තව පැයකින් එන්න පුලුවන් ද මම ලොකේෂන් එක එවන්නන්."
"ම් හරි අම්මා "
මගේ හිතට දෙගිඩියාවක් ආවේ නැ කිව්වොත් ඒක බොරු. මම මිස්ට අමරසිංහ ට කියලා පැයක් පර්මිශන් ඉල්ලන් එලියට බැස්සා. අම්මා එවපු ලොකේෂන් එකට යද්දිත් අම්මා ඇවිත් අම්මා එක්ක තව දෙන්නෙක් හිටියා ටේබල් එකේ. මම අම්මා ඉන්න දිහාවට ගිහින් එතන වාඩිවෙලා විනාඩි දහයක් යන්න ඇති දොරෙන් ආවේ අසිනි. මම එකපාරක් නෙවේ දෙතුන් පාරක් බැලුවේ ඒක තහවුරු කරගන්න. අසිනි හිටියේ තනියෙන් නෙවේ. මාධවයා එක්ක. මට එළියට යනවා කිව්වේ නැ. මම සැකේට ෆෝන් එක අරන් බැලුවේ මැසේජ් එකක්වත් දාලාද බලන්න. අපි හිටියේ ඇතුලට වෙන්න. ඒ නිසා අපිව අසිනි දැක්කේ නැ. අසිනි ගෙ මුණේ එහෙම හිනාවක් මම සැහෙන කාලෙකින් දැකලා නැ. මට නිකම්ම හුස්මක් අත්තැරුනා. මේ ඔක්කෝම අම්මායි එතන හිටි දෙන්නයි බලන් හිටියේ.
"පුතා. මම පුතාට එන්න කිව්වේ කතා කරන්න. ඒත් මේ දෙන්නා මෙතනට එනවග මං දන්නේ නැ. මට පුතා එක්ක කතාකරන්න ඕන ඔය දෙන්නා ගැන."
"මොනවාද අම්මාට කතා කරන්න ඕන."
"අසිනි සතුටින් කියලා පේන්නේ නැද්ද "
"මාධව නිසාද??"
"සේරටම කලින් මේ මාධවගේ අම්මා යි තාත්තයි"
YOU ARE READING
why was it she???
Romance( Complete ) එකපාරටම කඩාවැටෙන වැස්සක මුලක් අගක් මැදක් හොයන්න බෑ වගේමයි ඔයා මගේ ජිවිතේට ආවේ. (පලවෙනියට ලියන්න ට්‍රයි කරන GL ස්ටෝරි එක. කියවලාම බලමු)