දඬු මොණරු 40

596 96 24
                                    

සොයා යන්නේ එළිය අදුරක....
කියාදෙන්නේ රහස දිවියක...
සිනාසෙන්නේ සොවින් සිත යට
නොයා ඉන්නෙ නුඹව අතහැර...
රත්තරනේ නුඹ මගේ පණ නිසා....
සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා....

යශ් අයියගෙ නිරුවත් පපුව උඩට වෙලා නිදා ගත්තම මට හැම දෙයක්ම අමතක වෙනවා. එයා මහා පව්රක් වගේ මාව ආරක්ෂා කරන්නේ. මගේ හිත ප්‍රාර්ථනා කරාට වඩා, බලාපොරොත්තු උනාට වඩා ලොකු ආදරයක්,රැකවරණයක් මට එයාගෙන් ලැබෙන්නේ.

කව්ද හිතුවෙ අර මූණ වත් පෙන්නුවේ නැති අහංකාර, නපුරු කුමාරයා මට මේ තරම් ආදරේ කරයි කියල. මගේ කොණ්ඩ කුරුල්ලා, කොච්චර නපුරු උනත් ඒ හිතේ මහ ලොකු ආදරයක් දරාගෙන ඉන්නෙ.....

"මගෙ මැණික"

"ඇයි අයියෙ"

"මං ලඟම ඉන්නවා,කොහේවත් යන්නෙ නෑ. බය නැතුව හොඳට නිදා ගන්න"

"මේ පපුවට තුරුල් වෙලා ඉද්දී මට කිසිම බයක් දැනෙන්නේ නෑ අයියෙ. සැනසීමෙන් නිදා ගන්න පුළුවන්"

"එහෙනම් නිදා ගමු"

එයා මගේ නළලට හාද්දක් දීලා මාව තවත් තද කරල බදා ගත්තා. පැය බාගයක් විතර යනකම් අපේ හුස්ම ගන්න සද්දෙ විතරයි ඇහුනේ......

"මැණික..... නිදිද"

"නෑ අයියෙ"

"ඇත්තටම මේක හීනයක් නෙවෙයි නේද බං.උබ ඇත්තටම මගේ ළඟ ඉන්නව නේද"

"මං ඇත්තටම ඉන්නවා අයියෙ. ඔයා මාව බේර ගත්තා. ඔයා ඉන්නකන් මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ අයියෙ"

"ආයෙත් නම් කිසිම එකෙක්ගෙ ඇස් බැල්මක් වැරදි විදියට උබට වැදෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා මැණික. උබට මොකක් හරි උනොත්..... නෑ නෑ මගේ පණට කිසිම දෙයක් වෙන්නේ නෑ, වෙන්න දෙන්නෙත් නෑ"

යශ් අයියා තාමත් ඉන්නෙ අර පීඩනෙන්. අද සමහර විට අපි දෙන්නටම නින්දක් නම් නැති වෙයි.මගෙත් හිතේ ප්‍රශ්න ගොඩයි, ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ.

මගේ අතත් ටිකෙන් ටික ඇදුම් කන්න ගත්තා. හෙට වෙද්දි වැඩි වෙයිද දන්නෙ නෑ. එහෙම උනොත් ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් දාගෙන එන්න ඕන.......

දඬු මොණරු Dove le storie prendono vita. Scoprilo ora