ගලාගෙන යන ගගක් අවසානෙ මහ මූහුදට අයිති වෙන්නෙ. එත් මම මුහුදට වඩා ආස වුනේ පුංචි දිය කදවල් පිරුනු දිය කඩිති වලට. ඒ එක්කම පොඩ්ඩ පොඩ්ඩ ගගක් වෙනකල් ඒක ලොකු වෙද්දි අවසානයෙ ඒක මහා මූහුදට ගලනවා. ඉතින් අවසානේ පෘථිවියෙන් වැඩිම තියෙන මුහුද තමයි අර දිය කඩිති වල ගැලුව වතුර. ආරම්භ දර්ශනයට වඩා බහුතරේ කැමති බලන්න අවසාන දර්ශනය. එත් මට අනුව මම කැමතිම ආරම්භ දර්ශනයට. ඉතින් හේතුව මිනිහෙක් පරිනත වෙලා විදවනවට වඩා මම කැමති ලදරුවෙක් වෙලා ඔහේ ගලන් යන්න.
මිනිස්සුත් එහෙමයි. අම්මලා තාත්තලා ළඟ සුව පහසුවට පොඩ්ඩ පොඩ්ඩ ගලන් ගිහින් පොඩි පොඩි සමාජ තත්ත්ව එක්ක පොඩ්ඩ පොඩ්ඩ ගැටෙන්නෙ. ඒ ගැටෙන තැන් වලට පස්සෙ එයාලා එකතු වෙන්නෙ විවිධ ස්ථර වල මිනිස්සු එක්ක.
එකයි මම කියන්නෙ මම ඉස්සර වහෙ අවුරුදු 22 ළමයා වගෙ නිදහසෙ ගලන් යන්න ආස හිතුනත් එත් දැන් මට එහෙම ගලන් යන්න අයිතියක් නෑ. මම මහ මුහුදේ වතුර එක්ක. මික්ස් වෙලා ඉවරයි. මෙතන ඉදන් අර පුංචි වතුර පාර තව දුරටත් නිදහසෙ ගලන් යන්නෙ නෑ... ඉතින් මේ වෙහෙසකර වුනත් මම යන්න ඕනේ පාරක් නිසාම මම ට්‍රයි කරනවා.
කාර් එකෙ සීට් එකට ඔලුව තද කරන් මම බය ගුල්ලෙක් කියලා බොහෝ විට මට දැනෙන මේ හැගීම මම හිතන්නෙ මම බය නිසා දැනෙනවා නෙවේ.... මෙහෙම දැනෙන්නෙ මට තිබ්බ චැලේන්ජ් වෙනස් වුන නිසා තියෙන හැගීම.
මගෙ ෆෝන් එක රින්ග් වෙනවා දැන් විනාඩි දෙක තුනක ඉදලම. ඉතින් මම අන්තිමේ ඔලුවේ බර අමතක කරලා ඒ නම්බර් එක දිහා බැලුවා.
"විනාඩි 3කට වඩා ගියා කෝල් එක අන්සවර් කරන්න."
"මම වෙන කල්පනාවක ලොකු හිටියෙ."
"මට අහන්න පුලුවන්ද මොකක්ද මේ නටන්න හදන විගඩම කියලා."
"මම මොන විගඩම් නටන්නද ලොකු."
"දගයෝ.... උඹ මගෙ එකා... හැරෙද්දි මේ දෙවල් කරන්නෙ කවුද කියලා බලන්න මට ඇස් ඕනේ නෑ."
"ලොකු..."
"දැන් ඇයි කේන්ති ගියෙ... මම වැරදි දෙයක් කරාද? කිව්වද?"
"මට මහන්සි ලොකු.... හුස්මක් ගන්න දෙන්න ඔයා ළඟ වත්....."
"දැන් මොකක්ද වුනේ..."
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️