පියරු ලා වත සැරසූ
නව පන්නයට ගත සැරසූ
නෙක නෙක මිනිස් රූ...තිර ලා දොර කවුළු වැසූ
පවුරු අලුතින් සායම් කෙරූ
නිවෙස් මඟ දෙපස වූ...පියරු ලෑ වතට යට කර
වළදාපු අගහිඟ බොහොම
සැරසුණත් නව පන්නයට
පරණ අමනාප තව හිතෙහි බොහොම
දොර කවුළු තිර පැළැන්දූ මුත්
තිරය පිටුපස නොකී දෑ බොහොම
සායමින් ඔප දැමූවත් පවුරු
කඩතොලු ඒ අතරමැද බොහොමඇවිදින් අලුත් අවුරුද්දක්
තැනී ඇත අලුත් වටපිටාවක්
සැරිසරති හැමතැන ම
අලුත් ඇඳුම් ආයිත්තම්
ඇඟ පුරා ලා ගත්ත
අලුත් වූ මිනිසුන්!නැත!!
අලුත් යැයි කියාගත්
අලුත් බව මවාගත්
ගතෙහි ලූ ආයිත්තම් ගණනටම සරිලන්න
හිත් පුරා කහට රොඩු
පැළඳගත් මිනිසුන්!හිරු දෙවිඳු ඇවිදින්
මීන සිට මේෂ වෙත
දිගු චාරිකාවක් නිමා කර
අලුත් අවුරුදු රැගෙන!අපිදු සමරමු ඒ අලුත් අවුරුදු
පරණ අවුරුද්දේ හිටි තැන ම හිඳ
ලෝකයට පේන ටික පමණක් ඔප දමා
පැරණි ආත්මය ම පොදි බැඳගෙන??* * * *
මන් හරි ආසයි සමාජයේත් සංස්කෘතියේත් සැඟවුණු පැතිකඩවල් හොයාගෙන යන්න. ඉතින් මේ කියන්නෙත් ඒ විදිහට මට දකින්න ලැබුණු පැතිකඩක් ගැන. මේ තමයි අලුත් අවුරුද්දේ සැඟවුණු යථාර්ථය ගැන මගේ කියවීම.
ඔයාලට මේ ගැන හිතෙන්නෙ මොනවද කියලා කියාගෙන ම යමු නේද? :)
තවත් නිර්මාණයකින් ඉක්මනින් අපි හමුවෙමු.♡♡
♥shwe_min♥
YOU ARE READING
රැඩිකල් පන්හිඳ || 𝐏𝐎𝐄𝐓𝐑𝐘
PoetryA poetry collection of Love , LGBT+ , Social justice & Psychology... This is my 3rd poetry book in Wattpad. Hope you'll enjoy it! ☺❤ Start :- 14/04/2024