Chapter 20

460 67 32
                                    

" කුකී ඇයි මේ... ඔයාට කන්න බැරි නම් නොකා ඉන්න තිබ්බනෙ... ඇයි අප්පිරියාවෙන් කෑවෙ... "

ටේහ්‍යුන් ජංකුක්ට වමනෙ කරන්න පහසු වෙන්න පිට අතගාමින් කිව්වා.....

.

.

.

.

.

වමනෙ දාලා ඉවර උන ජංකුක්ව වඩාගෙන ටේහ්‍යුන් ආයෙමත් කිචන් එකට ආවා... ජංකුක්ව කිචන් කවුන්ටර් එක උඩින් වාඩි කරවපු ටේහ්‍යුන් ජංකුක්ට බොන්න ලෙමන් එකා හැදුවා....

" කුකී... අපි බෙහෙත් ටිකක් ගන්න යමු... "

" ඕනෙ නෑ හියුන්ග් මටද හොඳයි.... "

" හොඳයි කියන්නෙ කොහොමද...බලන්න වමනෙත් ගියා... කෝ ඔහොම ඉන්න මම කඩෙන් කෑම ඕඩර් කරන්නම්.... "

කිව්ව ටේහ්‍යුන් ජංකුක්ට කන්න කෑම ඕඩර් කරා...

ඊටපස්සෙ ජංකුක්ව ආයෙ රූම් එකට ගිහින් දාපු ටේහ්‍යුන් එයාගෙ ඔෆිස් කිට් එකෙන් සැහැල්ලු ඇඳුමකට මාරු වෙලා වෙනදට ජංකුක් කරන ගෙදර වැඩ ටික කරන්න ගත්තා...

ජංකුක් ටේහ්‍යුන්ට කෑම ගෙදර හදන්න කියලා කිව්වත් ටේහ්‍යුන් දවල්ටත් කෑම ඕඩර් කරලාඅ ගෙන්නුවෙ ජංකුක්ට ආයෙ එයාගෙ කෑම කාලා අප්පිරියා හිතිලා වමනෙ යයි කියලා...

ජංකුක්ට අනුව එයාට තිබ්බෙ පොඩි ඔලුවෙ කැක්කුමක් උනත් ටේහ්‍යුන්ට ජංකුක්ට කාමරෙන්වත් එලියට එන්න දුන්නෙ නැහැ... ජංකුක්ට කෑම කැව්වෙ , එයාව නාවලා පිරිසිදු කරේ , හැමදෙයක්ම කරේ ටේහ්‍යුන්...

නානකොට උන දේවල් ඉතිම් අපි අමතක කරමුකො... 👀👉👈
.

.

.

.

එදයින් පස්සෙත් දවස් කිහිපයක්ම ජංකුක්ට තද ඔලුවෙ කැක්කුමක් දැනුනත් එයා ඒක කියන්න ගියෙ නැහැ... මොකද ආයෙත් ටේහ්‍යුන්ට එයා නිසා වැඩ අතපසු වෙයි කියලා ජංකුක් බය උනා... එ නිසා ජංකුක්ට අමාරු දැනුනත් එයා පුලුවන් විදිහට ඒ වැඩ ටික කරා....

You'll also like

          

ටේහ්‍යුන් අදත් උදේම ඔෆිස් ගියේ එයාට වැදගත් මීටින් වගයක් වැටිලා තිබුනා... ජංකුක් එයාගෙ වැඩ ටික ඉවර කරලා ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තෙ එයාට ටේහ්‍යුන්ගෙ කටහඬ අහන්න ඕන කියලා තදින්ම දැනුන නිසයි...

ජංකුක් එකපාරක් කෝල් කරත් ටේහ්‍යුන් ආන්සර් කරේ නෑ... ජංකුක් තරහින් තොල් දෙකත් උල් කරගෙන පෝන් එක තිබ්බා...

" හුහ්.. මම කතා කරාම තමා ගන්න බැරි... එ උනාට කියන්නෙ නම්... කුකී හදිස්සියක් නම් කෝල් කරන්න යැයි යැයි යැයි තමයි... "

ජංකුක් ටේහ්‍යුන්ට හිතින් බැන බැන ඉන්නකොට ජංකුක්ගෙ ෆෝන් එක රින්ග් උනා... ෆෝන් ස්ක්‍රීන් එකේ ටේහ්‍යුන්ගෙ නම දැකපු ගමන් මූනට හිනාවක් ආවත් බොරු කේන්තියක් මවාගෙනම ජංකුක් ෆෝන් එක ආන්සර් කරා...

" හෙලෝ කුකී... ඔයා කෝල් එකක් ගත්තද... ? "

" නැ මං කෝල් කරේ නැ... මං මේ කෝල් එක රින්ග්ස් යනකොට ඇහෙන ටෝන් එකට නට නට හිටියෙ.... "

ජංකුක් තරහින් උත්තර දුන්නාම අනික් පැත්තෙන් ටේහ්‍යුන්ට හිනා යන්න ආවත් එයා හිනව නවත්ත ගත්තෙ එයාට බැනුම් අහන්න බැරි නිසා...

" කුකී මම මීටින් එකක ඉදියේ.. ඒකයි ආන්සර් කරන්න බැරි උනේ... මම මේ මිස් කෝල් එක දැකපු ගමන්මයි ඔයාට ආයෙ කෝල් කරේ... "

ටේහ්‍යුන්ට ජංකුක්ගෙ කෝල් එක ආන්සර් කරන්න බැරි උනෙ මීටින් එකක හිටපු නිසා කියලා ටේහ්‍යුන් ජංකුක්ට පැහැදිලි කරා...

" යැයි යැයි යැයි තමයි... "

ජංකුක් ටේහ්‍යුන්ට ෆෝන් එකෙන්ම ඇද කරා...

𝐌𝐲 𝐀𝐥𝐢𝐞𝐧 ( Completed ) Where stories live. Discover now