05 කොටස

118 20 5
                                    

හිතුව දේවල් හැමදාම කරන්න බෑනේ.පැයක් දෙකක් නාන්නේ නෑ කියලා හිතාගත්තට අන්තිමේ පැයකට විතර පස්සෙ තමා එළියට ආවේ.පල්ලෙහා ඉදන් අයියා කෑගහන සද්දේන් තේරුනා දවල් කෑම වෙනුවෙන් තමා ඔය කෑගහන්නේ කියලා.

"චුටී එනවා කන්න.."

මට ගෑස්ටික් වැඩිවෙයි කියලා විසාල බයකින් ඉන්න සහෝදර රත්නයගෙ විසාල ඝෝශාව හේතුකොටගෙන මන් මගේ කොටු කොටු ඇදුම් කලෙක්ශන් එකෙන් බෝල බෝල ආමි කට් ටීශට් එකකුයි කොට කලිසමකුයි දාගෙන වාස භවනෙන් එළියට බැස්සා.

"මේ එනවා...."

කොයිම වෙලෙක හරි එහා ගෙදර මල්ලිකා ඇන්ටිගේ කන් බෙරෙ පුපුරන්නෙ අයියගෙයි මගෙයි කින්කිනි නාදයට කියලා අක්කා හැමදාම කියනවා.ඔන්න ඔහෙ මොකද අනේ..සහෝදරයා උනහම මෙහෙම තමා.මෙව් බබාට නම් එපා වෙනවා ඇති මේ මහ බබාලා දෙන්නගෙ කෑගැහිල්ල අහන් ඉදලා.

මන් පහලට යද්දි අයියා නම් කනවා.අපෙ ගෙදර අපි කවුරුත් ටිවී බලන ගමන් කන්නෑ..එහෙම කන්නේ ආන්‍යා උත්තමාවිය විතරයි.එයාට කාටූන් බලන්නම ඕන කිව්වම අපි කතා බලන එක නවත්තලා එයාට රිවයින් කරලා දෙනවා.නැත්තන් හූ තියලා අඩන්න ගන්නවනේ.මමත් ගිහින් කන්න ඉදගත්තම මෙව් මන් දිහා බලලා හයියෙන් හිනා උනා.මේ මොකත මේ? ළමයෝ මාමාට කිණ්ඩි හිනා දාන්න එපා..

"අඥේ ඉතින් හරි හිනා..මාව දැක්කම හිනායනවද දෙයියනෙහ්!!.."

"චුටී මාමිගේ කොණ්ඩේ!!...උඩින් පොල් ගහක් ඇවිත් වගේ.."

මෙව් චෝක් කෑල්ලකුත් උස්සගෙන මූණ වහගෙන හිනාවෙනවා.අයියටත් හිනාගියා.එයා ෆෝන් එකෙ සෙල්ෆි කැම් එක අරන් මට පෙන්නුවා.සැහ්ක් කොණ්ඩේ මැද්දෙන් ටිකක් ඉස්සිලා.ඕවා ආන්‍යාගේ වැඩ.එයා තමා හෙයා ක්ලිප්ස් ගහලා මගේ කොණ්ඩේට මෙවැනි අපරාද කරන්නේ.ස්කොලෙදිත් කොණ්ඩේ වැනසුනම මැද්දෙන් ටිකක් ඉස්සෙනවා.අපෙ උන්ටත් හරි හිනා ඉතින්!!

"තාත්තයි දූයි දෙන්නම හිනාවෙන්නකෝ...අහිංසකයාට තමා ආසාධාරණ.."

"චුටී මාමිට කොණ්ඩේ කපන්න වෙයි...ඇනී බලාගෙන ඉන්නේ තව ටිකක් වැවෙනකම්..බූලක් දාන්න."

BROKEN WINGS |BLWhere stories live. Discover now