දියඹ බලා

1.9K 202 243
                                    


තොවිලයේ සියලු වැඩ අවසන්කර සියදෝරිස් ගුරුන්නාන්සෙගෙ නිවසෙන් බෙලිමල් වතුර බී උදේට බත් කෑ රනා හා එරික් නැවතත් ඔවුන්ගෙ පැල වෙත ආවෙ මද්දහනට ආසන්න වෙද්දියි......

"රනා....!! ඇයි උඹ මගෙ කෙස් කපල අර පිල්ලියට දුන්නෙ.....??? "

"උඹේ ජීවිතේ බේරගන්න එක වෙනුවෙන් ජීවිත ගාණක් බිලි ගත්ත උඹේ අප්පච්චිගෙ ජීවිතේ මට  බිල්ලට දෙන්න උනා සුද්දො මට සමාව දීපන් ඒකට.......!!! "

"අපරාධකාරයන්ට කවදහරි දඬුවම් ලැබෙන්න ඕනෙ රනා....!!! ඒ ගැන හිතන්න එපා...!!!  උඹ මගෙ අප්පච්චි එක්ක කොච්චර කේන්තියෙන් හිටියත් කවදාවත් ඒ මනුස්සයට උඹ අහිතක් කරන්න හිතුවෙනෑ....!!! උඹේ පණ දෙවැනි කරල අනික් මිනිස්සු රැකපු එකයි හැම වෙලාවෙම උඹ කරේ....!! දැන් අපි දෙන්න ගිහිල්ලා හොඳට නිදාගමු මගෙ කුලප්පුවො...!!! ගොඩක් නිදිමතයි මට .......!!! "

එසේ කියා රනාව බදාගෙන රනාගෙ පපුවෙ මවිල් අස්සෙ මූණ ඔබාගත් එරික් ඒ ‍රළු පපුව කීපවාරයක් ඉඹ පැලට නැග්ගේය........

"ර.... රනා...!!! රනා...!!!  මේ බලහන්කො ඒ.... මේ.... මුතු මැණික් පුරෝපු රත්තරං තලියක්....!! මේක කොහොමද මෙතනට ආවෙ රනා.......???? "

පැල මැද්දෙ බිම ඇති රන් තලියෙ තිබූ මුතු මැණික් පරිස්සමෙන් අතට ගනිමින් ඇස් නළලෙ තියන් එරික් ‍රනාගෙන් එසේ අසන්නට විය.......!!!

"ඕක තමයි රත්නවල්ලිගෙ රන්තලිය සුද්දො.....!!!  මින් මනත ආයෙමත් ඔය රන්තලිය හන්දා මිනිස්සු රන්තලිය වැවට බිලිවෙන එකක් නෑ....!!! සුද්දලගෙ පරම්පරාවට රත්නවල්ලි කොරාපු සාපෙ අදින් අහවරයි....!!!!
දැන් ඉතිං මගෙ සුද්දට කැමතිනං වළව්වෙ මණිකෙ කෙනෙක් කරකාරෙට....!!!! "

රනා බිම බලාගෙන දුකින් කියන්න හැදූදේ එරික් රනාගෙ තොල් ඔහුගෙ තොල්වලින් තදින් අල්ලාගෙන උරමින් නැවත්තුවේය.........

"මගෙ මහත්තය මගෙ ඉස්සරහ ඉන්නැද්දි තවත් මට මොනවද
ඕනෙ..?? "

රනාගෙ ඇස්වලට එබෙමින් රනාගෙ බෙල්ල වටේ අත් පටලාගත් එරික් එසේ අසන්නට වූයේ මනමාල හිනාවක් පාමිනි.........

"මගෙ මහත්තයො එහෙනං මේ මාව අර ලොකු නැවක නග්ගල මේ ලෝකෙ බලන්න එක්කන් යනවද....??? අපිට දැන් ඇතිවෙන්න සල්ලි තියෙනව....!!!! "

රන්තලිය වලව්වWhere stories live. Discover now