57 කොටස

4.8K 698 203
                                    

"ඇයි උඹට... ඇයි උඹට මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි සෙනේෂ්... එකම තාත්තගේ ළමයි වෙච්ච උඹයි මමයි ආදරේ කරන්නේ කොහොමද යකෝ?? එකම ලේ තියෙන උඹේ සහෝදරයට ආදරේ කරන්න තරම් උඹට අසහනේද??"

"ඔයා තව කොච්චර කාලයක් ඔය කතාව කිව්වත් මට ඒක වැඩක් නෑ... මට ඒක විශ්වාස කරන්නත් බෑ.... "

ඉවසලා ඉවසලා බැරිම තැන මම සෙනේෂ් ට තවත් සද්දෙන් කෑ ගහද්දි ඒ එක්කම හොස්පිටල් රූම් එකේ දොර ඇරුනේ අපේ අවධානේ ඒ පැත්තට යොමු වෙද්දී...

"මේක හොස්පිටල් එකක්... කරුණාකරලා පේෂන්ට්වත් ළඟ තියන් ඔයාලා ඔය විදිහට කෑ ගහ ගන්න එපා.. කරුණාකරලා තියෙන ප්‍රශ්නයක් එළියට ගිහින් විසඳ ගන්න..."

අපිට කෑ ගහලා ඒ නර්ස් යන්න යද්දි මම බැලුවේ සෙනේෂ් දිහා...

"මම මේ උඹට අන්තිම හොඳින් කියන්නේ සෙනේෂ්... උඹේ හිතේ තියෙන දේවල් කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ... ඒ නිසා දැන් මගෙන් මැරුම් නොකා පලයං... මම කැමති නෑ මගේ කොල්ලා ඇස් අරිද්දි උඹේ හුළඟක්වත් ඌට වදිනවට.. ඒ නිසා කරුණාකරලා මෙතනින් පලයං....."

මම උපරිම ඉවසීමෙන් ඒ ටික කියලා දාද්දි සෙනේෂ් එතනින් යන්න ගියේ ටික වෙලාවක් මගේ දිහා බලන් ඉඳලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම උපරිම ඉවසීමෙන් ඒ ටික කියලා දාද්දි සෙනේෂ් එතනින් යන්න ගියේ ටික වෙලාවක් මගේ දිහා බලන් ඉඳලා...

"දැන් ඇති නැද්ද මැණික දොයියන් හිටියා... නැගිටින්නකෝ පණ දැන්වත්... මට හරි පාලුයි උඹ ඔහොම ඉද්දි මගේ චූටි....."

වෙනදට රෝස පාටට තියෙන එයාගේ සියුමැලි කම්මුල් අද සුදු මැලි වෙලා.. ඒත් මම වෙනදා වගේම ඒ සිනිඳු කම්මුල් වල හාදු තැවරුවේ මගේ කොල්ලා ගැන දරා ගන්න බැරි තරම් ආදරේකින්..

"මගේ පණ උඹ චූටි... ගෙවුන මාස ගාණටම නිදහසේ හුස්ම ගත්ත දවසක් මට මතක නෑ මගේ පණ... දැන්වත් උඹේ දීර්ට සැනසීමක් දීපන් මහී... මට හරිම මහන්සියි... එකම එක පාරක් ඉස්සර වගේ මහන්සි දැනෙද්දි උඹේ පපුවට තුරුල් වෙලා ඉන්න ඕන රත්තරං..."

ඔ හු (Yizhan) ✔️Where stories live. Discover now