01 ¡ !

5.4K 563 150
                                    

ජීවත් වෙනවා කියන්නෙම පන පිටින් ඉන්න එකයි හුස්ම ගන්න එකයි විතරක්ම නම් , මම කැමතියි ජීවත් වෙන්න..ඒත්  ! ! ඒ විතරක්ම ඇතිද ?

ඒ ප්‍රශ්නෙ විකාරයි..ඔව්....මට සමාවෙන්න එහෙම ඇහුවට...
මම ඒකට ඔයාලාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ..
මොකද ඒකට උත්තරයක් ගන්න මොහොතෙ කෙනෙක්ගෙ මූනෙ ඉරියව් වෙනස් වෙන ඉක්මන !!
ඒක බලාගන්න ඇත්තටම මට ඕනි නැහැ..ඒ මොහොතට මම කැමති නැහැ...
හැමෝම කැමති සතුටු වෙන්න..සතුටින් ජීවත් වෙන්න..ඒත් !!

මම ප්‍රාර්ථනා කරන්නෙම ... මේ ලෝකේ හැමෝම * සතුටින් *
හුස්ම ගන්න ඕනි ..ජීවත් වෙන ජීවිතේ සැනසීමෙන් විඳින්න ඕනි !!
ලබාගෙන ආපු දේවල් කොහොම උනත් , අවසානයක් නැති තප්පරේ පවා විඩාබර ඇස්  විඳින දුක් කඳු වලට දවසක ඒ ඇස් වලින් සතුටු කඳුලක් වැටෙන්නම ඕනි...!!

.
.
.

හා...හ්.... ඉන්න..
ඇත්තටම මම ඒ මොකක්ද කියලා තියෙන්නෙ ! සමාවෙන්න..සමාවෙන්න..මම ටිකක් තද කල්පනාවක හිටියෙ..
එහෙම වෙලාවට මම හිතත් එක්ක සෑහෙන්න රස්තියාදු ගහනවා ...ආයෙම එද්දි මම කියපු දේවල් වල වත් මට සිහියක් නෑ..
හරි ඒක අමතක කරන්න...

හායි !! කොහොමද ? .
මං හිතන්නෙ මාව ඔයාලා දන්නෙ නැහැ.. ඉන්න මම අදුන්වලා දෙන්නම්..

මේ ඉන්නෙ මම.. නමින් කිව්වොත් විසල් අනුත්තර  ..
ඇත්තටම නම ටිකක් අමුතු ඇති..ඒක හිතන්න එපා.. !! ඒත් මම ඒකට ආදරෙයි...

ඒක මට අප්පච්චි තියපු නම.. ඒක මට ලස්සනයි..සුදු අම්මා කියන විදියට අප්පච්චි ඒ නම මම ඉපදෙන්නත් කලින් එයාගෙ ඩයරි එකේ ලියපු එකක්..ඒක ඇත්තටම ලස්සනයි...මම ඒකට ආදරෙයි...

මගෙ නික්නේම් ගත්තොත් , ඇත්තටම මට එහෙම ඒවා නැති තරම්..මොකද නික්නේම් දාන්න තරම් ලොකූ යාලුවෝ පිරිසක් ඇත්තටම මට නැහැ...මම ඇත්තටම යාලුවෝ ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි..මට හොඳම යාලුවෝ කිසි කෙනෙක් නැහැ..මට මෙච්චර කාලෙකට එහෙම ඉඳලාත් නැහැ..මම එහෙම පිරිසක් ඇති කරගන්න කැමති නැහැ..සමහර විට පුංචි කාලෙ ඉඳලම යාලුවෝ මං එක්ක නොහිටිය නිසා වෙන්නත් ඇති..
මං කැමති තනියම ඉන්න..මගෙ පාඩුවේ ඉන්න..

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now