" යමු මං ඩ්‍රොප් කරන්නං "" මට තනියම යන්න පුලුවන් "
" අද විජිත නෑ ඔන්න ඔහෙ මා- "
" ඕන නෑ කීවනේ!! "
මං එහෙම කියාගන හැරුනේ අම්මා ආය එන්න කලින් මේ යකාගෙන් ගැලවිලා යන්න බලාගන. ඒත් එතකොටම,
"ඕනෙ නෑ????"
ඒ . . ටෝන් එක . .
මං එතනම ගල් උනා වගේ..
මොකද මං හොදටම දන්නවා ඒක.තප්පර දෙක තුනකට මාව අදුරු ආගාදෙකට ඇදලා දැම්මා වගේ මට දැනුනේ. මං නතර උන තැන ඉදගනම ආපහු හැරිලා නිෂ් දිහා බැලුවා. මං හැරෙද්දිත් ඒ මූනෙ තිබ්බ සමච්චල් සහගත හිනාව, තවත් වැඩි උනේ හරියට මගෙ හිත කියවලා වගේ. ටික වෙලාවකින් මං හිටියේ ඌ එක්කන් කාර් එකේ. පැසෙන්ජර් සීට් එකේ ඉදගන මං එලිය බලාගන ආවේ.
මිනිස්සු හරි ගුප්තයි. එක එක අය එක එක විදියයි. අම්මට යාලුවෝ එක්කං එලියට යනවා කීවට මොකද මට ඇති යාලුවෙක් නෑ. මං දන්නෑ මොන හේතුවකටද කියලා ඒත් මට පොඩි කාලේ ඉදන්ම යාලුවෝ නෑ. මට උවමනාවක් නොතිබුනා නෙවෙයි. ඇත්තම කතාව මට හෙන කැහිල්ලක් තිබ්බා කාලයක් යාලුවෝ ඕනයි කියලා පොඩි ලල් එකක් දාන්න කට්ටිය සෙට් වෙලා කුප්ප වැඩ කරන්න. ඒත් අනික් ලමයින්ට මාව හරිගියේ නෑ. සමහරවිට ඒ මං ගොඩක් සයිලන්ට් කැරැක්ටර් එකක් නිසා වෙන්න ඇති. ඇත්තම කීවොත් මං කතා කරන්නේ මට කතා කරොත් විතරයි. ඒ ලොකු කමකට නෙවෙයි. මං ගොඩක් වෙලාවට දන්නේ නෑ මොනවද කියන්න ඕන කියලා. අනික හේතුවක් නැතුව කතා කරන එක හෙන අමාරු වැඩක් වගේ මට හිතුනෙම. ඒකෙන් මේකෙන් උනේ කට්ටිය මාව හලපු එක මට හින්ට් පාස් කරපු එක කට්ටිය අතින් මාව බුලී උන එක. මං හය වසරට එනකන්ම හැමදාම උනේ ඒක. පන්තියේ හැමෝම එකට කද්දී මං කෑවේ තනියම. ඉන්ටවල් එකේදි පැත්තකට වෙලා අම්මා හදලා එවන කෑම එක මං පාඩුවේ කෑවා. සමහරදාට හිත රිදෙන එක වැඩි කමට මං ඒක එහෙම්ම ගෙදර අරං ආවා. මං ඉතිං කරන්නෙම අනික් ලමයි එකතු වෙලා සෙල්ලම් කරනවා බලාගන හූල්ලන එක. ඒ දවස් වල මං හරියට අඩනවා. අඩන්නේ නැති දවසක් නැති තරම්. එහෙම දාට හැමෝම මට හිනා උනා මං ගෑනු ලමයෙක් වගේ කියලා.ඒවා මං මතක් වෙද්දිත් පුදුම දුකක් දැනෙන්නේ මං ගැනම. කල් යද්දී යද්දී වෙච්ච හැමදේම කනපිට පෙරලුනා. දැන් මං උන් දිහා බැලුවත් ඇති බයේ ඇකිලෙන්න. පිස්සු හු#තෝ ටිකක් ආව මෙතන මාව මඩවන්න.
මං කල්පනා ලෝකෙන් එලියට ආවේ වාහනේ යන්න ඕන පාරේ නැතුව වෙන පොඩි අතුරු පාරකට හැරෙව්වම. මං පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා වගේ. මං නිෂ් දිහා බැලුවේ නෑ. නෑ ඇත්තටම මට බලන්න ඕන නෑ. රබර් වත්තක් මැදින් තියන පාරක් මේක. බලු බල්ලෙක් නෑ මේ වෙලාවට. මහ මූසල පාටයි. මේක මට අලුත් දෙයක් නෙවෙයි. මේ පාරේ මේ විදියටම මට ගනන් කරන්න බැරි තරම් වතාවක් ගිහින් ඇති. ටිකකින් මට දැනුනා නිෂ් ගේ අතක් මගේ කලවා උඩින් තියනවා. ඌ ඉන්නේ තාම ඩ්‍රයිව් කරන ගමන්. මගේ ඇගට දැනුවේ අර මගේ කලව උඩ තියන ඒ අත හරියට හෙන අපහසුවක් දැනෙන දෙයක් වගේ. ඒක හරි බරයි වගේ. අයින් කරනකං හුස්මක් ගන්න අමාරුයි වගේ.
" මට ලේට් වෙනවා "
මං කීවේ නිෂ් දිහා බලන්නේ වත් නැතුවමයි. මං හෙලවෙන්නේ වත් නැතුව අර කලින් හිටපු විදියටමයි හිටියේ ජනේලෙන් එලිය බලන්. උගේ අත ගැන මට ගානක්වත් නැති විදියට. ඒත් හිත ඇතුලින් මාව ගිනි ගන්නවා වගේ. කොච්චර පුරුදු උනත් මේ වෙලාවට දැනෙන හැගීමට මං වයිර කරා. මං අප්පිරියා කරා. නිෂ් මොකුත් කීවේ නෑ. ඒ වෙනුවට ටික දුරක් ගිහින් වාහනේ අයිනට කරලා නතර කරා. මට දැනෙනවා නිෂ් මං දිහා බලාගන ඉන්නවා.ඒ බැල්මට මගේ මූනෙ දකුණු පැත්තම ගිනිගන්න වගේ. ටිකකින් අර කලවා උඩ තියන අත එහෙ මෙහෙ යනවා මට දැනුනා. ඒ එක්කම නිෂ් සීට් බෙල්ට් එක ගලවන සද්දේ ඇහුනා. මං තාමත් අනික් පැත්ත බලාගන මේ වෙන කිසි දෙයක් මට ගානක් නෑ වගේ හිටියා.නිෂ් ගෙ අත තැනක නතර උනා. ඒ එක්කම,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."බේබි බෝයි.."
————————————————
හායි 🤗
YOU ARE READING
THEV | SINHALA
Non-Fictionතනිකම මට හුරුපුරුදු දෙයක්.. ඒත් හිතේ හිරකරන් ඉන්න ගොඩක් දේවල් ඉවසගන්න බැරිම වෙන දවසක් එනවා... අන්න එදාට මාව බේරගන්න කව්රුත්ම නැති වෙයිද ? | තාවකාලිකව කතාව නතර කරලා තියෙන්නේ මේ වෙනකොට. ගොඩක් දුරට දෙසැම්බර් මාසේ අන්තිම වගේ වෙනකන් updates දෙන්න වෙන්නේ...