මගේ හිත කලබලයි.
ඔළුව පුපුරන්න තරම් වේදනාවක් දැනෙනවා.
නහය යටින් දැනෙන තෙත් බව කියන්නේ ලේ බිංදු කීපයක් ගලනවා කියලා.
ගවුම් අතින් නහය පිහිදගන්න හදද්දි අතට වදින්නේ සැර පාරක්.
ඒත් එක්කම ලොකු රැවුමක්.
නිල් තැඹිලි ඉරි තියෙන සුදු ලොකු හතරට නවපු ලේන්සුව මගේ නහය යටට තද වෙනවා.
එක අතක් මගේ ඉණෙන් අල්ලලා එයාගේ පපුවට තද කරගන්නවා.
ලේන්සුව ස්ට්රෝබෙරි සුවඳයි.
මම නහය හෙමින් හීරුවේ ලේ බිංදු ටික ලේන්සුවට කාවදින්න.
"කලබල නොවී හෙමින් කරමු. අපි හොඳින්."
එයාගේ උණුහුම් වචන මගේ කන ගාව මැතිරෙනවා.
_____
2023. 11. 11