"මේවට උත්තර දෙනවා සවිනු!"හවස ගෙට ගොඩ වෙනවාත් එක්කම මගේ මූණට ඇවිල්ලා වැදුනේ කොල කෑලි වගයක්...තාත්තා අද කලින්ම ඇවිල්ලා..ඒත් මේ? මන් බිම වැටිලා තිබ්බ එක කොළයක් අහුල ගත්තා.
"මේවට ඔයා මොනවද කියන්නේ?"
"තා..-ත්තේ!"
ඒ තිබ්බේ ෆොටෝ..මගෙයි අයියගෙයි තාප්පේ ගාව බදාගෙන ඉන්න ෆොටෝ එකක්..වතුර නාගෙන..ඒත් මේවා කොහෙන්ද?
"වටේ පිටේ මිනිස්සුන්ගෙන් මට මේවා එන්නේ? රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න පුලුවන්ද?''
"තාත්-"
"කතා කරන්න එපා අද තෝ! මොනාද මේ විලි ලැජ්ජ නැති වැඩ? නවත්තලා කිව්වම මාත් විශ්වාස කලා...කියනවා මේ මොනවද?"
බිම තිබ්බ ෆොටෝස් ටිකක් අරගෙන තාත්තා ආයෙමත් මන් හිටිය දිහාවට විසික් කලා...වෙව්ලන අත් වලින් ඒ ෆොටෝ අහුලද්දි එක ෆොටෝ එක විතරක් නෙවේ... ක්ලාස් එක ගාව එහෙම අයියයි මායි ඉන්න ෆොටෝ තිබ්බා..මන් මොකක්ද කරන්නේ?
**චටාස්!!**
"මහත්තයා!!"
තාත්තගේ අත මගේ මූණේ වදිනවත් එක්කම පැත්තක හිටිය අම්මත් දුවගෙන ආවා.. ඔව් තාත්තා මට ගැහුවා.. ලේසියකට අතක් උස්සන්නැති කෙනා.
"අහකට යනවා මාලි! මයේ යකා විතරක් අවුස්සන්නේ නැතුව..පේනවනේ පුතන්ඩියාගේ කෙරුවාව"
"තාත්තේ!"
"කට වහගනිම් සවිනු! උබ එදා කිව්වා.... එදා කිව්වා මේ පරයා එක්ක කිසි සම්බන්ධයක් නෑ කියලා..එහෙනම් මේ මොනවද?"
කවදාවත් දැකලා නැති පැත්තක් තාත්තගෙන් දකිද්දි කියන්නේ මොනාද කියලා මට හිතා ගන්න බැරි උනා...මගේ ෂර්ට් එකේ කොලර් එකේන් තදින් අල්ලන් මගේ කම්බුලට ගහගෙන යන තාත්ත දිහා කිසි හැගීම නැතිව බලාගෙන හිටියා.
"එක දෙයක් අහන්නම් මන් ඔව්ද නැද්ද කියලා විතරක් කියපන් පුතා..ඔව්! උබ තාම අර මිනිහා එක්ක යාලුද?!... ඔව්ද නැද්ද?"
"තාත්-"
"මන් කිව්වේ ඔව්ද නැද්ද කියන්න විතරයි උබට!"
YOU ARE READING
STAY WITH ME
FanfictionWe laugh together, we cry together These simple feelings were everything I had When will it be? If I see you again I will look into your eyes And say, "I missed you"~~~~~ •Start - 2023.09.19 •End - 2023. 11.08