මන් දොර අරිද්දිම අපේ ගෙදරට කෙලින් තියෙන එහා පැත්තේ ගෙදර දොරත් අරුනා.__________________________________________
නංගී කෝ බලන්න හිතාගෙන දොර ඇරන් පහලට යන්න හැදුවට අද දවසට හතරවෙනි පාරටත් මගේ මූණට ආදි කියන ගෝතයාව මුලිච්චි උනා.හහ් දොරත් ඇරගෙන ඇහිබැමක් උස්සන් මන් දිහා බලන් ඉන්න කැත යකෝ. මන් ගිහින් උන්ගේ දොර ඇරියා වගේනේ මූ මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ. මමත් හොදවැයින් රවලා වැහුවා දොර මුළු ෆ්ලැට් එකම දෙදරලා යන්න.
පව් පල දෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නවද? දන්නේ නැත්තන් දැන ගන්න.
අපේ ෆ්ලැට් එකේම, අපේ තට්ටුවේම, අපේ ගෙදරට කෙලින්ම එහා පැත්තේ තියෙන ගෙදර මට පේන්නම බැරි උගුඩුවා ඉන්න එක. දවසට තුන් හතර පාරක් මන් ඒ නස්මුරුස් මූණ දකින එක." ඔය දොර කඩන්නද හදන්නේ උඹලගේ අප්පගේ ගෙවල් කියලා හිතුවද? "
අම්මා කෑ ගහනවා මට ඒකට මොනවත් කියන්නවත් සිහියක් නැහැ. ආදිට දෙහි කපන ගමන්නෙ ඉන්නේ.. හහ් ඔට්ටපාලුවා.
කොයි ලෝකේ ගියත් මූ එනවනේ. හොද වෙලවට ඌ මැත්ස් කරන්නේ. බයෝ එහෙම කළා නම් ඉස්කෝලේ තියෙන පැය හයට කටේ දැම්මා වගේ පේනවා ඕකව.නවත්තපන් සුද්දා උඹ මොකටද කොහෙවත් යන උන් ගැන මතක් කර කර ලේ පුච්ච ගන්නේ. හොද හුස්මක් ගන්න හුස්ම පිට කරන්න...
මන් එහෙම කර කර මගේ කාමරේට ආවා නාන්න යන්න කලින් ෆෝන් එක චාර්ජ් වෙන්න දාපු නිසා 65% චාර්ජ් වෙලා. ඇඳට පැනලා ෆෝන් එකත් චාර්ජර් එකෙන් ගලවලා අරන් වට්සැප් එක පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මා. තෙනුජයා මැසේජ් එකක් දාලා 6ට විතර ටවුම පැත්තට ගිහින් එමු කියලා. මූ නම් මල වාතයක් වෙලාවකට.
ඕකා හැම බ්‍රහස්පතින්දටම මාව එක්කන් යනවා උගේ පාතිමා බලන්න.
ක්ලාස් එක ලගට.
මන් නිකන් බ්‍රෝකර්කාරයෙක් වගේ.
තෙනුජයාට හොදවැයින් කියලා ෆෝන් එකත් පැත්තකට විසි කරලා බෙල් එක වැදුණු නිසා දොර අරින්න ගියා සාලෙට." ආ නංගී උඹ ආවද? "
" ඇයි අයියා හිතුවද මන් ඉස්කෝලේ පැලවෙන්න ගියා කියලා"
YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...