16 කොටස ❤️💚

3.7K 408 61
                                    

දිවාන්  ආපූ වේලාවේ ඉදන් කොල්ලෝ ටිකට කෑ ගහන්නේ කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව මං අසරන වෙලා ඉද්දි . ෂාන් උබ කොහෙද .. එකපාර අතුරුදන් උනේ කොහොමද . මං පිස්සෙක් වගේ ගේ හැමතැනම කොල්ලාව හෙව්වේ මට බය වෙලා ඔක්කොම සර්වන්ට්ලා ගල් ගැහිලා ඉද්දි . අතට අහුවෙන ඔක්කොම බඩු මගේ අතින් එහෙමෙහෙ විසික් වෙද්දී එවා කාගෙවත් වැදෙයිද කියලාවත් මට තැකිමක්ක් තිබ්බේ නෑ ..

" ඇමතිතුමා ඇමතිතුමා ෂාන් සර් අර...ෂාන් සර්

" ෂාන් කොහෙද කියපන් කොහෙද ?

එකපාර කෑගහන් ආවේ ජනිත . මටත් කලින් ජනිතගේ ඉස්සරහට පැන්නේ දිවාන් . ඌ ජනිතව අල්ලන් හෙල්ලුව විදිහට මාත් ගල් උනා.

" ෂාන් සර්.. අරක ඇ..තුලේ "

"මොකක්ක් ?

ජනිත අත දික් කරේ ඇත්තටම ඒ පැත්තට ද .. ඔව් ඒ පැත්තේ තියෙන්නේ එකම එක දෙයයි කොටි කුඩුව ... leo & zarr දරුණුම කලු කොටි ජොඩුව.. උන් හීල මට විතරයි . ඒ පැත්තට ගෙදර කවුරුත් යන්නේ පවා නෑ .. මට ඇර දිවාන් ට උන් පොඩ්ඩක් කන්ට්‍රෝල් උනත් දිවාන් පවා උන් ලගට යන් නෑ .. ඉතින් ෂාන් කොහොමද එහේ ඉන්නේ .. මං හිතන්නේ ජනිතට දවල් හීන පෙනිලා..

" පිස්සු ද ජනිත උබට .. අනික උබ දැන් ආවේ අර පැත්තෙන් .. උබ අඩුම කොටි කුඩුව තියෙන පැත්තේන් යන්නෙත් නෑ . උබ කොහොමද කියන්නේ මගේ එකා ඒක අස්සේ කියලා "

දිවාන් ඇහුවේ මටත් කලින් . මගේ එකා කිව්වේ ෂාන් ට නේද . ෂාන් කවද්ද උබේ එකා උනේ.. හරි කමක් නැ මං ඒක පස්සේ බලාගන්නම්. දැන් මට ඕනි ෂාන් ව හොයාගන්න

" නෑ නෑ දිවාන් අයියා මං කුඩුව පැත්තේ ගියේ නෑ .. මං හිටියේ සිසීටිවී චෙක් කරන ගමන් . මං නිකමට කුඩුවේ තියෙන කැමරා එක ඔන් කරේ.. ෂාන් සර් ඉන්නවා එකේ. "

"වට් ?

මං තව විනාඩියක්වත් පරක්කු උන් නෑ . කෙලින්ම කොටි කුඩුව තියෙන තැනට දිව්වා. මේක කූඩුවක් කිව්වාට මං ගෙදර පිටිපස්සේ හෙන එරියා එකක්ම දැල් ගහලා වෙන් කරලා තිබ්බේ leo ටයි zarr ටයි . දෙපැත්තෙන් ගඩොල් බිත්ති වගේම පිටිපස්සෙන් උස තාප්පේ අල්ලලා තමයි මේක හදලා තියෙන්නේ  . ඒ වගේම ගෙදර ඉන්න කෙනෙක් ට මේකට එන්න පුලුවන් එක දොරයි තියෙන්නේ . ඒක ලොක් කරලා නැති උනත් කවුරුත් එකෙන් ඇතුලට ගියේ නෑ බය නිසා මෙච්චර කල් . ඒ දොරෙන් ගිහින් දැල් දොර ඇරලා තමයි leo වයි zarr වයි බලන්න මං ඇතුලට යන්නේ . ඊලගට  දෙපැත්තෙන් තව දොරවල් දෙකක් තියෙනවා අර ගඩොල් බිත්තිවලින් garden එකට ඕපන් වෙන . එවා තමයි මං රෑ නමයෙන් පස්සේ ඇරලා leo zarr දෙන්නාට නිදහසේ ඇවිදින්න දෙන්නේ. ඒ වේලාවට ගෙදර ට එන්න හරි යන්න හරි ඔක්කොටම තහනම් . ඇත්තටම කිව්වොත් zarr leo දෙන්නා දරුනුම දරුනු කොටි දෙන්නෙක්. ඉතින් ෂාන් ඇත්තටම කුඩුවේ නම් .....

