01

366 25 40
                                    

මොකක්ද මේක ???

ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා පුංචි මහත්තයො..

ජීවිත විනාස වෙනවා මතුපිටින් බලලා තීරණ ගත්තම...

*************

හොඳයි...
අද මේ මොහොතේ පටන් ඔබ දෙදෙනාට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඔබ දෙදෙනාගේ විවාහ දිවිය මෙතනින් නිමවන බවත් ගරු උසාවිය ප්‍රකාශ කර සිටිනවා..

මට ඒ වචන පේළිය ඇහුණෙ හීනෙන් වගේ...

ඇස් බොඳ කරගෙන ඇස් වලින් පනින්න දඟලන කඳුලු කැට එකදිගට ඇස් පිල්ලම් ගහලා ඇස් අස්සෙම බොඳ කරගත්තෙ මං දුර්වලයි කියලා කාටවත්ම පෙන්නන්න ඕන වුණේ නැති නිසා..

උසාවියෙන් ලැබුණ තීන්දුව පිළිගන්න බැරි වුණත් පිළිගන්න වුණේ ඒ ගල් වුණ හිතට අද මගේ හිත ගැන ගානක්වත් නැති නිසා...

සාක්කුවට අත දාලා අතට ගත්ත සුදුපාට ලේන්සුව ඇස් දෙකට තියලා තද කරගත්තෙ තවදුරටත් ඇස් වල පිරුණු කඳුලු ඇස් වල බොඳ කරලා දාන්න පුලුවන් කමක් නැති වෙද්දි..

මෙච්චර වෙලාවක් ඉඳගෙන හිටපු ලී බංකුවෙන් නැගිට්ටෙ උසාවියෙන් එළියට යන්න..

අඩි දෙකක් තියන්න පුලුවන් වෙන්න ඇති...

මගෙ ඇස් වලට අහුවුණේ හැමදාමත් මං දකින්න ආස කරපු හැමදාම මගේ ඇස් හොයපු ඒ රූපෙ..
හැබැයි ඒ ඇස් වල මං වෙනුවෙන් තිබුණ ආදරේ වෙනුවට දැන් තියෙන්නෙ වෛරයක්..

ඒ ඇස් දිහා බලන්න ඕනි වුණත් හයියක් නොතිබ්බ මම ඔලුව බිමට හරවගෙනම එතනින් ගියෙ පොඩ්ඩක් එහාට වෙන්න තිබුණ ගල් බංකුවෙන් ඉඳගන්න...

එයාව දැක්කට පස්සෙ ඉස්සර ඇතිවුණේ හයියක් වුණත් දැන් එයාව දැක්කම හිතට දැණුනෙ මට මාවවත් දරාගන්න බැරි තරම් දුර්වල කමක්..

එයා හිටපු තැනම ඉදන් මං දිහා බලාගෙන ඉදලා එතනින් යන්න ගියාම තමයි හිතට පොඩි හරි සැනසීමක් ලැබුණෙ.

කාලය මිනිස්සුන්ව වෙනස් කරන විදිහ හරිම පුදුමාකාරයි...

ඉස්සර එයා පේන්නෙ හිටියෙ නැති වුණාම කලබල වෙන, එයාව දැක්කම සන්සුන් වෙන මගෙ හිත අද එයා මට නොපෙනෙන්න ගියාම සැනසෙන්න පටන් අරන්..

මිලින මල් [Onhold]Where stories live. Discover now