.....මගෙ ඇස්වලට සතුටු කදුලු පිරුනා..මොකද...එයත් මමත් නැවතිලා උන්න වසංත මංසල පුරාවටම සතුටෙ මල් පිපිලා තිබුනා......සතුටෙ මල් වලින් සැනසීමෙ සුවද හැමුවා......
නිම්න.....මගෙ ආදරනීය නිම්න......වේදනාවක් අවසානයේ මට බලාපොරොත්තුවක් දුන්නා.....
ඒ කියන්නෙ මයුරනිම්න සුඛාන්තයක් නෙවෙයි.....සමාප්තයි කියලා අහවර කරන්න ....තිතක් එක්ක පාඨක ප්‍රජාවට ස්තූතියි කියන්න ඕන කතාවක් නෙවෙයි.......
කතාවෙ අවසානම පිටුවෙන් ආයම ඉපදීමක්...මයුරනිම්නය අවසානෙ ප්‍රතම වසන්තයක පටන් ගැම්මක්............
හරියටම ගින්නෙන් අලු උන ....ආයම ඒ අලු ඇතුලෙම්ම ඉපදෙන ෆීනික්ස් කෙනෙක් හා සාමානයි මේ ආදර කතාව........
අනූ.......
.................
අනූ....
ශ්ශ්............
ඇයි....
මං බලන් ඉන්නවා......
මොනව දිහාද.....
මේ ලෝකෙ තියන ලස්සනම සිතුවම දිහා.....නිම්න...කවදාවත් කවුරුත් උඹට කියලා නැද්ද වස්තු... උඹ ඇවිදින් චිත්‍රයක්....කොටින්ම සජීවි චිත්‍රයක් ....හුස්ම ගන්න මනුස්සයෙක්ව කැන්වස් එකකට අලවලා........චුට්ටක් රැවුල් කොට වැවිලා....ඇස් වල දුක එහෙම්මයි.........මූන මලානික වෙලා...ඒත්.....මට උඹව හරි ලස්සනට පේනවා නිම්න.......තැලුන මල් කවුරුත් පරිස්සම් කරන්නෙ නැති උනත්..මිනිස්සු පරවුන මල් අරගන පොත් අස්සෙ හංගගන්නවා..........
මං හිතන්නෙ...උඹත් මට පර වුන මලක්.....කාටවත්ම අල්ලන්න දෙන්න බැරි පොතක පිටු අස්සෙ ඉදන් මටන විතරක් සුවද විදින්න දෙන.........
කොන්ඩෙ චුට්ටක් වැවිලා.......රැවුල් කොටත් තියනවා.....මං ආසයි....ඒත් කඩවසම් කමට කලින් මට පේන්නෙ උඹගෙ අහිංසක කම නිම්න..........