👑🌺 කිරුළ 13 🌺👑

648 123 34
                                    

"මොනවාද මිනියෝ බලන්නෙ ඔච්චර.."

"බලන්නේ..!!! බලන්නෙ ටමුන් හරියට වැඩ කරණවඩ කියලා...!!!!!"

මං හිටියෙ බංගලාව ඉස්සරහා මිදුලේ...ඉතිං දහ අතේ කල්පනා කරලා අන්තිමේ,තිබුණ තත්වෙත් එක්ක, යාළුකමේ නාමෙන් ලෙවින් සර් දීපු ජොබ් එක බාර ගන්න මං කැමැති උණා...එයා දුන්නේ මට රස්සාවක් වෙද්දි ඒ යාළුකමට දැන හැදිනුම් කමට මිසක්...ආපිට ගෙවීමක් බලාපොරොත්තු වෙන දෙයක් හෝ අනුකම්පාව නිසා දුන්න එකක් නෙමෙ කියලා හිතන්න මං උත්සාහ කරා...ඔක්කොටමත් වඩා ඔය පණිවිඩේත් එක්ක අම්මාගේ මූණේ දැකපු සැනසීමේ ලකුණ පසු ප්‍රතිඵල නොබලාම ඒ යොජනාවට එකඟ වෙන්න මාව පෙළබෙව්වා...

ඉතිං ඒ ඔක්කොටම පස්සෙ,ඉඩමත් බේරන්, ස්කූල් ගමනත් බේරන් කාලා බිලා ඉන්න පුළුවන් එකම විදිහ වෙද්දි මං අද උදේම බංගලාවේ වැඩට ආවා...ඉතිං දැන් එයා...උස දිගංචියා...අලිකඳා...ගෙරි සුද්දා කිය කිය දාහක් වචන කිය කිය කටේ පුරුද්දට සර් කියලා කතා කරපු මනුස්සයා අන්තිමේ ඇත්තටම මගේ සර් නැත්තං බොස් වෙලා හිටියා වෙද්දි  මල් වැවිල්ලේ මූල්ම වැඩෙ විදිහට මං මිදුල අස්පස් කරන ගමන් ඉද්දී බැල්කනියට වෙලා මං දිහා බලන් මොනවාදෝ බොන ගමන් උන්න එයාව මං දැක්කෙ අහම්ම්බෙන් වෙද්දි එයාට පස්ස හරවන් මේ තරම් වෙලා බිම නැමිලා උන්න මං නැගිටලා අත් දෙකත් ඉනට තියන් එයාට කෑ ගැහුවා...

ඇහුවා තමා...ඇහුවාත් නෙමෙ ඇහුනා...ඒත් අනිත් තප්පරේ එයා දීපු උත්තරේත් ඒ මූණේ පෙනුමත් දැකපු මගේ කොන්ද දිගේ හිරි වැටිලා යද්දි තප්පර ගාණකට ගල්වෙලා බලන් උන්නත්,අනික් අතට අත් දෙකත් එකට පටලන් වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ බිම බලා ගත්තා...උදේ පාන්දර අලුත් රස්සාව බාර ගන්න හිතේ සතුටින් උඩ පැන පැන ආපු මං බංගලාවේ ගේට්ටුවෙන් ඇතුලට එන්නත් කලින් අහපු දැකපු දේවල් මට මතක් උණා...

බංගලාව පේන මානෙට එද්දීම මට ඇහුණේ කවුරු හෝ කෙනෙක් මහ සද්දෙන් කේන්තියෙන් ඉංග්‍රීසියෙන්ම කාටදෝ කෑ ගහ ගහ බනින සද්දයක්..බැලුන් ගිහිං ආපු ගමන් බැලුන් එකේ බඩු පටවපු ලොකු ලොරියත් බංගලාවේ අල්ලපු වැටේ තාප්පෙන් එහා පැත්තෙ බෝඩිම් ගෙදරට නොදා තාම පාරෙ මැද තියෙද්දි,බංගලාවේ මෙහෙම යකෙක් වගේ කෑ ගහන්නෙ කවුද හිතා ගන්න  බැරි වෙද්දි,යම්දෝ නොයම්දෝ හිතුණත් එයාට එන්නම් කියලා පොරොන්දු උණ නිසා මං හෙමින් සිරුවේ ගේට් එකෙන් ඇතුලට ඔළුව දාද්දීම දැකපු දේ නිසා මගේ ඇගේ මයිලුත් කෙලින් උණා...වෙන කවුරුත් නෙමෙ ඒ එයා...!!!

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now