හොසොක් කියන්නේ බයගුලු චරිතයක් උනත් තේහ්‍යුන්ග් ගැන ජන්කුක් එක්ක කතා කරන්න හොසොක් හිත හයිය කර ගත්තා. හොසොක්වත් තේහ්‍යුන්ග් ගැන බැලුවේ නැත්නම් වෙන තේහ්‍යුන්ග් ගැන බලන්න කෙනෙක් නෑ කියන්න හොසොක් හොදටම දන්න නිසා.
හොසොක් ජන්කුක්ගේ කැබින් එකට ගියේ තේහ්‍යුන්ග් ගැන කතා කරන්න වුනත් යුංගි ඉන්නවා දැකලා පසේ කතා කරන්නම් කියලා එන්න හැදුවත් ජන්කුක් හොසොක්ව නතර කරා.
Jk - දැන් කියන්න හොසොක්. යුංගි හිටියට කමක් නෑ. යුංගි මගේ නොදන්න දෙයක් නෑ.
හොසොක් යුංගි දිහා බලලා එයාගේ සුපුරුදු මල් හිනාව දැම්මා.
Hs - මේකයි සර් මට කතා කරන්න ඕනේකම තිබ්බේ තේහ්‍යුන්ග් ගැන.
Jk - මම හිතුවා කවදාහරි හොසොක් මාත් එක්ක ඒ ගැන කතා කරන්න එයි කියලා.
ජන්කුක්ගේ ගොරෝසු ගාම්භීර කටහඬට හොසොක් වෙව්ලුවත් තේහ්‍යුන්ග් වෙනුවෙන් හොසොක් හිත හයිය කරන් ඉන්න උත්සාහ කලා.
Yn - එයාට කතාව කියන්න ජන්කුක්. අපිට එයාව විශ්වාස කරන්න පුළුවන්.
යුංගි හොසොක්ගේ ඇස් දිහා බලන් කතා කරනකොට හොසොක් දියවෙලා නොගිය ටික විතරයි. යුංගි හිතේ මේ වෙනකොට හොසොක් ගැන යම් පැහැදිමක් ඇතිවෙලා තිබුනා. හොසොක් ගැන හොයපු තොරතුරු වලින් පවා පැහැදිලි උනා හොසොක් කියන්නේ නරක කෙනෙක් නොවන විත්තිය.
හොසොක්ට සෝෆා එකෙන් වාඩි වෙන්න කියලා අතින් පෙන්නපු ජන්කුක් එයාගේ මේසේ තියන තේවුන්ගේ photo එක සහ ජන්කුක්ගේ phone එක අරන් හොසොක් ලඟින් කකුලක් පිට කකුලක් දාන ගමන් වාඩි උනා.
Jk - මේ ඉන්න කෙනා අදුනනවාද?
ජන්කුක් දික් කරපු photo එක අතට ගත්ත හොසොක් ඇස් ලොකු කරලා බැලුවා.
Hs - ඔව්. මේ ඉන්නේ තේහ්‍යුන්ග් නේ. හැබැයි ඇඳුම් නම් පොඩ්ඩක් වෙනස්. ටිකක් පරන style එකක් වගේ.
Jk -ඔය ඉන්නේ තේහ්‍යුන්ග් නෙමෙයි කියලා මම කිව්වෙත්?
හොසොක්ට හිනාවක් ආවා.
Hs - මම විශ්වාස කරන්නේ නෑ. මේ ඉන්නේ තේහ්‍යුන්ග්.
Jk - good...
YOU ARE READING
My love is following you (Taekook)
FanfictionLisa - කවුද අර ඔයා අලුතින් පාවිච්චි කරන්න අරන් තියෙන කොල්ලා ජන්කුක්? ලීසා දන්නවා ජන්කුක් දවස ගානේ එක එක උන්ව පාවිච්චි කරනවා කියලා වගේම එක ලීසාට නවත්වන්න බෑ කියලා. ඒත් මේ කොල්ලා එක්ක තියන සම්බන්දේ වෙනස් කියන්නත් ලීසාට හොදට තේරෙනවා. ජන්කුක් හිමින් නැග...