"Hello ළමයා... මොකෝ වෙන්නේ..."
"ආ.. මල්ලේ.. මොකෝ අපිව මතක් වෙලා..."
"අපෝ ඔන්න කිව්වා ඉතින් බේසික් කතාවක්.."
"ආ... යසයි.. මන් මේ නාල, කාල, පුටුවට වෙලා ඉන්නවා උඩ බලන්.."
"අපෝ කම්මැලිය.. මේ අයියේ.. මන් එන්නද ඔය පැත්තේ..."
"එන්න මල්ලි ඉතින්.."
"මන් හෙට දවල්ට වගේ එහෙනං එන්නන් අයියේ... බස් එකේ එන්න කියල හිතුවේ මන්.."
"ආ.. එහෙනං ගාල්ලට ඇවිල්ල කියන්නකෝ මන් එන්නං..."
"හා හා.."
ටිකෙන් ටික මම මගේ වැඩත් කරන ගමන් පුළුවන් හැමවෙලේම කොහෙහරි ඇවිදින්නම ගියා. මොකද මන් ඒ කාලේ ඉඳන්ම මේ නිදහස හොඳටම හෙව්වා. තනියම නිදහසේ එක එක තැන්වල ඇවිදිනවා කියන්නේ හරිම වෙනස් හැගීමක්.. සෙනග පිරුනුතැන් වල ඔහේ ඇවිදගෙන යද්දී ජිවිතේ ඇත්තටම මොකක්ද කියල හොඳට තේරෙනවා. ඇත්තටම ජිවිතේ කියන්නෙම හරි අමුතු දේවල් වලින් පිරුණු මෙහෙමයි කියල කාටවත් කියන්න බැරි අමුතුම දෙයක්.
දවස් ගෙවිල යන්නේ පුදුම වේගයකින්. සමහර වෙලාවට පුදුමත් හිතෙනවා. වෙලාවකට හිතෙනවා කොච්චර වේගෙන් දවස් ගෙවුනත්, අපි ඉස්සරහට යන්නේ නැද්ද කියලත්..
"ආ... අනූ... මේ.. මෙහේ.."
"ඒ ගමන අද තව car එකක්.. කොහොමද ඉතින් මතක තියාගෙන එන්නේ.."
"එහෙම තමා මල්ලි ඉතින්.. office එකෙන් වාහන හම්බෙද්දී ඉතින් හැමදාම එකම වාහනේ උන් දෙන්නේ නැහැ නේ.."
"මෙයාට ඉතින් තියෙන්නේ සැප තියෙන job නේ.."
මම ගාල්ලට ඇවිල්ල පහන් අයියගේ car වලටයි, එයාගේ විකාර වලටයි කැකිරි පල පල දෙන්නත් එක්ක ගාලු කොටුවට ආව. පහන් අයියත් එයාගේ අලුත් promotion එකෙන් පස්සේ ගොඩක් සතුටින් ඉන්නවා හැබැයි. මොනවා උනත් ඒ සතුට හින්දද මන්ද මටත් හිතට වෙනදට වඩා සතුටක් දැනෙන්න අරන්..
"අනූ...."
"ම්ම්ම්... කියන්නේ අයියේ.. අවුලක්ද?..."
"නැහැ අනේ.. මට අහන්න ආසයි.. හැබැයි බයයි.. අඬන මනුස්සයාගේ ඇහැට ඇන්න වගේ වෙයිද කියල.."