You'll also like

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fate, de Dark__Psycho_06
6.6K627
" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]
🍁නූශ්🍁(Zhanyi)✅, de Xian_Shiru123
543K79.9K
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........
𝔽𝕚𝕟𝕒𝕝𝕝𝕪 𝕎𝕖 𝔸𝕣𝕖 𝔹𝕚𝕦𝕝𝕥 𝔸 𝕃𝕠𝕧𝕖 🖤ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ, de Kim-Yuhaqwe
4.1K596
ඇබ්බැහි උන දේවල් කාවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ තමන්ටම හිතිලා නැවැත්තුවොත් මිස ~ Zhan ~ මම...
හැමදාටම| Ongoing , de Sadhu_Yudheshi
739106
"සංසාරික බැඳීමක මීලග හමුවීම"
අභිසස් , de lyz_8105
73.4K8.2K
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . . . . හැමෝටම හම්බවෙන්...
ရင်မှာ ဝှက်၍ ပျိုးခဲ့ပါသော....., de Stellayoun
237K10.2K
Own Creation Unicode & Zawgyi....💙 ......................🍀................ (picture from pinterest Credit to owner 💙)
අපූර්ව ✔️, de TaraNemeth9
236K28.9K
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
          

"ෂාන්න්න් "

මං දැක්ක දෙයින් සම්පුර්ණයෙන් ම ගල් උනා. මං පස්සෙන් දුවන් ආපූ දිවාන් අයියා කකුල් පන නැතුව බිම ඉදගත්තා. ඇත්තටම විනාඩියකට මට හිතුනා මං හීනයක් දකිනවාද කියලා . ෂාන් හිටියේ කුඩුව ඇතුලේ නිකම් නෙමෙයි zarr ව බදාගෙන නිදාගෙන . Leo ෂාන් ව ලෙවකනවා නිකම් පොඩි කොටි පැටියෙක් ව නාවනවා වගේ ඌගේ අම්මා.. මේක වෙන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ . මං කුඩුවේ දොර ඇරන් ඇතුලට යද්දී මාව දැකලා leo දුවන් ඇවිත් මාවත් ලෙව කෑවේ  " බොසා මොකද මේ රෑ නවයට කලින් " කියලා වගේ. Zarr මාව දැක්කාත් ඔලුව උස්සලා බලලා නැගිට්ටේ නැතුව  නිකම් හිටියේ ෂාන් ඇහැරෙයි කියලා බයට වගේ.  Leo මගෙන් අයින් වෙලා කුඩුවෙන් එලියේ ඉන්න ජනිත ට ගොරවන්න ගත්තේ ජනිත පනත් එපා කියලා ආය ගේ දිහාට දුවද්දි . දිවාන් තාමත් බිම ඉදගත්ත පාර එතනමයි.

" zarr කොටි පැටියෙක් කියලා රැවටිලාද මගේ හා පැටියා තුරුල් කරන් ඉන්නේ "

"ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ම්‍ර්‍ර්‍ර්‍ර් "

Zarr කලු කොටි දෙනූව මං ඇහුව දේ තේරුනා වගේ පොඩි සද්දයක් දාලා ෂාන්ගේ මූන ලෙවකෑවා. ඇත්තටම මුන් දෙන්නා නිකම් හැසිරෙන්නේ උන්ගේ හාමුපුතාගේ පන මේ ඉන්නේ කියලා දන්නවා වගේ.

" මොකද්ද බන් කේශ්.. අහකට පලකෝ නිදාගන්න දීලා "

Zarr මූන ලෙව කද්දී ෂාන් නින්දෙන් ම කියෙව්වේ zarrගේ මූනත් තල්ලු කරලා .

" කේශ් නෙමෙයි නැගිටපන් හාවෝ. මගේ ඇඟේ ලේත් වතුර උනා උබ කරපු වැඩෙන්. "

ඇත්තටම මට තාම පුදුමයි මේ කොටි දෙන්නා මෙහෙම ෂාන් ව අනතුරක් නොකර තියන් ඉන්න එකට. එදා රෑ leo ෂාන්ව කන්න පැන්නානේ . එදා මං පලවෙනි වතාවට leo ට බැන්නා වගේම leo ගේ නියපොතු ටික කපලාත් දැම්මා. ඒ විතරක් නෙමෙයි ෂාන්ගේ පොටෝ එකක් පෙන්න පෙන්න දෙන්නාට ම පැයක විතර දීර්ඝ දේශනාවක් දුන්නා ෂාන් මගේ පන එයාට අත තිබ්බොත් ආය අත් ඉතුරු කරන් නෑ කියලා .. ඒ වේලාවේ මාත් සෑහෙන්න ඩ්‍රින්ක්ස් අරන් හිටියේ ඒ නිසා විකාර ගොඩක් කරා.. මං පොඩි දවස්වල ඉදලා ගොඩක් දුක හිතෙන සතුටු හිතෙන හැමදෙම කියන්නේ මේ සත්තු දෙන්නාට.. උන්ට තේරෙන් නැති වෙන්න පුලුවන් ඒත් මට වෙන යාලුවෝ නෑ . කාටවත් මගේ දේවල් කියන්න මං කැමති උනෙත් නෑ . ඉතිම් මට මේ කොටි දෙන්නා එක්ක තියෙන්නේ ලොකු බැඳීමක් . ඇත්තටම උන් දෙන්නාට මාව තේරුනාද ෂාන් ව නැත්තන් මෙහෙම තියන් ඉන්නේ කොහොමද . මං leo zarr දෙන්නගේ ඔලුව අතගාලා ෂාන් ව උස්සලා අත් දෙකට ගත්තා . හෙමිට ඇස් ඇරලා මං දිහා බලලා නපුරු හාවා රවනවා මට දමාගෙන ඒ පාර.

දුෂ්ට මිනිස්ටර්  😈 [ Yizhan Nonfic ]  ( Completed  story )Where stories live. Discover now