" ඔයා මොකටද ආන්ටි එච්චර වේගෙන් හැන්ද යැව්වෙ...?"
" එච්චර වේගෙන් හැන්ද යැව්වෙ ඇයි කියලා අහන්නෙ ඇයි දැක්කෙ නැද්ද තමුන්ගෙ ප්‍රේමවන්තයා මට කියපු කතාව..."
" රශිල්‍ය තවම පොඩි මොනවා තේරෙනවාටද?"
" අපරාදේ ඔය ළමයාට තිබුනෙ අපේ එකාව දරුකමට හදාගන්න...බලන්නකො ආරද් මෙයාගෙ කතාව..."
ආසන දෙකේ බණ....?
ඒ මොකක්ද whotto මෙන්න මෙහෙ වරෙන් සවින්දිගෙයි අම්මාගෙයි බණ කතා අහන්න කියලා සැදැහැ සිතින් මම ඒ කටවල් දිහා බලන් උන්නා...හැන්දෙන් ගුටි කාපු යුගානයාට එලොව පොල් පෙනුනා වෙද්දි ගොරකයා ඒකාවත් අරගෙන කාමරේට ගියා....ගොරකයා නෙවෙයි අපි හැමෝමත් ගියා ඒත් අරූ අච්චර අමාරුවෙන් ඉද්දි අම්මායි සවින්දි එතනට ගිහිනුත් කලේ කච කච ගාපු එක වෙද්දි යුගානයා අපිව කාමරෙන් පැන්නුවා...ඌ උගෙ මල්ලිව විතරක් එතන තියාගත්තා.....
" නංගිත් වැරදී අම්මාත් වැරදී කලබලේනෙ.....පව් අන්තිමට ගුටි කන්න ඕනෙ එකා නෙවෙයි ගුටි කෑවේ අහක උන්න අපේ යුගාන්...."
කම්මුලට අත තියාගෙන මම විස්සෝප වුනා....ඇත්තනෙ අනේ....ගොරකයා අම්මාගෙන් ගුටි කන එකට දුක හිතුනා තමෛ ඒත් ඒකා ගුටි කන්න ගියෙ විහින්...
නැන්දම්මා ලේලී වලි අතරෙ මොන බූරුවාද අනේ බය නැතුව කියන්නෙ පරිප්පු නොකන්නෙ අම්මාගෙ පරිප්පු කන්න බැරි නිසා කියලා....ඇරත් මුගෙ ප්‍රෝඩාවනෙ....
අපේ ගොරෝ ගත්තෙම අම්මා මූව සූරපු පළිය.....පව් අන්තිමට ඒකෙන් උනේ මගෙ අහිංසකයා ගුටි කාපු එක...මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර ඇවිත් අම්මාගෙන් හැදි පාරවලුත් කෑවා..." පව් අනේ කොල්ලාගෙ නලල නිල් වුනා..."
" නිල් නොවී තියෙයිද ආන්ටි පොල් කටු හැන්දෙන් කෑවාම....පව් යුගාන්..."
" ඔය දරුවා මොකටද අපේ යුගාන් ගැන විස්සෝප වෙන්නෙ? ඒකට ආරද් ඉන්නවානේ....මේ ළමයො ඔය දරුවාට අර නාම්බව ගොනා කරන්න පුලුවන් වෙන්න ඇති ඒත් මේ අම්මාව තම්බන්න බෑ..."
හෙනාතල් ඕයි මෙව්වා.....
අම්මායි සැවැන්දරායි නැන්දම්මාටයි ලේලිටයි සාදාරණේ ඉස්ඨ කරනවා...