chapter 35

198 23 14
                                    


මන් බඩුත් උස්සන් එද්දි හෝසොක් ඇවිත් මට බඩු ටික ගන්න උදව් කරා..චීස්බෝලෙනම් පේන්න හිටියෙ නෑ..හැබයි මුලු ගෙදරම කෑම සුවදයි...
මායි හෝසොකුයි බඩුත් අරන් සාලෙට ආව...මන් හෝසොක්ව එතන ඉද්දිම කිචන් ගිහින් ඔලුව දැම්මෙ කෑම සුවදක් එන්නෙ හෝසොක් උයන්න පුරුදු වෙලාද බලන්න..නෑ මිත්‍රවරුනි නෑ...එතන හිටියේ මගෙ චීස්බෝලෙ..එයා එයාගෙ පුන්චි ඇග තාලෙට පද්ද පද්ද විසිල් එකක් ගගහ කෑම හදනව..ටිකකින් මගේ උරහිසට පොඩි බරක් දැනෙද්දි මන් දැක්කෙ මගේ කර උඩ ඔලුව තියන් ඉන්න හෝසොක්ව...එයත් ජිමින් දිහා බලන් ඉන්නවා...ජිමින්ට කරදරකරන්න ඕනෙ නැති නිසා අපි දෙන්නම එකතුවෙලා අපි දෙන්නාගෙම ඇදුම් අස්කරන්න ගත්තා...

hoseok pov---------------------

යුන්ගි අපිව ඩ්‍රොප් කරපු වෙලෙව් ඉදන් ජිමිනුයි මායි හිටියේ එක එක ඒව කතාකර කර..හවස් වෙච්ච නිසා ජිමින් මටත් කියල කිචන් එකට ගියේ කෑම හදන්න කියලා..එයාට උදව් වෙන්න කියල ගියත් ඒයගෙ විදියට මන් වැඩ දෙක කරනවයි කියල කිව්ව නිසා මන් පැත්තකට උනා..හහ් මෙහෙම හිටියට මට යන්තමින් වගේ රාමෙන් එකක් හදාගන්න පුලුවන්..
ටිකකින් යුන්ගි ආවම මන් එයට බඩුටික ගන්න උදව් උනා..මුලු සාලෙම කෑම සුවදයි..යුන්ගි ගිහින් කිචන් එකට ඔලුව දාපු පාර මාත් එයාගෙ උරහිස උඩ නැගෙන ඒයා මොනවද බලන් ඉන්නෙ කියල බැලුවා..ජිමින් එයාගෙ චූටි පස්ස නලෝ නලෝ කෑම හදනව..දැන්නම් මට පස්සට තට්ටුවක් දන්න ඔනේ වගේ..සැක් හෝසොක්..උබේ හිත සන්සුන් කරගනින්..
මායි යූනුයි එකතුවෙලා අන්තිමේ කාමරේට ගිහින් බඩු අස්කරන්න ගත්තා..අපිට තිබ්බෙ එක කාමරයක් උනාට එකෙ පස්දෙනෙන්කට වගේ ඉන්න පුලුවන්..එවගෙම ඇදකුත් තියෙනවා..මායි යුන්ගියි එකතුවෙලා ලොකු වෑයමක් දරල ගෙනාපු බඩු අපේ කබඩ් එකට දැන්ම...කම්මැලි.. කාලෙකින් රන්ඩුවක් ඇදගත්තෙ නෑනෙ මේ ස්නෝවයිට් එක්ක...මන් හිටියෙ රන්ඩු වෙන්න පොටක් හොයන ගමන්..සැක් මේ මනුස්සය මාත් එක්ක රන්ඩුවෙන්නෙ නෑනෙ. ..

කොහොම හරි ජිමින් කෑම හදල ඉවර උනාම මන්
කෑම ටික මේසෙට සව් කලා..එයානම් මේසෙන් ඉදගත්තේ ඊලග දවසෙ ඉදන් අපි දෙන්නට උයන්න කියාදෙනව කියල ලොකු විස්වාසෙකින්...මටනම් විශ්වාසයි අපිට උගන්න්න ගිහින් අන්තිමේ ජිමින් අර සෝස් පැන් එක අපි එපි දෙන්නගෙ කටේ ඔබනව..
කොහොම හරි අපී කෑම කන්න පටන් ගත්තා...

