ඒ වෙද්දි Reunion Rugby Trophy එකේ ෆයිනල්ස් ඇරෙන්න අනිත් ඉතුරු ඔක්කොම මැචස් පවත්වලා තිබ්බා . මන්දිව් කිය කිය හිටපු විදිහටම ෆයිනල්ස් ඇවිත් තිබ්බේ එයාලගේ ස්කූල් එකයි නේමාල්ගේ ස්කූල් එකයි , ඒකත් මාරම දෙයක් !
මොකද මන්දිව් කලින් වතාවල් වල නේමාල්ව අවුස්සන්න ඕන නිසයි එයාලව ෆයිනල්ස් වලදි මීට් වෙමු ගගා කියෙව්වේ . ඒත් ඇත්තටම එයා කියපු විදිහට එයාලගේ ස්කූල් ටීම් දෙකම Reunion Trophy එකේ ෆයිනල්ස් වලට කොලිෆයිඩ් වුණා
මන්දිව්ලා එයාලගේ සෙමි ෆයිනල්ස් ඩබල් බ්ලූස්ලා එක්ක Longdon Place වල ප්ලේ කරලා තිබ්බා , ඒ මැච් එක හිතුවට වඩා අමාරුවෙන් ඒගොල්ලෝ වින් කලා වුණත් අන්තිමේදි ඒ රවුන්ඩ් එක වින් කරලා ෆයිනල්ස් වලට සිලෙක්ට් වෙන්න ඒ අයට පුළුවන් වුණා
ඒ වෙද්දි නේමාල්ගේ ස්කූල් ටීම් එක සෙමි ෆයිනල්ස් ප්ලේ කරලා තිබ්බේ 'The school by the sea' කියලා හදුන්වන ස්කූල් එක එක්ක , සරලවම කිව්වොත් නවෝද්ගේ ස්කූල් එක !
සුපුරුදු විදිහට ඒ මැච් එක නේමාල්ගේ ටීම් එක වින් කලත් හරි , එයාට සිද්ධ වුණේ සතියක් විතර යනකන්ම නවෝද්ගේ කියවිල්ල අහන් ඉන්න වුණ එක . අනික මැච් එක තිබ්බේ පල්ලෙකැලේ ට්‍රිනිටි ස්කූල් ග්‍රවුන්ඩ්ස් වල නිසා නවෝද්ට මැච් එක බලන්න කැන්ඩි එන්න වුණා
ඒ ඇවිල්ලත් සතියක් පුරාවටම එයා නතර වුණේ නේමාල්ගේ ගෙදර , ඒ නිසාම 'කාලෙකට පස්සේ ප්ලේ කරපු නිසයි අපේ ටීම් එක පැරදුණේ , යැයි යැයි ' ගගා කියවන නවෝද්ව ලයිව් අහගෙන ඉන්න නේමාල්ට සිද්ධ වුණා
ඒ සති දෙක පුරාවටම නේමාල්ට මන්දිව්ව මීට් වුණේම නෑ , මොකද නේමාල් ප්ලේ කරපු හැම මැච් එකක්ම තිබ්බේ කැන්ඩි වල තියෙන ග්‍රවුන්ඩ්ස් වල වෙද්දි මන්දිව් ප්ලේ කරපු ඔක්කොම මැචස් කලම්බෝ වල තිබ්බා . ඉතින් ඒ දෙන්නට මීට් වෙන්න කිසිම චාන්ස් එකක් ලැබුණේ නෑ
ඒක එහෙම වුණත් සති දෙක පුරාවටම ඒ දෙන්නා ඈත් වෙලා හිටියා වුණත් වෙනදා වගේම හරි ආදරෙන් හිටියා , සමහර දවස් වල ඒ දෙන්නා පැය ගණන් කෝල්ස් වල හිටියා . ඒ වගේම එදිනෙදා ඕපදූප ඇන්ඩ් විස්තර ඔක්කොමත් කියෙව්වා
දුර ප්‍රශ්න , මන්දිව් ෆැමිලි බිස්නස් නිසා බිසී වෙච්ච එක වගේ හේතු නිසා එයාලට දෙන්නා වෙන වෙනම ප්ලේ කරපු එක මැච් එකක්වත් බලන්න එන්න බැරි වුණාට ඒ දෙන්නම D Tv ස්පෝර්ට්ස් චැනල් එකේ දීපු මැච් එකේ ලයිව්ස් ඔක්කොම මිස් නොකර බලලා තිබ්බා
