"ස්ප්‍රයීස්..!!"
මාව උඩ ගියා ...
සෙනසුරාදා ඉරිදා ගෙදර ඉදලා මම ස්කෝලේට ආව මාව ප්‍රින්සිපල් සර් හම්බේන්න ඕනේ කිව්ව නිසා ඒ පස්සෙන් යනකොට අද ඔෆිස් එකට නෙවේ යන්නෙ වෙන තැනකට කියලා මාව එක්කරගෙන ගියෙ අර වැස්සට මාව එක්කරගෙන ගියපු පරන ක්ලාස් රූම් එකට ..
"දුරුතු !! දෙයියනේ මම බය වුණා කොල්ලො !!" මම පපුවටත් අත තියාගෙන කියනකොට අනිත් කට්ටිය හිනා වුණා ..
පන්තියෙන් එලියෙ වෙන පන්ති වල A B ගහලා තියෙන තැන මේ පන්තියේ පොලිශ් කරපු ලස්සන ලී ප්‍රේම් එකක් අස්සෙ mr.magadhi කියලා ගහලා තිබුනා ..
"ලොකු සර් " මන් බෙල්ල හරවලා සර් දිහා බැලුවා ..
"ඔන්න අද ඉදලා සර්ටම කියලා පන්තියක් තියෙනවා .. කොල්ලනේ සර්ව ඇතුලට එක්කගෙන ගියා නම් "
එදා හැඩි වෙලා තැන් තැන් වල කැඩුන පුටු මේස දාලා තිබුන පන්තිය අද මාර ලස්සනට පිලිවෙලට හදලා ..
ගුරු මේසයක් පන්තියෙ එක කෙරවලක ලස්සනට කොටු කොටු මේස රෙද්දක් දාලා .
පන්තියෙ ලමයින්ගෙ ඉදගන්න මේස 15 ක් විතර curve එකක් විදිහට පෝලින් දෙකක් විදිහට හදලා
මැද කලු ලෑල්ල මට රෝද පුටුවෙ ඉදගෙන ලියන්න පුලුවන් තරමට පහල් කරලා ..
කලු ලෑල්ල පහල උනත් curve එකක් විදිහට ඉන්න නිසා හැමෝටම ලියන දේවල් පේනවා මම හිතන්නෙ ..
අලුතෙන් තීන්තත් ගාලද කොහෙද තීන්ත සුවදයි ..
"සර් කැමති ද "
ලොකු සර් අහනකොට මන් සර් දිහා අමාරුවෙන් හිනාවක් අරගෙන බැලුවා ..
මට ඇඩෙන්න එනවා .. ඒත් කොච්චර අඩන්න ඕන උනත් අනිත් මිනිස්සු ඉස්සරහදි කදුල නොවට්ටන්න මම පරිස්සම් උනා ..පරිස්සම් උනා කියනවටත් වඩා උත්සහා කරා කිව්වා නම් හරි ..
" මට කියන්න වචන නෑ සර් "
" පුතාට කියන්න ..මේ දරුවො මෙහෙම දෙයක් කරමුයි කියනකන් මට මතක් උනේම නෑනේ " මම දහතුන වසරෙ සෙට් එක දිහා වට හිනාවක් දැම්මා .
YOU ARE READING
ELORA
Non-Fictionමගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."