Chapter 12 |ඇස් කොනෙන්

37 8 2
                                    

Rovan Pov

මට මතකයි අම්මගේ අතේ එල්ලිලා රෝස පාට පුළුන් බෝල දෙකක් අපේ ගෙදර එනවා.

ඉස්සෙල්ලාම මම හිතුවේ ඒ පොඩි ගෑනු ළමයි දෙන්නෙක් කියලා. මොකද දෙන්නම එක වගේමයි.

ඒත් පස්සේ දැනගත්තා කලිසම් කොටයක් ඇඳගෙන එන එක්කෙනා පොඩි කොලු පැටියෙක් කියලා.

කොලු පැටියගේ මූන පිරිලා තිබ්බෙම ලොකු හිනාවකින්.

අඩුම ගානේ පය පැකිලිලා බිම වැටුනත් අඬනවා වෙනුවට හිනාවෙලා හිටියා.

මට මතකයි මට වඩා අවුරුද්දක් දෙකක් බාල ඒ පොඩි කොලුවව මම දුවලා ගිහින් බදා ගන්නවා.

ඒ වෙලාවට අම්මී ආන්ටිගේ අතකින් අල්ලගෙන හිනාවෙනවා.
හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න කියලා කියනවා.
මල්ලි බබාව බලාගන්න කියනවා.

ඒත් මට මතකයි දවසක් මම මගේ අයියා එක්ක ඉස්කෝලේ ගිහින් ගෙදර එනකොට ගෙදර ලොකු කලබැගෑනියක්.

ආන්ටී මෙලීනා අම්මිව බදාගෙන අඬනවා. අන්ක්ල් ඩැඩී එක්ක ආගියු කරන ගමන් කාටදෝ කෝල්ස් ගන්නවා.

ඒ අතරේ ඒප්‍රීල්, නැනීගෙ අතට වෙලා හයියෙන් අඬනවා.

මං වටපිට බැලුවේ මගේ කොලු පැටියව හොයාගන්න.

ඒත් ඒ ගෙදර කොහේවත් එයා හිටියේ නෑ.

එදා විතරක් නෙමෙයි එදා ඉදලා කවදාවත් එයා අපේ ඇස් ඉස්සරහට ආවෙත් නෑ.
අවුරුදු ගානක් ගෙවිලා ගියත් එයාව හොයන එක නැවැත්තුවෙත් නෑ.

මම අයියා ඒප්‍රීල් විතරක් හිටපු කල්ලියේ තාමත් හොයාගන්න බැරි වුණ ඒප්‍රීල් ගෙ මල්ලි ඇල්ෆිටත් ඉඩක් ඉතුරු වෙලා තිබුණා.

අවුරුදු දාහතේදි අපිට දැනගන්න ලැබුණා අපි එකිනෙකාව ප්‍රපෝස් කරලා තිබුණේ කියලා.
අයියට ඒප්‍රීල් ව ප්‍රපෝස් වෙනකොට, සුදු පාට බෝලයක් මගේ ලඟට එනකන් මං බලාගෙන වුන්නා.

ඒත් තවත් අවුරුදු ගානක්ම ගත වෙනකොට හැමෝටම තිබුණ බලාපොරොත්තු නැතිවෙන්න ගත්තා. මොකද විලියම්ස් ෆැමිලි එකට දෙයක් හොයාගන්න බැ කියන්නෙ වෙන කාටවත්ම බැරි නිසා.

Carnation | කානේශන් | BL Sinhala NovelWhere stories live. Discover now