47 කොටස

594 111 17
                                    

"ඔහෑ....ඔහෑ...ඔහ්..ඔහෑ...."

"අඬන්නෙ ඇයි මගෙ රත්තරං....සූටි බණ්ඩියට බඩගිනිද....අපි කුක්කු බොමූ....කුක්කු ගේනව....මගෙ පුතාට කුක්කු ගේනවා..."

"මහත්තයා අනේ කුස්සියෙ පුතාගෙ කිරි එක ඇති ගේන්නකෝ...."

පුතා බේබි රූම් ඉන්න ඕනි කාලෙ ගෙවිලා ගියෙ එහෙ බලල මෙහෙ බලද්දි....පැටියව ගෙදර අරගෙන ආව දවසෙ දැනුන සතුට මෙච්චරයි කියන්න බෑ....සුද්දිගෙ කාමරේ කිසි දෙයක් වෙනස් කරන්න හිත නොදෙද්දි මහත්තයගෙයි මගෙයි කාමරේ සම්පූර්ණයෙන්ම පැටියට ගැලපෙන විදිහට වෙනස් කරා....අලුතෙන් පේන්ට් පවා කරලා ඒක දැන් සම්පූර්ණයෙන්ම පුතාගෙ....අපේ ඇඳ ගාවින්ම පුතාගෙ කොට් එක....බිත්තිය පුරාම පුංචි පැටවු ආස විදිහෙ වෝල් ආර්ට්....තව පුතාට සෙල්ලම් බඩු ඇඳුම්....මම පහුගිය ටිකේම හොස්පිට්ල් දුවද්දි ඔය හැමදේම ලෑස්ති කරේ මහත්තයා....

පුතා එක්ක ආවා වගේ නෙවෙයි එයා බලාගන්න එක ලොකු වගකීමක්....නරකම දේ මට කිසි දෙයක් ගැන තේරුමක් නැති එක....අඩුම වඩාගන්නවත් මම දැනගෙන හිටියෙ නෑ....මිඩ්වයිෆ් ඇවිත් හැමදේම එකින් එක කියල දුන්නා...පුලුවන් නම් ගෑනු කෙනෙක්ට කතා කරන්න කීව.....ඒ උනාට අපි කොහෙන් ගෑනු හොයන්නද....

සුද්දියේ උඹ හිටියනම් කියල මට හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි....

ඉපදිලා මාස දෙකක් උනත් පුතා තවම අලුත උපන් දරුවෙක් වගේ පුංචියි....මට එයාව දකිනකොට මතක් වෙන්නෙ සුද්දිගෙ පුංචි කාලෙ....කොල්ලට තියෙන්නෙත් සුද්දිගෙ මූණුවර....ඒ පාට....අම්මගෙම කොපියක් මේ කොල්ලා....

දෙයියන්ගෙ පිහිටෙන් බේබි රූම් හිටිය කාලෙ එයාට කිසි ප්‍රශ්නයක් උනේ නෑ....ටිකෙන් ටික පුතා නිරෝගීව වැඩුණා...බර වැඩිවුණා සාමාන්‍ය දරුවෙක් ගානට....සේරම ඩොක්ටර්ස්ලගෙ මෙච්චරයි කියන්න බැරි කැපවීම හින්දා තමයි....මගෙ දරුවා විතරක් නෙවෙයි බේබි රූම් ඉන්න හැම දරුවෙක් ගැනම ඩොක්ටර්ස්ලා දරන්නෙ එසේ මෙසේ වගකීමක් නෙවෙයි....

ගෙදර එක්ක ආවට අවම මාස හයක්වත් පිරෙනකල් පුතාව හොඳටම අවදානෙන් බලාගන්න ඕනි කිව්වා....සංකූලතා එනවද හුස්ම ගන්න අමාරු වෙනවද....ඒ හැමදේම බලන්න ඕනි....අසනීප වෙන්න විෂබීජ නොයන්න පරිස්සම් කරන්න ඕනි....පුතාට අම්මගෙන් ලැබෙන්න ඕනි උණුහුම දෙන්න ඕනි....ඒක ලේසි නෑ.....මිඩ්වයිෆ් කියල දුන්නු විදිහට කමිසෙයි පපුවයි අතරෙ දරුවව තියාගෙනයි ඒ උණුහුම දෙන්නෙ....පිරිමියෙක් විදිහට මට මේක හරියට කරන්න බෑ....අම්මගෙ පියයුරයි හැට්ටෙයි අතරෙලු දරුවව රඳවන්නෙ...මට කොහෙන්ද ඒවා....ඒ උනත් මට පුලුවන් විදිහට මම පුතාට ඒ උණුහුම දෙනවා....කමිස මට තිබ්බෙත් නැති කොට මහත්තයාගෙ කමිස දෙක තුනක් මම ඉස්සුවා....ඒවා මම වගේ දෙකක් විතර හින්දා හොඳට ඉඩත් තියේනෙ....

සියපත්Hikayelerin yaşadığı yer. Şimdi keşfedin