#දහනවවන_පිටුව 💞

865 98 2
                                    

මම ටවල් එක පටලවගෙන කමරේට ඇවිත් ඇදට වැටුනා.. ඇස් පියා ගත්තේ ඇස් ඇරන් ඉන්න බැරි නිසා.. මම ඇද පුරම නිදහසේ අත පය විහිදලා ඇද බදාගෙන ඇස් පියා ගත්තා..

"අයියෙ කන්නෙ නැද්ද.."

"ම්ම්ම්හුම්.."

"නොකා නිදා ගන්නෙපා ඇගට පණ නෑ ඊට පස්සෙ උදේට.."

"දැන් කන්න බෑ.. පස්සෙ.."

"කියද බලන්න වෙලාව..10ටත් ලගයි.. මොන පස්සෙද.."

"කන්න බෑ අප්ප...ඔයා කන්න.."

ටිකකින් චූටි කාමරෙන් යනවා ඇහුනා..
මට මතකෙට ආවේ චරිත්ව.. ඌ මට දාන ලොකු සීන් ගැන.. හොදම යාලුවෙක් වෙල ඉන්න එකෙක් හැමදේටම ඉදපු එකෙක් වෙනස් වෙද්දි කාට උනත් දරන්න බෑ..  ඒත් ඒ හැමදේම උනේ මගෙ වරදින් කියලා මතක් වෙද්දි චරිත්ට මම සාධාරණ සමාවක් දුන්නා..

"හ්ම්...නැගිටින්න අහ්.. කලා ඉමු.."

"කන්න බෑ කිව්වනේ ඕයි.."

"මං කවන්නම්.. කෝ.."

මම අමාරුවෙන් හරි මූණ විතරක් උස්සලා බැලුවේ චුටි දිහා.. චුටි පිගානක් උස්සගෙන ඇවිත් තිබ්බේ වතුර වීදුරුවකුත් එක්ක..

"ඔයා කන්න.."

"කටක් කමු.."

චූටි පිගාන තියලා මට නැගිටින්න උදව් කලා. මම ඇද විට්ටමට හේත්තු උනේ අමාරුවෙන් ඉන්න ඔනේ නැති නිසා මිසක කෙලින් ඉන්න බැරි කමක් නිසා නෙවෙයි..

"ඔයා කෑවද.."

"නෑ.. මම කන්නම් ඔයා කලා නිදා ගන්න.."

"ඔයත් ඔහොම්ම කන්න.."

"ඔයා කලා ඉන්නකො.."

"ඇයි අපිරියයිද මගෙ පිගානෙන් කන්න.."

"විකාරද.. මේ ඇයි ඔහොම බොන්නේ.."

"අද බර්ත් ඩේ පාටි එකක්.."

"හරි පාර්ටියකට ගියාම බොනවා තමා...ඒත් මේ වගේ කනමදයා වගේ බොන්නෙ ඇයි කියලා ඇහුවේ.."

"ඒක නෙවෙයි ඊට කලින් කියන්න චරිත්ද කිව්වෙ මම පාර්ටියකට ගියා කියලා කිව්වෙ..."

"ඔව් මම ඔයට ගත්තා.. ෆෝන් වැඩ නෑ..
කැම්පස් පොත අරන් එන්න මතක් කරන්න ගත්තේ.."

You'll also like

          

"ඉතින් ඌට අරං හරියන්නෑනේ.. මම ඉන්නෙ උන් එක්ක නෙවෙයිනේ.ඔයා දන්නවනේ.."

"මට ඔනේ උනේ පණිවිඩේ කියන්න. ගොඩක් අය පොත දාලා නිසා.."

"මට මොකෙක්වත් මතක් කරන්න ඔනේ නෑ..මම උදේම ගිහින් පොත ගත්තා.."

"කෝ.."

"බෑග් එකේ.."

"හොද අයියා.."

"මට ඇති ඔයා කන්න.."

"මේ කට විතරයි තියෙන්නෙ.. "

මාරුවෙන් මාරුවට පිගානටත් මගෙ දිහාටත් මාරු වෙන චුටිගේ ඇස් වල කළු ඉංගිරියාව දිහා බලන්ම මම බත් ටික කෑවා..
මම ටවල් එක පිටින්ම ඉන්න නිසා චූටි මට සරමක් ඇගට දලා කුස්සියට ගියා..
ඇවිත් මගේ බෑග් එක ඇදලා පොත අරන් පෙරල පෙරල බැලුවේ හෙන ආසාවෙන්.. අපිත් ඔහොම ගෙවපු කාලයක් තිබ්බා..

"දැන් ඕක පුරවන්න දන්නව..?"

විසි වෙවී හරි මම සරම ඇදගෙන ටවල් එක චුටිගෙ ඔලුවට දැන්මා..

"අනේ අස් කරලා ඉවරයක් නෑ අප්ප ඔයා එක්ක ඉද්දි.. දානවා මේක අර පුටුවෙන් හරි දොරෙන් හරි.."

මම ටවල් එක ආරන් චුටිගේ බෙල්ල වටේ දලා චුටිගේ දෙපැත්තෙන් අත් තියලා මෙසේ අල්ලගෙන පාත් උනා..

"උරලෑවෙක් වගේ අරක්කු ගද.."

"නෑවනේ.."

"බීලා නෑවට ගද යන්නෑ.."

"එහෙනම් තනියම පුරව ගන්නවා...මම යනවා.."

"ඉන්න.."

චුටිගේ කැම්පස් පොත පුරවන්න ගත්තේ ලාවට ලියවෙන පැන්සලකින්..
මුළු පොතම පිරෙව්වෙ මම බලන් ඉද්දි චූටි උනත් කැම්පස් ලිස්ට් එක දාද්දි පැන්සල උදුරලා මම ඉස්සෙල්ලම දැන්මේ ජ'පුර කැම්පස් එක. ඒත් ඌ ආස උනේ පේරාදෙණි යන්න..

"අනේ ජ'පුර.."

"ඔව් ඒක හොදයි.."

"පේරාදෙණිය හොද නැද්ද.."

"කොයි කැම්පස් එකත් හොදයි හරිටට ඉගෙන ගත්තා නම්.. අපේ උන් මේ බොරුවට රැල්ලට අරක හොදයි මේක හොදයි කිව්වට වැඩක් නෑ.."

"පේරාදෙණි දාමු.. කමක්නෑ.."

"කැමැත්තක්.."

මගෙන් පැන්සල ගත්ත චූටි පැන්සලෙ උඩ කොණෙන් මං ලිව්ව අකුරු ටික මකලා පේරාදෙණිය කැම්පස් එක ඉස්සෙල්ලම දලා කැමති පිළිවෙලට අනිත් ඒවා දැන්මා.. මම ටිකකින් ගිහින් ඇදට වැටුනේ චූටිටත් නිදා ගමු කියන ගමන්.
මම ඇදේ කොණට ගිහින් නිදා ගත්තේ බෙඩ් ශීට් එක කකුල් දෙකේ ඉදන් ඉණ දක්වා පෙරවගෙනප් අත් බැදගෙන ඒ උඩ ඔලුව තියාගෙන. ඒ මගේ පහසුම ඉරියව්ව..
අපි අතරේ පොඩි නිහැඩියාවකින් පස්සෙ කතා කලේ චූටි..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now