විසිවන දිගහැරුම

5.5K 607 70
                                    

Nihinsa's pov,

කැම්පස් එකෙන් පස්සෙ අශේන් අයියා ඉන්න කිව්ව නිසාම මම ශෙනාල් එක්ක එන්න කිව්ව තැනට ආවෙ දැනටමත් අශේන් අයියා එතනට වෙලා ඉද්දි.

" පොර මොකද බන් අර."

පාරෙන් එහා පැත්තෙ ඉන්න අශේන් අයියව පෙන්නන ගමන් ශෙනාල් අහද්දි මමත් උරහිස් හැකිලුවෙ මොකුත් හිතා ගන්න බැරුව.

" දන්නෑ බන්. උඹත් වරෙන් ඈ. තනියම යන්න මොකද්ද වගේ."

කොයි දේටත් සැපට දුකට සනී වගේ ඉන්න ශෙනාල්ටත් මම කතා කරේ තනියම අශේන් අයියා එක්ක කතා කරන්න හිතුනෙ නැති නිසා.

අපි දෙන්නම පාර පැනලා එතනට ගියේ එතනම දකුණු පැත්තෙ පොඩි කොෆි ශොප් එකක් තියෙද්දි.

" යාළුවත් ආවද? කමක් නෑ. දෙන්නම එන්නකො."

අශේන් අයියා එක්ක තව සීනියර් අයියා කෙනෙකුත් ඇවිත් තියෙද්දි මට වගේම ශෙනාල්ට එන්න කිව්ව අශේන් අයියා කොෆි ශොප් එකේ එළියෙ තිබුණු ටේබල් එකකින් වාඩි උනේ අපි දෙන්නත් එතනින් වාඩි වෙද්දි.

" නිහින්සට පරක්කු වෙන නිසා මම ඉක්මනට කතා කරන්නම්කො. මෙහෙමයි. නිහින්ස දන්නවද දන්නෙ නෑ. අපේ තාත්තාගෙ ගමත් නිහින්සලගෙ ගම."

" ශෙනාල් මට කියලා තියෙනවා."

ශෙනාල් මීට කලින් දවසක ඒක කිව්වා මතක නිසා මම කිව්වෙ අශේන් අයියා ආපහු කතාව පටන් ගනිද්දි.

" මෙහෙමයි. අපේ තාත්තා ගමේ පොඩි වැඩක් පටන් ගන්න යන්නෙ. වැඩක් කියන්නෙ ටී ෆැක්ට්‍රි එකක්. ගමේ ගොඩාක් අය දැනටමත් ජොබ් වලට ඉල්ලලා තියෙන්නෙ. මන් මෙහෙම කියන්නෙ නිහින්සව මම දන්න නිසා. කැමති නම් නිහින්සගෙ තාත්තට පුළුවන් ඒකට ජොයින් වෙන්න."

අශේන් අයියා කියද්දි මම ලොකු හුස්මක් පහත දැම්මෙ ටේබල් එක උඩ තිබුනු අත් දෙක පහතට ගන්න ගමන්.

" මන් හිතන්නෑ අයියෙ. තාත්තාගෙන් මන් අහලා බලන්නම්."

" ම්න්. එහෙනම් අහලා කියන්නකො. වැඩ වැටෙද්දි බීමට නාස්ති කරන්න කාලෙත් ටිකක් අඩු වෙයි. ඒක නිසා නිහින්ස අහලා බලන්නකො."

-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now