මොකක්ද.........
යීබෝට ආදරේ කරපු එක......!!..
ඒ වගේම යීබෝ එයාට ආදරේ කරපු එක........!!!!
ඒ ගැන කියනවා නම්....ඒක ලොකු කතාවක්....දිගම දිග කතාවක්...හැබැයි මේක නෙවේ කියන්න වෙලාව........ඒඑත්....කතාවේ සාරාංශය කෙටියෙන් ගත්තොත්.........ඩැඩීට අනුව ශියන්ගෙ මිනීමරුවා යීබෝ වගේම යීබෝට අනුව ශියන්ගෙ මිනිමරුවා ඩැඩී......කාලයක් යනකම් දෙන්නම විස්වාස කරපු ඇත්ත ඒකයි...........
හුලග කපාගෙන බයික් එක ඇදීගෙන යද්දි...ෆුල් ෆේස් හෙල්මට් එක තිබුනා උනත්.....ගැස්සෙන පාරට කන් දෙක කීන් ගාන්න ගත්තා...මහ පාර වෙනුවට ගල් පිරුනු පාරකින් රෝද ඇදිලා යද්දි...කන් ඇතුලේ පිහාටුවක් කරකවනවා හා සමානව දැනුනා....ඔලුව යාන්තමට ගසලා රේස් කරලා බයික් එක යන්න ගියත්....කවදාවත් නැතිව හිතට අමුත්තක් දැනුනා.....පලවෙනි පාරට ශූයැන්ග්ට කතා නොකළ නිසාදෝ..කියාගන්න නොතේරෙන හැගීමකින් හිත පිරිලා තිබුනා........
මං දන්නෑ ඒක නුවනට හුරු දෙයක්ද කියන්න...ඒත් පලවෙනි වතාවට මං ශූව මේ වගේ දේකින් ඈත් කලා....ශියන් වෙනුවෙන් එකතු වෙලා පලිගත්තෙ අපි දෙන්නම උනත්...මගෙ පවුල වෙනුවෙන් නිදහස දිනාගන්න මට විතරක් තනියම සටන් කරන්න ඕන උනා.....ඩොක්ටර් කෙනෙක් උනු එයාගෙ අත්වල තවත් ලේ ගාවගන්න නොදී හැමදේම මටම තනියම ඉවරයක් කරලා දාන්න උනා......ඒ හින්දම....කිසිම උදවුවක් නැතිව හැමදේම තනියම බලාගන්න ලෑස්ති උනු මං...ඈත කොනක බයික් එක නවත්තලා තට්ටු දෙකට හදපු ගෙයක් දිහා බැලුවා..........
ගෙයක් කිව්වත්.........ඒක මට නුපුරුදු තැනක් නොවෙද්දි...මගෙන් බර හුස්මක් පිට උනා........
ජීවතුන් අතර නෑ කියලා හිතුවත් උබ තවම ජීවත් වෙනවා මිස්‍ටර් වෙන්.......තවමත් මට අදහා ගන්න බෑ ඇයි යීබෝ උබව පණපිටින් අතෑරියෙ කියලා....සමහර විට උබේ මරණය ලියවිලා තියෙන්නෙ මගෙ අතේවත්ද.........
කාලෙකට කලින් සීන් නිසා හුගක් දේවල් නැත්තටම නැති උනා...අද වෙද්දි..යීබෝට ඉතුරු වුනේ එයාගෙ ලීගල් බිස්නස් එක විතරක් වෙද්දි...ඊට යටින් අරන් ගිය ඉල්ලීගල් බිස්නස් සේරම අරුන් දහ දෙනාගෙ මිනිමැරුම් එක්ක අන්තෙටම කඩන් වැටුනා...දැන් එහෙම දෙයක් තිබ්බත් නැති ගානට වෙද්දි...යීහන් නිසාම යීබෝ හැමදේකින්ම....දරුවට හතුරො ඇතිවෙන්න පුළුවන් පොඩිම දේකින් පවා ඈත් උනා......ඩැඩාට මං ලවුවා යීබෝගේ ඉල්ලීගල් බිස්නස් විනාස කරන්න ඕන උනා වගේම ....යීබෝම කාලෙත් එක්ක ඒක පැත්තකට විසි කරලා තිබුනා.......කවුරු කලා උනත් දැන් ඩැඩීට ඕන දේ වෙලා..දැන් යීබෝ වෙනුවට ඉල්ලීගල් බිස්නස්වල සම්පූර්ණයෙන්ම අයිතිය තියෙන්නෙ ඩැඩීට....ඒත්......එහෙම වෙලත්....එයාට මිස්‍ටර් වෙන්ව එයාගෙ පාරෙන් අයින් කරන්න ඕන කියන්නේ...ම්ම්...පේන විදිහට වෙන් ෆැමිලි එක කියන්නෙ ඩොක්ටර්සම විතරක් නෙවේ ...එහෙම උනා නම් උන් කීයටවත් මාසයක් පිරෙන්නත් කලින් මගෙ දරුවව නැති කරන්න ප්ලෑන් ගහන්නෙ නෑ......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....
🎼 Chp 8️⃣9️⃣ 🎼
Start from the beginning