වැල්ලේ කුමරු - 6

179 26 12
                                    


එදා යදීශ අයියා ඇසූ ප්‍රශ්නයට උත්තරයක් නැතුවම තවත් සති දෙකක්ම ගෙවී ගියේය. එය නව වසරේ ජනවාරි මාසයේ දෙවෙනි සතියේ බ්‍රහස්පතින්දාවයි.

ප්‍රශ්නයට උත්තරයක් නැතිවම කාලය ගෙවී ගියත් ප්‍රශ්නයට උත්තරයක් දුන් බවද එය " හා " බවද යදීශ අයියා විශ්වාස කරන බවක් පෙනී යන්නට වූයේ ආයේ පාරක් ඔහු බයික් එකේම බෝඩිම වටේත් කැම්පස් එක වටේත් කරක් ගහන නිසාය.

කැම්පස් එකේ ගේට්ටුව ළගට හැරුණාම කැම්පස් එකක් ඇතුලට ජීවිතයට අඩියක් තියලා නැති යදීශ අයියාත් දැන් civil engineering සිසුවෙක් සේ Assignment, කාල සටහන් සහ ආචාර්ය වරුන් ගැන සියලු දේම දන්නේය. ඔහුත් දැන් දීලීකගේ වචන අනුගමනය කරමින් ප්‍රොෆෙසර් ප්‍රනාන්දු හදුන්වන්නේ පුකනාන්දු කියලාය.

ගිය සතියේ දවසක ලොකු අක්කාගෙ ගෙදර තිබුන ලොකු අක්කාගෙ දුවගේ උපන්දින සාදයට රාත්‍රියේ නිමේශ්වත් එක්කන් යන්න සැලසුම් කර තිබුනත් මහ රෑ හදිසියේම ප්‍රොෆෙසර් ප්‍රනාන්දු online දේශනයක් දැමීම මීට හේතුවයි.

Mid semester break එක අවසන් කියන්නේ මෙය සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද යුධ සමයයි. සිසුන් ඔක්කොටම තේරෙන විදිහට පීඩනයක් නැතිව අහන් ඉන්න පුලුවන් විදිහට ඉගැන්නුවා නම් ඒ සදහා අවුරුද්දක්වත් ගත වෙන අති විශාල සිලබස් එක මාස කීපයකින් සිසුන්ගේ මොළයට ඔබන්න ආචාර්යවරුන් නොකරන දෙයක් නැත.

ඒ අස්සේ ප්‍රොෆෙසර් ප්‍රනාන්දු මෙන් තම අදක්ෂකම වසා ගන්නට දත කන, ඔහුගේ මොඩියුල පමණක් ළමුන්ට මේ සෙමෙස්ටරයට ඇත්තේ කියා සිතන ආචාර්යවරුන් ඔවුනට නියමිත දේශන කාලයට අමතරව සිසුන්ගේ කාලසටහනේ හිස් වන සෑම පැයක්ම ඔවුන් සදහා ගන්නෝය. එහෙමත් අරගෙන උදේ 8 ඉදලා හවස 6 වෙනකන්ම එකදිගට සිසුන්ගේ කාලසටහන පිරී යාම නිසා දැන් ප්‍රොෆෙසර් ප්‍රනාන්දු රාත්‍රි 8ත් දේශන පවත්වන්නේය.

ඊයේත් නිමේශ් දවස පටන් ගත්තේ වඩයක් කා ප්ලේන්ටී එකක් බීය. උදේ 8 සිට 11 වෙනතුරුම designing assignment එකක් තිබුනද සිවිල් ඉංජිනේරුවරුන්ගෙ බැච් එකේ ලමුන් සීයටම එයින් බාගයක් වත් අවසන් කර ගන්නට බැරි විය. ඉතින් එය භාරව සිටි ආචාර්යතුමාට තමා නිර්මාණය කල තිබුනේ පැය තුනකින් අවසන් කරන්න පුළුවන් එසයිමන්ට් එකක් නොවෙන බව පිලිගන්න වුනා වගේම ඕනේ තරම් වෙලාව අරගෙන එසයිමන්ට් එක අවසන් කරලාම යන්නට කියන්නට සිදුවිය.

වැල්ලෙ කුමරුWhere stories live. Discover now