Chapter 34

12 5 16
                                    

ගෙවුන දවස් කිහිපය සතුටින් සාමකාමීව ගෙවුණෙ යුංගිගෙ ජීවිතේට වගේ ම යූහිගෙ ජීවිතයටත් වසන්තය ගෙනල්ලා... යුංගිගෙ දගකාරකම් එක්ක යූහිට පාලුවක් නොදැනෙද්දි කෙල්ල උන්නෙ කියාගන්න බැරි සතුටකින් ..

" එන්න කමු ... "

සෝෆා එකේ ඇලවෙලා උන්නු යුංගි ගාවට ආපු යූහි කොල්ලා දිහා තත්පර ගානක් බලා උන්නෙ වශී වෙලා වගේ .. වශී නොවී තියේවිද?? .. ඒ පියවිලා තියන හීනී ඇස් , මූණට වැටිලා තියන කොණ්ඩෙ , හීනි රෝස පාට තොල් , කම්මුල් ... යූහිට හිතුනෙම සුරදූතයෙක් එයා ඉස්සරහා ඉන්නවා කියලා ...

ඔලුව දෙපැත්තට ගසලා හරි සිහිය ගත්ත යූහි යුංගිට කතා කළත් කොල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවෙද්දි යූහී තොල් දෙක කට ඇතුළට ගිලගත්තෙ යුංගි දිහා බලාගෙනමයි ..
' හොදටම නිදිනෙ .. ඇහැරවන්නත් ලෝභයි .. කමක් නෑ නැගිට්ට වෙලාවක කමුකො එහෙනම් .. '
යූහි හිතින් හිතුවෙ යුංගිගෙ දිහා බලාගෙනමයි.. කෙල්ල කිචන් එකට ගියෙ සෝෆා ටේබල් එක උඩ තිබුණු හිස් බීම වීදුරුවත් අතට අරන් කිචන් එකේ තියන කෑම වහලා තියන්න හිතන් ...

ඔව් , යුංගි කම්පැනි එකේ වැඩ කරලා තමා දවල් යූහි බලන්න ආවෙ .. විඩාබර මූණ දකිනකොට යූහි යුංගිට බීම වීදුරුවකිනුත් සංග්‍රහ කරලා කොල්ලට රෙස්ට් කරන්න කියලා කෑම හදන්න ගියෙ ලන්ච් එකට යුංගි ඉන්නවා කියලා කිසිම සැකයක් නැති නිසා...

" පූසෙක් වගේමයි .. "

මූණට නැගිණු හිනාවත් එක්ක යූහි කිව්වෙ කොල්ලා දිහා බලාගෙනමයි ...
සෝෆා එකේ වත උඩ දාලා තිබුණු කෝට් එකයි ටයි එකයි අතට ගත්ත කෙල්ල ඒක පිළිවෙළකට අරන් තිබ්බෙ යුංගිට බාධා නොකරමයි ... ටේබල් එක උඩ තියෙන වොලට් එකයි වොච් එකයි ෆෝන් එකයි දිහාත් බලපු කෙල්ල ඒවට මොකුත් කරන්න ගියෙ නැත්තෙ ඒවා ගානට පිළිවෙළකට තියලා තිබුණු නිසා

යුංගිට ඉස්සරහා තියෙන සෝෆා එකෙන් වාඩි වුණු යූහි ඉටිරූපයක් වගේ ඉන්න යුංගි දිහා බලාගෙනම උන්නෙ දැහැන් ගතවෙලා වගේ .. යූහි කල්පනා ලෝකෙක අන්තෙටම කිදා බහින්න වැඩි වෙලාවක් ගියෙ නෑ... ටික වෙලාවකින් යූහිගෙ මූණෙ තිබුණු ඒ ලස්සන හිනාවත් අදුරු වුණේ බලා ඉද්දැද්දිමයි...

Strong Hearts  ( MYG / Completed / FF )Where stories live. Discover now