"කොහෙද අනේ මේ යන්නේ?"
ජන්කුක්ගේ අත් අතර හිටපු ටේහයුන් කටත් උල් කරන් ඇහුවේ එයාගේ ඇසුත් බැදලා එයාව උස්සගෙන යන දිහාව එයා දන්නෙ නැති හින්දා ඉතින් එයාට කුතුහලේනේ අනේ.
"අපේ ගෙදර "
ටේහයුන් අහපු ප්‍රශ්නෙට හිනාවෙලා උත්තර දීපු ජන්කුක් ටේහයුන්ගේ තොල් මතින් පෙක් එකක් තියද්දී ටේහයුන් කටඋල් කරගත්තා.
දහවලට කිට්ටු වෙනකල්ම මුහුදු වෙරල අසල කාලය ගතකරපු ජන්කුක් සහ ටේහයුන් හැමෝගෙම උණුසුම් සුබපැතුම් මැද්දේ එතනින් සමුඅරගෙන ආවේ ජන්කුක් කියන විදිහට එයාගෙයි ටේහයුන්ගෙයි ගෙදරට.
කාර් එක ඇතුලෙදිම ටේහයුන්ගේ ඇස් බැදපු ජන්කුක් ටේහයුන්වත් අත් අතරට අරගෙන කාර් එකෙන් බැස්සේ මාස පහක් තිස්සේ ටේහයුන්ට හොරෙන් එයා ගත්ත මහන්සියේ ප්‍රතිඵල එයාගේ ඇස්මානේ එයාට දිස්වෙද්දී.
තරමක් උස ලී ගේට්ටුව ඇරගෙන ටේහයුන් එක්කම ඇතුලට ගියපු ජන්කුක් ටේහයුන්ව ගෙනිහින් තිබ්බේ විවිදාකාරයේ මල්පැලවලින් වටවුනු පුන්චි ගාර්ඩ්න් එකක් මැද්දේ තිබුනු ගල් බංකුවක් උඩින්.
"කුකී"
තමන් කොහෙන්හරි ඉන්දෙව්වා කියලා ටේහයුන්ට තේරුනු නිසා ටේහයුන් කුතුහලයෙන් ජන්කුක්ව හොය හොය බෙල්ල හරවද්දී ටේහයුන් ළගට පාත්වුනු ජන්කුක් ටේහයුන්ගේ තොල් වලින් තොල් තදකරලා හිනාවුනා.
"ඔන්න දැන් මන් මේක ගලවනවා ඈ"
උද්‍යෝයෝගිමත් විදිහට කිව්ව ජන්කුක් ටේහයුන්ගේ ඇස් බැදලා තියෙන කලුපාට පටින් ගලවලා අතට ගද්දී තද කරලා ඇස්පියන් හිටිය ටේහයුන් හිමින් හිමින් ඉර එලියට ඇස් හුරුකරගෙන ඇස් දෙක විවෘත කරා.
"මේ මේ කොහෙද?"
ටේහයුන් ඇහුවේ පුදුමය පිරුණු කටහඩකින් වගේම බෝල වුනු ඇස් වලින් එයාගේ ඇස් වලට පේන දර්ශනේ දිහා බලාගෙන.
එයා ඉදන් හිටිය ගල්බංකුව වටේට තිබුනේ කොළපැහැති සිනිදු තණකොල තණකොල ගොල්ලට එහායින් එයාලව වටකරලා තිබුනේ රතු පැහැති බාබන්ඩේසියා මල් පාත්තියක් එතනින් එහාට තිබුනු බාගෙට වැවෙමින් තිබුනු ෆයින් ගස් ඒ අතරින් පතර හිටවලා තිබුනු ටේහයුන්වත් නොදන්න මල්පැල වර්ග දිහා ටේහයුන් දිලිසෙන ඇස් වලින් බලන් ගියා.
YOU ARE READING
ꜱɪʟᴇɴᴛ ᴡɪꜱʜᴇꜱ ᵛᵏᵒᵒᵏ ☑
Fanfictionජන්කුක්ගේ අත්වලින් හැඩවුනු ටේහයුන් ආසම සුදුරෝස මල් පාත්තිය මැද්දෙන් ඇවිදන් යන ටේහයුන්ව ජන්කුක්ට පෙනුනේ පෙති විකසිත වුනු සුදුරෝසමලක් වගේ. ජන්කුක්ගේ හැගීම් පිරුණු ඇස් ටේහයුන් වෙතටත් ඔහුගේ ලෙයින් සාක්ශි දරන ඉදිරියට නෙරා ආ ටේහයුන්ගේ පුංචි බංඩිය වෙතටත් ය...