=================================(ක්‍රි.ව. 2071 වසර )
මම සෙමින් දෙනෙත් අඩක් විවර කලෙමි.බොඳව ඇති ධවලමය පරිසරයේ කිසිවක් මට පැහැදිලිව නොපෙනුනත් කිසිවෙකු හෝ මුදු ලෙස මගේ කොපුල් වලට තට්ටු කරමින් සිටියේය.
මට දැනුනේ අධික ශීතලකි. අප්‍රාණික බවකි. කිසිවෙකු මා දෝංකාර දෙන හඬින් ඇමතුවේය. එහෙත් ඊට පිළිතුරු ලෙස හඬක් නැගීමට මට හැකි වූවේ නැත." ප්‍රතිචාර දක්වන්නෙ නැහැ...! සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි...එයා අපිට නැතිවෙනවා ! "
" අනේ මගේ දුප්පත් මාර්ගෝ... ! එයාට කොහොම හරි පණ දෙන්න සර් ! කොහොම හරි!! කීයක් ගියත් කමක් නෑ.... " ඒ මගේ මවගේ හඬයි.
" තෙරේසා , මාර්ගෝ අපිව දාලා ගියා ! මට සමාවෙන්න ! " මගේ පියා දැනටම බලාපොරොත්තු කඩ කරගෙන ඇති හැඩකි. එහෙත් මම තවමත් ජීවත් වෙමි. තාත්තා තවත් කිසිවක් පහත් හඬින් පැවසුවේය.
" ඔයාට පිස්සු හැදිලද ජෝන් ? මාර්ගෝ මගේ දුව !
එයා තාම මැරිලා නෑ...! ගාන ප්‍රශ්නයක් නෑ... මට එයාව ඕන...ප්ලීස් ! " අම්මා යැද්දාය." හොදයි මිසිස් කෝගන්...අපි අපේ උපරිමය කරන්නම්...! " සුදුකබා කරුවෙකු පැවසුවේ මා දෙස බලමිනි.
"...මෙයාව තියැටර් එකට ගන්න...! හැබැයි මිසිස් කෝගන් , අපි අතුරුඵල වලට වග කියන්නෙ නම් නැහැ ! "යළිත් මම ගැඹුරු අන්ධකාර නින්දකට වැටුනෙමි.
========================================
එය යන්තම් දුහුවිලි සහ ලිහිසි තෙල් වල සුවඳ හමන ඉතාම කුඩා රෝස පැහැති කාමරයක් විය. මගේ ඇඳුම් පැළඳුම් සහිත බෑගය කුඩා ඇඳ අසල තබා තිබුනි.
" මේ ඒකද ? " අවසානයේ දී මම ඇසුවෙමි.
" ...ඔයාලා කිව්ව සුවපහසු නාගරික ජීවිතේ ?! කලින් ගෙදර කොසු දාන කබඩ් එකත් මීට වඩා ලොකුයි..."
" අපිට අමතර වියදමක් දරන්න සිද්ධ උනා මාර්ගෝ ! දැනට මෙතන ඉමු..තාත්තයි , මමයි මහන්සි වෙලා වැඩ කරනවා ! අපි ටික කාලෙකින් ලොකු ගෙදරකට යමු ! " අම්මා පැවසුවාය.
සුවපහසු නිවසකට සෑහෙන තරම් මුදලක් එකතු කරගෙන මේ ජනපද කුටීරයට පැමිණි ඔවුන් දැරූ අනෙක් අමතර වියදම කුමක්දැයි මම කල්පනා කලෙමි.
YOU ARE READING
ඇයි මටම ? (SiFi Short story)
Science Fictionක්රිස්තුවර්ෂ 2071 කියන්නෙ ජීවත් වෙන්න කොහෙත්ම හොඳ කාලයක් නෙමෙයි. ඒ අතරෙ ඔන්න මට මොනවදෝ වෙන්න පටන් ගත්තා...ඇයි මටම එහෙම වෙන්නෙ !!