කළු මැණික්, සුදු හුඹස්ලු...
ආච්චි අම්මා මට කිව්වේ එහෙමයි. සුදු හුඹස් කොහේ වුනත් හොයා ගන්න පුලුවන්. ඒත් කළු මැණික් හරි හිඟයිලු. කළු, කෙට්ටු, ගෝමර පිරිච්ච මං මැණිකක් ද?
- නෙළුමී -
මගේ පෙති ගෝමරී. දන්නවද නෙළුම් මලක් වගේ ලස්සන ඔයාගේ අහිංසකකම හරි ලස්සනයි. ඒකමයි නෙලුම් පෙතිත් ඔයාගේ වටේ රටා මවලා තියෙන්නේ.
වසන්ත ලප පිරුණු අහිංසක මගේ නෙළුම් මල.
- දහම් -