Chapter 26

117 23 0
                                    

Continue

දැනට මාසයක් වෙනවා..කුක් ප්‍රෙග්නට් කියලා දැනගෙන හැමෝම ටේකුක් දෙදෙනා ගැන සතුටු වුනා.. ඒ වගේම ටේ නිවසේ සිට වැඩකරන්න පටන් ගත්තා මොකද ඔහුට ඔහුගේ බේබිලාව බලා ගන්න අවශ්‍ය නිසා. ඒ වගේම ඔහු මේ දවස් වල ඔහුගේ ලිට්ල්ව පාලනය කර ගන්න උත්සාහ කරනවා මොකද කුක් ප්‍රෙග්නට් ඒ නිසා එයාට ලිට්ල් ටේටේ ව බලා ගන්න අමාරුයි.. කුක් ගැන කිව්වොත් එයා මමා කෙනෙක් වෙන්න යන නිසා සතුටින් ඉන්නෙ.. නමුත් සමහර වෙලාවට ඔහු වද වෙනවා මොකද ඔහු දන්නවා ඔහුගේ හබී ස්ට්‍රෙස් වෙනවා නමුත් ඔහු ලිට්ල්ට ස්ලිප් වෙන්නේ නැතුව පාලනය කර ගන්නවා කියලා..

අප බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා..

කුක් ඔවුන් වෙනුවෙන් ඩිනර් එක සාදමින් සිටියා එවිට ඔහුට දැනුනා කාගෙදෝ දෑත් ඔහුගේ ඉණ වටා බැදෙනවා.. ඔහු දැන සිටියා ඒ ඔහුගේ හබී කියා.. ටේ සෙමින් ඔහුගේ අතක් කුක්ගේ ටී ෂර්ට් එක තුලට දැමුවා, දමා කුඩා බේබි බම්ප් එක සෙමින් පිරිමැද්දා.

"මොනවද මගෙ වයිෆ් හදන්නේ." ඔහු කුක්ගේ උරහිස මත ඔහුගේ නිකට තබමින් ඇසුවා..

"මොකුත් නෑ හබී ඔයාගෙ ආසම කෑම" කුක් පවසද්දීත් ටේ ඔහුව බදාගෙන සිටියා..

කුක් සාදා ඉවර කල පසු ඒ සියල්ලම මේසය මත තැබුවා, ඉන්පසු ටේකුක් දෙදෙනා අසුන් වල ඉදගෙන ඔවුන්ගේ ඩිනර් එක ගත්තා.

කුක් ඉදුල් භාජන සේදීමෙන් පසු ඔවුන්ගේ කාමරය වෙත ගියා, ඔහු දුටුවා ටේ ඇදේ හාන්සි වී ෆෝන් එක ඔබන ආකාරය , ඔහු ඔහුගේ හබී ලගට ගොස් ඔහුගේ දෑත් අස්සට රිංගුවා.. එවිට ටේ සිනාසී ෆෝන් එක එහායින් තබා ඔහුගේ වයිෆිව ආපිට බදා ගත්තා..

"ඔයාට මහන්සිද බූබා" ටේ අසද්දී කුක් නින්දත් නොනින්දත් අතර කෙදිරි ගෑවා.

"නිදා ගන්න බූබා මම ඔයාට මසාජ් එකක් දෙන්නම්" ටේ කුක්ගේ කුස සෙමින් අතගාද්දී ඔහු දැනෙන සනීපයට කෙදිරි ගාන්න පටන් ගත්තා, වැඩි වේලාවක් නොගොස්ම හබීගේ උණුසුම් දෑත් අතර ඔහු සුරතල් ලෙස ගොරවන්න පටන් ගත්තා..

ටේ ඔහුගේ හුරතල් බේබිට සිනාසී හිස මත හාදුවක් තැබුවා..

"ගුඩ් නයිට් බේබි, හොදට නිදා ගන්න, ලව් යූ" ටේ පවසා කුක්ව ඔහුගේ පපුවට ලං කරගෙන නිදා ගත්තා.

_______________________________

KimJeon Sooyun

Saranghae army ❤

Borahae 💜

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Where stories live. Discover now