ඒ නිසා ඒ දෙන්නට මැචස් වල වෙච්ච මුකුත් මිස් වෙලා තිබ්බේ නෑ , මන්දිව් කෙසේ වෙතත් නේමාල් නම් මන්දිව් බොසා ප්ලේ කරපු මැචස් දිහා කන්න වගේ බලන් හිටියා . ඒ මදිවට ඒ හැම එකක්ම රීප්ලේ කර කර බැලුවා , අන්තිමට ඒ වැඩේ අහකට වෙලා බලන් හිටපු නවෝද්ට පවා එපා වෙලා ගියා
ඒවා එහෙම වුණත් නේමාල් ඒ මැචස් ඇන්ඩ් හයිලයිට්ස් බලන එක නැවැත්තුවේ නෑ , කොහොමත් ඉස්සර ඉදන්ම මන්දිව්ව පේන්න බෑ ගගා හිටියට නේමාල් එයා ප්ලේ කරන විදිහට ගොඩක් ආස වුණා , මොකද මන්දිව් ග්‍රවුන්ඩ් එකට බැස්සාම ආයෙත් සුපිරියටම ප්ලේ කරන කැරැක්ටර් එකක්
මන්දිව්ගේ ජර්සි නම්බර් එක වුණේ නම්බර් 15 , ඒ කිව්වේ ෆුල් බැක් පොසිශන් එක . මන්දිව්ගේ ස්පීඩ් එක වගේම එයාට තිබ්බ ඩිෆෙන්සිව් ස්කිල් එක වෙන කිසිම ප්ලේයර් කෙනෙක් ගාව තියෙනවා නේමාල් මීට කලින් දැකලා තිබ්බේ නෑ
එයා දැකපු ස්මාර්ට් ඇන්ඩ් ටැක්ටිකල්ම ප්ලේයර් වුණේ මන්දිව් . අදටත් මන්දිව් ට්‍රයි එකක් තියෙන විදිහ , ප්ලේයර්ස්ලව ටැකල් කරන විදිහ වගේ ගොඩක් දේවල් දිහා බලන් නේමාල් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . අනික මන්දිව් ප්ලේ කරද්දි හැමතිස්සෙම එයාට අනික් ඔප'සිට් ටීම් එකේ ප්ලේයර් ගැන , ඒ ප්ලේයර්ගේ ඇටෑකින් පැටර්න් එක රීඩ් කරන්න පුළුවන් වුණා
අනික තමයි එයාගේ ලීඩර්ශිප් කොලිටීස් , මුළු ටීම් එකම ප්‍රෙශර්ස් වෙලා ඉන්න ඕනම වෙලාවක මන්දිව් හිටියේ එයාගේ ඔලුව කෙලින් තියන් , එයා හැමතිස්සෙම ගේම් එක ප්ලෑන් කලේ මොළේ කල්පනා කරලා . රග්බි කියන්නේ ඉක්මනටම හැමදේම වෙනස් වෙන ස්පෝර්ට් එකක් , එක විනාඩියකුත් ඇති මුළු මැච් එකක්ම කනපිට හැරෙන්න . ඒ නිසා ක්වික් ඩිසිශන් ගන්න එක හුගක් වැදගත් , ඒ වැඩෙත් මන්දිව් හොදටම කරපු දෙයක්
නේමාල් ගාවත් ඔය ඔක්කොම ගති ගුණ ටික තිබ්බා , හැබැයි එක තැනකදි නේමාල් මන්දිව්ගෙන් ලාවට වෙනස් වුණා . ග්‍රවුන්ඩ් එකට බැස්සම නේමාල් කියන්නේ කියන කිසිම දෙයක් නාහෙට අහන්නැති චරිතයක් , ඒ වගේම එයා හරි ඇග්‍රසිව් . ඉක්මන් කේන්තිය නිසා නිතරම වලි වල පැටලෙන එක ඒ කාලේ නේමාල්ට සාමාන්‍ය දෙයක්