22 කොටස
"ගඟනයා යමන් මේ ලබ්බේ ට්‍රිප් එක ඕන නැ. මෙතන එක තප්පරයක්වත් ඉන්න ඕනත් නැ යමන්. රහලා, රවියා බඩු ටික ගනින් පාරේ බස් එකක හරි යමන්. වාහන නැත්තන් පාරේ බුදියගමු. මේ වේසාවෝ එක්ක එක තප්පරයක් මගේ එකා තියන්නේ නැ."
මම ඔහේ බලා ඉන්න එක කරේ. මට ඇස් ඉස්සරහට මැවුනෙම ලශාන් අහස්ව කිස් කල එක. මගේ ඇස් වලින් එක පෙලට කදුලු බේරෙන්න ගත්තේ කිසිම නැවතිල්ලක් නැතුව. මම ඇඬුවා. ජිව්තේ දෙවෙනි වතාවටත් අපේ උන් ඉස්සරහා මම මි හරකෙක් වගේ අහස් නිසා ඇඩුවා. ඉකියක් ඇවිත් හුස්ම අල්ලන්න බැරිවෙනකන් ඇඩුවා.
"රහලා ඔය වතුර බෝතලේ ගනින්. ගඟන අනේ බං ඔය ඇති කෝ මේ වතුර ටික බිපන්. වදින්නන් බං මාව මිනිමරුවෙක් කරන්න එපා. "
අනුප මගේ පපුව හෙමිට අතගාන්න ගත්තා මට වතුර බෝතලේ දිලා. රහලා රවියා උන් දෙන්නත් හෙන අසරණ විදිහට මං දිහා බලන් හිටියා. මගේ උන් උනත් මම නිසා අසරණ උනා. අනුපයා දිපු වතුර බෝතලේ එක හුස්මට මම බිලා බිම හිටි තැනින් නැගිට්ටා. ඇස් දෙක හොදට පිහිදාලා මම කතාකරා.
"බොමු ද? ලොකුට කියමු.. "
"ගඟනයා මචං උඹයි අපියි කියන්නේ පිට උන් නෙවේ.අපි ඉස්සරහා රඟපාන්න හදන්න එපා. උඹට අපි කම්ෆටබල් නැත්තන් වැඩක් නැනේ. ඒ නිසා උඹ හිතේ තියෙන ඕන දෙයක් අපි එක්ක කියහන්. තනියෙන් විදවන්න එපා."
"රහලා එහෙම උඹලා ළඟ කියන්න බැරි දේවල් මට නැ. මම කරන්නේ වෙන දේට මුණ දෙනවා. මම දන්නවා.. මම.. ම...ම...අහස්ට පට්ටම ආදරෙයි. ඒක.. එක.. බං මම.. මම බං මහ දවසක් දැනන් ඉදන් උන එකක නෙවේ. මම අහස් දැක්ක පලවෙනි දවසේ ඉදන් දැනිච්ච දෙයක්. මම දන්නේ නැ බං ලශාන් මෙතනට කෝම ආවාද කියන්න. ඒත්.. අහස් තාමත් ලශාන්ට කැමතිනන්.. මම.. මම යන්න ඕන බං.. මම මට මං දන්නේ නේ බං මගේ පපුව ඇතුලෙන් මේ දැනෙන දේ අනුපයා මම අහස්ට පණ ඇරලා බං ඒත උඹ අහස එක්ක තරහා ගන්න එපා බං ඒ මගේ පණ ටික බං.. මම දන්නේ නැ..බං.."
YOU ARE READING
Angry Writer..
Romanceලියන එක එච්චරම ලේසි වැඩක් නෙවේ.. ආදරේ කරන එකත් ඒ තරම්ම ලේසි වැඩක් නෙවේ.. තනියෙන්ම ඉන්න එක හොඳයි කියලා හිතෙන එක තනියෙම ජිවත් වෙන එක හැමදේම එක තප්පර ගානකට වෙනස් කරන්න පුලුවන් කමක් උඹට තිබ්බා. ඇත්තටම උඹ පොඩි එකෙක්. ජිවිතේ කිසිම දෙයක බරක් ගන්නේ නැති. ඒත...