قد يعجبك أيضاً

          

ඔන්න ඉතින් මන් පුන පුනා බලන් හිටපු අවස්ස්තාව..මන් චොප්ස්ටික් එකෙන් රයිස්කේක් කෑල්ලක් ගද්දි යුන්ගිත් ඒකටම ඇන්න..මන් ඉතින් කලින් තිබ්බ තරහත් ඒකෙන්ම පිටකරන්න මන් චොප්ස්ටික් එකෙන් ඒකට ඈන්න..ඒත් එක්කම මේ මනුස්සයත් එයාගෙ චොප්ස්ටික් දෙකෙන් එකට ඇන්න..මේක හරියන්නෙ නෑ..ඒක මගේ..මන් ඇස් හීන් කරන් එයා දිහා බලන් චොප්ස්ටික් එකෙන් එයාට ගන්න බැරි වෙන්න රයිස්කේක් කෑල්ල එහාට මෙහාට කලා...ඒකත් මගේ චොප්ස්ටික් එකට ගහනව...

ඒත් මේ සීතල යුද්දය විනාඩි දෙකකට විතරක් සීමා උනේ අපේ රන්ඩු බලන් ඉදල ඇති උන ජිමිනා එයාගෙ අතින්ම රයිස්කේක් එක අරන් අපි දෙන්නටම නොදී ඔක්කොම කද්දි...

Jm- මමයි මෙතනම බාලම.ඒත් මටවඩා වැඩිමල් ඔය දෙන්නනෙ මෙතන පොඩි උන් දෙන්නෙක් වගේ රයිස්කේක් කෑල්ලකට රන්ඩු වෙන්නෙ...

Jh- ඔයාට ඒක නිකම්ම නිකන් රයිස්කේක් කෑල්ලක් උනාට චිම් මටනම් ඒක මගේ රිටර්න් එක

මන් කිව්වම ජිමින් එක ඇහිබැමක් උස්සන් මන්දිහා මූනත් බස්සෙක් වගේ කරන් බලන් හිටියා ...

Sg - මේ මෝඩයට කියල වැඩක් නෑ චීස්බෝලෙ..

Jh- තමුසෙ මටද මෝඩය කිව්වෙ..තමුසෙ තමා මොඩය..

Sg - තමුසෙ

Jh- තමුසෙ!

Sg - තමුන්!!!

Jh- ත්...ම්ම්.ම්ම්ම්

මන් ඒකට බයින්න ගියත් ජිමින් අපි දෙන්නගෙම කටේ අර ලොකු බිත්තරයක් එබුව...තව පොඩ්ඩෙන් අර ස්නෝවයි බිත්තරේ හිර වෙලා මැරෙන්නෙ..කොහොමද එහෙම උනොත්..මන් ඩිස්නි ලෝකෙ වෙනස් කරනවා...
හැබැයි ඉතින් ස්නෝවයිට්ගෙ මිනිහ ඇවිත් මාව මරල යයිද දන්නෙ නෑ..

කොහොම හරි ජිමින් නිසා අපේ දෙවෙනි ලෝකෙ යුද්දෙ නැවතුනා...අන්තිමේ අපි රන්ඩු වෙන නිසාම ජිමින් අපිට කෑම කැව්ව...එයා කෑම කවනකොට කෑම රහයි...මන් ඊලග දවසෙ ඉදන් වද දීල එයාගෙන් කෑම කවාගන්නවා...කොහොම හරි අපි කාල ඉවර වෙලා කාමරේට ගියේ වොශ් කරන්න...

මුලින්ම ජීමින්ට වොශ් දාන්න ඕනෙ කිව්ව නිසා එයා කබ්ඩ් එක ගාවට ගියේ ඇදුම් ගන්න..ඒ උනත් අති සාර්තක විදියට කබඩ් එක ඇරිය විතරයි අපි පිලිවෙලට කබඩ් එකේ ඔබල තිබ්බා ඇදුම් ටික ජිමින්වත් පෙරලන් බිමට වැටුනා..

Undying Loveحيث تعيش القصص. اكتشف الآن