දහනවවන දිගහැරුම...

3.6K 574 77
                                    

"දුලාන්....කියන්නකො දුලාන්....යකෝ දුලාන් කියපියකො හොලමනෝ...."

"සේරටම කලින් මේ කොලේ බලපන්කො...බලල උඹම කියපන් උඹට මොකද හිතෙන්නෙ කියල..."

දුලාන් මගෙ අතට දුන්නෙ කොලයක්....කොලයක් කීවට කොල කෑල්ලක්....ඒකෙ මහ කැත කතාවක් තිබ්බ....ඒ මදිවට ඒක ලියපු කෙනා දැනටමත් ඇස් වලින්...අනේ මේ මොකද්ද මේ....කවුද අප්පා මෙහෙම ඒව ලියන්නෙ...මේක කොහෙන්ද දුලාන්ට....

"ඊයා දුලාන් කවුද අප්පා මෙහෙම ඒව ලියන්නෙ....කොහෙන්ද ඔයාට මේ ජරා කොලේ...."

"කොහෙන්ද තමයි....ක්ලාස් එක මැද්දෙදි ඕක පිටිපස්සෙන් ආවෙ....පිටිපස්සෙ පෝලිමේ කොල්ල මගෙ අතට දුන්න....දීලා කීවා ඉස්සරහට යවන්න එපා ඕක උබලෑ පෝලිමේ එකෙක්ට ආවෙ කියල....ඒ මොන මගුලක්ද කියල හිතපු මං කාටද කියල දන්නැති හින්ද සර් අහක බලනකල් ඉදල පිටිපස්ස බැලුවා මොකාද මේක එව්වෙ බලන්න....බලද්දි අර සෙවලයා.....ඒ පරයා මට අතින් කියනව කොලේ උඹට දෙන්නලු....මං ඉතිං ඒක උඹට දෙන්න කලින් මමම කියෙව්වා....මොකද ඒ සෙවල පෙරේතයාව ඒ තරම්ම විශ්වාස හින්ද...."

මට හිතාගන්න පුලුවන් පන්තිය මැදකදි ඉදන් දුලාන් කේන්ති ගිහින් හිටියෙ ඇයි කියල....

"ඇයි දුලාන් ඒ කොල්ල එහෙම....ඇයි ඒ ගොල්ලො ඒ වගේ පහත් වැඩ කරන්නෙ...."

"මේ අහපන් විහඟයා....හැමෝම උඹේ ආදි අයියා මම වගේ නෑ....මේ සමාජෙ ඉන්නවා ඔය චිට් එක එවපු සෙවලයා වගේ එවුනුත්...එක අතකට ඒකා ඒක චිට් එක්කින් කීවවත් කියමුකො....ඒත් තව කීදෙනෙක් ඇතිද නොකියම උඹව ඇස් වලින් කාපු....අපිට ඒක වලක්වන්න බෑ....උන් එහෙම කරනවයි කියල අපිට හැංඟිලා ජීවත් වෙන්නත් බෑ....ඒව කරන උන්ට තියෙයි....ඇහැට කනට පේන්න ඉන්නවනම් කොල්ලෙක්ද කෙල්ලෙක්ද අද කාලෙ වෙනසක් නෑ බන්....මං මේව කියන්නෙ උඹට දැනගන්න....උඹට තේරෙන්නෑ විහඟ....උඹ හිතන්නෙ පතන්නෙ හරි සරල විදිහට...."

දුලාන් හරි....මට තේරෙන්නෑ තමයි....මට මේව තනිකරම නුපුරුදු දේවල්....මගෙ ලෝකෙ හරි පොඩියි...කලින් ඒක ඇතුලෙ හිටියෙ මල්ලියි අම්ම අප්පච්චියි විතරක් උනාට දැන් මගෙ ලෝකෙ ඇතුලෙ මගෙ ආදි අයියත් ඉන්නවා....දුලාන් එදා ඉදන් මගෙ හොඳම යාලුවා....මම ජීවත් උනේ මේ පොඩි ලෝකෙ ඇතුලෙ....මම ආශ්‍රය කරන්නෙ ඔය කට්ටියව....මම සමාජෙ ගැටුන කෙනෙක් නෙවෙයි ඒලෙවල් වලට එනකල්....ඕලෙවල් කාලෙ මම ගියෙ ඉන්ග්ලිශ් ක්ලාස් විතරයි....ඒකත් ගෙවල් වලට අඩි දහයක් උඩින් තිබ්බ විශන් එකේ ගෲප් ක්ලාස් එකක්....ඒ ඇරෙන්න මහා ලොකු හෝල් ක්ලාස් වලට මම ගිහින් නෑ යන්න උවමනාවක් තිබ්බෙත් නෑ...ඒ හින්ද ඒවගේ වෙන්නෙ මොනවද ඉන්නෙ මොනවගේ ලමයිද මට අදහසක් නෑ....

සත් ඉඳුවරWhere stories live. Discover now