එක_දවසක_අපි
අවසන්_කොටස
මෘදු විද්‍යා ප්‍රබන්ධය.===================================
අම්මා වික්ටර් පවුලේ යානය තුළ කොටුවී සිටියේ හදිසියේම උල්කා වර්ශාවක් ඇදහැලෙන්නට පටන් ගෙන තිබූ බැවිනි. ඕර්බිට් යානා අධි ආරක්ෂිත මට්ටමට ගෙන ඒමට ඔවුන්ට සිදුවී තිබුනි. එවිට යානා සම්පූර්ණයෙන්ම උල්කා කැබලි වලට ඔරොත්තු දෙන පරිදි ශක්තිමත් වැස්මකින් ආවරණය වන අතර යානය රඳවා තිබෙන කක්ෂය වෙනස් නොවීම පිණිස සරල එංජින් ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි.
වේගයෙන් පෘථිවියේ වායු ගෝලය තුලට ඇද වැටෙන උල්කා කැබලි විටින් විට යානයේ ගැටුනේය. තම අසල් වැසියන් සමග නයිජල් ගැන කතා බහ කරමින් සිටි ලීසාට දැනුනේ විශාල දුකකි. ඇය නිරන්තරයෙන්ම ඇගේ පවුල ගැන වද වූවාය. මේ මොහොතේදී ඔවුන් කුමක් කරන්නේදැයි දැනගත නොහැකිව ලතැවුනාය. යානය තුළ දැල්වී තිබුනේ රතු පැහැති කුඩා විදුලි ආලෝකයක් පමණක් නිසා ඈ හඬන බව වික්ටර් වරුන්ට දැනගැනීමට හැකි වූවේ නැත. හදිසියේම ලීසාට දැනුනේ තමා ඇඳ සිටින ගගනගාමී ඇඳුමේ සාක්කුවක් බරව ඇති බවයි.
ඇය සාක්කුව තුලට තම අත රුවා එය පිටතට ඇද ගත්තාය. එය රෝලක් මෙන් ඔතා තිබූ බරැති වස්තුවක් විය. අම්මා එය දිග හරින්නට වූවේ කුතුහලයෙනි. අද්භූත කොල්ලා නයිජල් ට කුමක් කියන්නට උත්සාහ කරනවාදැයි ඇයට දැනගැනීමට ඇවැසි විය.
බරකින් යුතු ග්‍රාහක කැබැල්ලක් වටා ඔතා තිබුනේ ලෝහ වලින් සැකසූ බරැති තහඩු කැබැල්ලකි. අම්මා එය ඉවත් කලාය. එවිට ඇයට සැබවින්ම පණිවිඩය ලියූ විශාල රන් පත හමු විය.
එහි තිබුනේ එක්තරා ආකාරයක කැටයමකි.රතු ආලෝකය එහි ලියා තිබූ දෑ කියවා ගැනීමට ප්‍රමාණවත් වුවත් රූපය දැක ගැනීමට ප්‍රමාණවත් විය.
YOU ARE READING
එක දවසක අපි - BL - Short novel - Completed
Science Fiction" එක දවසක අපි අපගේ සිහිනයට පියඹා යමින් සිටින්නෙමු..."